IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුල්ලේරියාව - අහුන්ගල්ල සැබෑ වෙඩික්කරු මාට්ටු

 

(යොහාන් භාසුර)

මුල්ලේරියාව සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලදී පුද්ගලයන් ඉලක්කමින් පසුගිය කාලයේ වාර්තා වූ වෙඩි තැබීම් සිද්ධිවල සැබෑ වෙඩික්කරුවන් යැයි කියන සැකකරුවන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හදුනාගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම සිද්ධිවල වෙඩික්කරුවන් යැයි පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයේ සිටියදී මියගියේ එම වෙඩි තැබීම් සිදුකළ සැබෑ අපරාධකරුවන් නොවන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇතැයි දැනගන්නට තිබේ.

අහුන්ගල්ල නගරයේදී ත්‍රීරෝද රථ රියදුරකුට වෙඩි තැබුවේ යැයි කියන ‘දන්කුඩ්ඩා’ නැමති සැකකරු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය  හෝකන්දර සිංහපුර ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධියේ වෙඩික්කරු යැයි පවසූ පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩිපහරින් මරණයට පත්වූ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මහේෂ් ඉන්දික ප්‍රභාත් නැමැත්තා එම සිද්ධියේදී කාර් රථය පැදවූ තැනැත්තා බවත් පොලිසිය කීය.+

අහුන්ගල්ල වෙඩි තැබීම, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතනය සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදුකළ වෙඩි තැබීම ‘පොඩි පැටියා’ නැමති පුද්ගගලයා කොන්ත්‍රාත්තු මත කළ ඒවා බවට ආනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් ඝාතනයේ වෙඩික්කරු යැයි පවසමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගැනීමෙන් පසු තුවාන් සිරාෂ් නැමැත්තා එම අපරාධයට කළේ යැයි කියන ගිනි අවිය පෙන්වීමට ගොස් ගල්වලකින් ඇද වැටීමිය ගිය බවත් එම සිද්ධියේදී ‘සුනාමියා’ නැමති පුද්ගලයා යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇති අතර ‘පොඩි පැටියා’ නැමැත්තා වෙඩි තැබීම කර ඇති බවත් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හෙළි කරගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

මුල්ලේරියාව - අහුන්ගල්ල සැබෑ වෙඩික්කරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site