IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැලේසියා රැකියා ජාවාරමට කතක් මාට්ටු

(යොහාන් භාසුර)

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් නව දෙනෙකුගෙන් රුපියල් 5,015,000ක මුදලක් ලබාගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.

සංචාරක වීසා මගින් මැලේසියාවය පිටත්ව යෑමට උත්සහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපලේදී පසුගියදා නතර කරගත් පිරිසගෙන් අනාවරණය කරගත් තොරතුරුවලින් මෙම කාන්තාව ජාවාරමට සම්බන්ධ බවට හදුන්ගත් බවත්  විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මඟ හරිමින් සිටි අදාල කාන්තාව පසුව පැමිණ භාරවූ බවත් එම කාර්යංශය කීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් විදේශ ගත කිරීමට උත්සාහ කළ නවදෙනා වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඇයට විරුද්ධව නඩු ගොනු කීරිමට  විමර්ශන අංශය කටයුතු කරන බවත්  ඒ අනුව ඉදිරියේදී අනෙක් පුද්ගලයින් 8 දෙනා වෙනුවෙන් තවත් නඩු 8 ක් ගොනු කීරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

මැලේසියා රැකියා ජාවාරමට කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site