IMG-LOGO

මලල කී‍්‍රඩා සංගමය පොට පටලවා ගනී

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් ලබන සෙනසුරාදා (26) කැඳවීමට එහි විධායක සභාව ගෙන තිබෙන තීරණය මතභේදයට තුඩුදී ඇතැයි වාර්තා වේ. නාවික හමුදා මූලස්ථානයේදී එදින පෙරවරු 10 ට කැඳවා තිබෙන විශේෂ මහ සභා රැස්වීමේදී ලබන ජූනි 9 වැනිදා කොළඹදී ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු ඇතුළුව සංගමයේ පරිපාලන තීරණ පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද වාර්තා වේ. මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවිය හැක්කේ එහි මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් පමණක් බවත් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ බලයක් විධායක සභාවට නොමැති හෙයින් මෙම විශේෂ මහ සභා රැස්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් පසුගිය සිකුරාදා (18) පැවැති විධායක සභා රැස්වීමේදී නිලධාරීන් කීපදෙනකු විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනය පත්වී තවමත් දින කීපයක් පමණක් ගෙවී ඇති බැවින් මෙතෙක් මධ්‍යම කාරක සභාව පත්කර නැත. කෙසේ වෙතත් දිස්ත‍්‍රික් සංගම් තුනක් එක්ව විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන ලෙස සංගමයෙන් ඉල්ලීමක් කළ හැකි බැවින් ඒ අනුව කටයුතු කර මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවීමට ක‍්‍රියා කරන බවත් වාර්තා වේ. එහෙත් ඒ සඳහා ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව වාර්තා වේ.



අදහස් (0)

මලල කී‍්‍රඩා සංගමය පොට පටලවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2087 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 647 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site