IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවට අලූත් මුහුණු

ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ලාල් චන්ද්‍රකුමාර මහතා පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිර්දේශය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ඊයේ (14) ඉදිරිපත් කළ බව ද වාර්තා වේ. ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකාදීප’’ යට කළ විමසුමක දී පැවසුවේ කෝසල සහබන්දු මහතා එම ධුරය බාර නොගන්නේ නම් මලල ක‍්‍රීඩා සංගමය කමිටු සභාපතිවරයාට අලූතෙන් නිර්දේශ කළ අයට තමාගේ අනුමැතිය ලබා දීමට ඊයේම කටයුතු කළ බවය. ”මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ ප‍්‍රවෘත්ති ගැන මා අවධානය යොමු කර කෝසළ සහබන්දු මහතා තනතුර බාර නොගන්නේ නම් ඔහු ඉවත් කරල ඒ තැනට සංගමය නිර්දේශ කළ අය පත් කරන්න මම උපදෙස් දුන්නා,” යයි ද ඇමැතිවරයා පැවසීය. ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධුරයට යෝජනා වී තිබෙන චන්ද්‍රකුමාර මහතා මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරියෙකි. ඔහු අන්තර්ජතික මලල ක‍්‍රීඩා සංගමයේ අදියර ෂෂ කථිකාචාර්යවරයකු වන අතර මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරීන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයා ද වේ. මේ අතර මලල ක‍්‍රීඩා සංගමය කලින් නිර්දේශ කළ තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස ඒ. පේ‍්‍රමචන්ද්‍ර, සුමිත් දල්පදාදු, ෆයිස් ඉස්මයිල් හා ධම්මිකා මැණිකේ යන මහත්ම මහත්මීන් ඇතුළත් වන අතර අලූතින් ජී.ජී.යූ. සමන් කුමාර මහතා ද තේරුම් කමිටු සාමාජික තනතුරකට යෝජනා වී තිබේ. මලල ක‍්‍රීඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ක‍්‍රීඩා ඇමැතිවරයාගේ නිර්දේශය සඳහා සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් සංශෝධිත නාම ලේඛනයක් ක‍්‍රීඩා ඇමැතිවරයාට මේ වන විට යොමු කර තිබේ.



අදහස් (0)

මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවට අලූත් මුහුණු

අජිත් Thursday, 15 November 2012 04:45 PM

මුහුණු විතරක් අලුත් වෙලා වැඩක් නැහැ. වැඩත් අලුත් විය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site