IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ගිනිගනී

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතාට පවරා තිබුණු කටයුතු වෙනත් නිලධාරියෙකුට පැවරීම හේතුවෙන් ඒ මහතා දැඩි විරෝධය පළ කිරීම නිසා මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම උණුසුම්කාරී තත්ත්වයක් හමුවේ අවසන් වූ බව වාර්තා වේ.
මේ අතර ක‍්‍රීඩා අමාත්‍යාංශය කැඳවූ ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්ගේ රැුස්වීමට මලල ක‍්‍රීඩා සංගමයේ කිසිදු තනතුරක් නොදරන හමුදා නිලධාරියෙකු සහභාගි කරවීම සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න කිරීම නිසා පසුගිය සිකුරාදා (8) පැවැති මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම තවත් උණුසුම් වීමට හේතු වූ බව දැනගන්නට තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් කැඳවන ලද රැස්වීමට සහභාගි වී ඇත්තේ මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන මේජර් මංජුල චන්ද්‍රසේකර මහතාය.
උණුසුම් මුහුණුවරක් ගත් රැස්වීම අතරමග දයා රත්නායක මහතා සභාවෙන් පිටවීයාමත් සමග න්‍යාය පත‍්‍රයේ එදිනට යොදාගත් කරුණු කිහිපයක්ම සාකච්ඡා කිරීම අත්හිටුවීමට සිදුව තිබේ.
උප සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතාට බාරවූ කටයුතු පිළිබඳව සොයාබැලීමට පැවරී තිබුණේ මලල ක‍්‍රීඩා දත්ත සටහන්කරු ලෙස කටයුතු කරන ජී.ජී.යූ. සමන් කුමාර මහතාටය.
මලල ක‍්‍රීඩා සංගමයේ පුහුණු කටයුතු විද්‍යාත්මක පර්යේෂණ හා ප‍්‍රවර්ධන කමිටුවේ සභාපතිවරයාය. සමන් කුමාර මහතාට මෙම කටයුතු බාරවී ඇත්තේ ජයවීර මහතා කලකිරීම හේතුවන් පසුගිය කාලයේදී මලල ක‍්‍රීඩා සංගමයේ රැස්වීම්වලට සහභාගි නොවීම බවද පැවසේ.
ජයවිර මහතාගේ විරෝධයට පිළිතුරු දෙමින් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා පවසා ඇත්තේ ඔහු දිගින් දිගටම රැස්වීම්වලට සහභාගි නොවීම නිසා එම කටයුතු වෙනත් නිලධාරියෙකුට පැවරීමට තමාට සිදුවූ බවය. 
කෙසේ වුවත් ඊට ප‍්‍රතිපිළිතුරු දෙමින් ජයවීර මහතා දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
ජාතික මලල ක‍්‍රීඩා සංචිතයේ යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්ව සඳහා ක‍්‍රීඩකයන් ඇතුළත් නොවීම ගැන කොළඹ දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමයේ නියෝජිත මාධව බණ්ඩාර මහතා කළ ප‍්‍රශ්න කිරීම් නිසා මධ්‍යම කමිටු රැස්වීම තව තවත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
යගුලිය විසි කිරීමේ ක‍්‍රීඩකයෙකු ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟාවන තෙක් ජාතික සංචිතයට ඇතුළත් නොකිරීම සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟාවීමට අවම වශයෙන් ප‍්‍රසාද ලකුණු 1000ක් ඉක්මවා ගත යුතු බවට එහිදී නියම කෙරී තිබෙන අතර එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවේ එම ඉසව්වෙන් ඉහළම දක්ෂතා පෙන්වන ක‍්‍රීඩකයා ලබාගෙන ඇත්තේ ලකුණු 600ක් පමණක් බවත් එහිදී සාකච්ඡා කෙරී තිබේ.
කෙසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ උපසභාපති එම්.ඩබ්. නිමල්සිරි, මාතලේ දිස්ත‍්‍රික් සභාපති කිරාන් අතපත්තු, කෑගල්ල දිස්ත‍්‍රික් සංගම් නියෝජිත පේ‍්‍රමා පින්නවල, ට‍්‍රැක් මාස්ටර්ස් ක‍්‍රීඩා සමාජයේ නියෝජිත භානු ගුණවර්ධන මිය හා දත්ත සටහන්කරු සමන් කුමාර යන මහත්වරු එහිදී පක්ෂ විපක්ෂව අදහස් දක්වා තිබේ.



අදහස් (0)

මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ගිනිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site