IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාලඹේ සිසුන්ගෙන් ජවිපෙට සංදේශයක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙස සිසු පිරිසක් බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානය වෙත අද (18) පැමිණ සංදේශයක් භාර දුන්හ.

මෙම අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් එම සිසුන් සුහදව පිළිගෙන කරුණු විමසා ඔවුන්ගේ අදහස්වලට සවන් දුන් අතර එහි දී ටිල්වින් සිල්වා මහතා පැවසුවේ තම පක්‍ෂය කටයුතු කරන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බවයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සම කැඳවුම්කරු ප‍්‍රගීත් විමලචන්ද්‍ර ශිෂ්‍යයා පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කරන විරෝධතා උද්ඝෝෂණ ආදිය නිසා තම අනාගතය අවිනිශ්චිත වී ඇති බවයි.

යම් හෙයකින් මෙහි කටයුතු අතරමග නවත්වා දැමුවොත් එහි අධ්‍යාපනය ලබන සිසුන් වසර 7ක් පමණ තිස්සේ ලැබූ අධ්‍යාපනයෙන් පලක් නොවන බව කී ප‍්‍රගීත් විමලචන්ද්‍ර ශිෂ්‍යයා එවැන්නක් වීමට ඉඩ නොදෙන ලෙස ටිල්වින් සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියේය.

 jvp_201611872 jvp_201611873 jvp_201611874 jvp_201611875 jvp_201611876

            



අදහස් (0)

මාලඹේ සිසුන්ගෙන් ජවිපෙට සංදේශයක්

ගයාන් Monday, 18 January 2016 11:20 AM

හොද වැඩක්. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 18 January 2016 12:06 PM

මාලඹේ ඉගෙනගන්න ශිෂ්‍යයන් මේක වැරදියට තේරුම්ගෙන ඉන්නේ, මේක අධ්‍යාපනය විකිණීමට එරෙහි සටනක්. කවුරුත් ලක්ෂ ගණන් වියදම්කොට උපාධි ගත යුතු නෑ නිදහස් අධ්‍යාපනය රැක ගත්තනම් හැමෝම එකතුවෙලා සටන් කරලා. (ර)

:       0       0

රසින්ත Monday, 18 January 2016 12:10 PM

එතනටම කෙලින්ම ගියපු එක හොඳයි. නුවණැති වැඩක්. (ර)

:       0       0

මීනු Monday, 18 January 2016 12:18 PM

කුහක රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයනි, සටන් කළ හැක්කේ ඔබලාට පමණක් නොවේ.අපිටද සටන් කළ හැක.අපේ බලය අසීමිතය.උඹලාට සිතාගත නොහැක...(බ)

:       0       0

නිහාල් Monday, 18 January 2016 12:26 PM

නිදහස් අද්යාපනයට විතරද ජේ වී පි එක පෙනී සින්නේ. නිදස සෞක්‍ය සේවය වෙනුවෙන් නැද්ද. පුද්ගලික ආරෝග්‍යශාලා ගැන. (ර)

:       0       0

විදානගේ Monday, 18 January 2016 01:02 PM

මුදල් දී ඉගෙන ගන්න සිසුන්ටත් පින් හාමිලටත් එකම අවසන් විභාගයක් තිබුනානම් දෙපැත්තෙන්ම හොඳ අය තේරේවි .ලංකාවේ අවාසනාවට වෛද්‍ය සිසුවන්ට කලා ඉගෙනගත් හැම දේටම විරුද්ධ මාක්ස්වාදීන් කියාගන්න රටේ පොදු දේපල ගිනි තැබූ බැංකු කැඩූ පොලිසියට හමුදා කදවුරු වලට පහරදුන් මිනීමරු දේශප්‍රේමින් අනිත් දරුවන් ඉගෙන ගන්නවට කැමති නැහැ (බ)

:       0       0

අලි Monday, 18 January 2016 01:17 PM

අනේ මහේෂ් එතකොට සරසවි යන්න බැරිවෙච්ච අයට අයිතියක් නැද්ද සල්ලි දීල ඉගෙනගන්ඩ ඒ තුනක් ගත්ත අය විතරද උපාධි ගන්ඩ ඕනේ අනිත් අයට අයිතියක් නැද්ද (බ)

:       0       0

චින්තන Monday, 18 January 2016 02:12 PM

මම ඉන්නේ මලයාසියාවේ මගේ උපාධිය විවෘත සරසවි යෙන් රැකියාව කරනවා ඉගෙනගන්නවා දෙකම කළා. ඒ උපාධිය ලෝකෙම පිළිගන්නවා ලංකාවේ මුදලින් රුපියල් 1,200,000 අවුරුදු 1 මාස 6 වැඩේ ඉවර වුන මට අපොස සාමාන්‍ය පෙළ විතරයි වයස 31 මලයාසියාවේ විවාහ වුන අවුරුදු 3 පුතෙකුත් ඉන්නවා මලයාසියාවේ අවුරුදු 5 2016 ට මාසේ පඩිය ලංකාවේ මුදලින් රුපියල් 160,000.00 ලංකාවේ හිටියනම් අනාතයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site