IMG-LOGO

මිලානෝ ලක් තරුණයෝ ඇමෙරිකා ඉතිහාසය අවුස්සති

ඈමරිකාවේ විසු දරුණුතම මිනිස් ඝාතකයින් දස දෙනෙකු පිලිබදව වර්තාමය වෑඩසටහනක් නිමාණය කිරිමට මිලානෝ නුවර ශ්‍රි ලාංකික තරුණයෝ පිරිසක් සැරැසෙති.

කොටස් දෙකකට නිර්මාණය කළ වර්තාමය වැඩසටහනින් පළමු කොටස 1920/70/80/90 වෑනි කාලසිමාවන්හි ඈමරිකාවේ විසු දරුණුතම ඝාතකයින් පස් දෙනෙකුගේ තොරතුරු හා ඔවුන්ට අත්වු ඉරනම පිලිබදව විස්තර කෙරෙන අතර දෙවැනි කොටසටද කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු අමානුෂික මිනිස් ඝාතනයන්ට සම්බන්ධ වු හැටි පැහැදිලි කරන බව එම තරුණයින් පිරිස කියයි.

මේ ආකාරයට ඔවුන් නිර්මාණය කරන ඉතිහාසය,සමාජ සංස්කෘතික වෑඩසටහන්  යු ටියුබ් මාධ්‍යට එක්කර එය ප්‍රචාරය කිරිමට ලංකාදිප එසෑණ වෙබ් පුවත් පතට ලබා දෙන බව මිලානෝ නුවර හර්ශණ කාරියවසම් ,බෘනෝ දිවාකර හා සිතුමිණි රුවන්තිකා කියති. මෙහි ප්‍රධාන අනුග්‍රහය තුවාන් නසිර් මහතාගෙනි.

 

http://www.youtube.com/watch?v=hM8Rx21qA7U&list=UUo51bjbXU1YxOkv7EIlTi1g

 



අදහස් (0)

මිලානෝ ලක් තරුණයෝ ඇමෙරිකා ඉතිහාසය අවුස්සති

මහින්ද රණවීර Friday, 21 March 2014 02:56 AM

යුරෝපයේ ඉන්න ගොඩක් මහත්තුරු හිතන් ඉන්නේ එහෙ ඉන්න හැමෝම බුද්ධිමත් අය කියලා. නමුත් මට අහන්න තියෙන ප්‍රශ්ණේ අලුත් දෙයක් කරන්න හදන තරුණ පරපුරේ නිර්මාණ දැකලා මොකුත් කරන්න බැරි මහත්තුරු පාලු ගෙයි වලන් බිඳින කොට ඒ බුද්ධිමත් කම මනින මිනුම් දණ්ඩ මොකක්ද කියලා. මේ බුද්ධිමත් අදහස් දැකලා තවත් හොද වැඩ කරපන් කොල්ලනේ.(නදී)

:       0       0

නිහාල් වික්‍රමාරච්චි Friday, 21 March 2014 02:58 AM

හොඳ බඩු තියෙන කඩේකට ගියාම සල්ලි නැති මිනිස්සු කරන්නේ ඒ කඩේ නැති බඩුවක් අනිත් අය ඉස්සරහ ඉල්ලන එක. ඒත් දන්නවා තමන් හිස් කියලා. ඒක නිසා මේ සමහර දාර්ශනිකයෝ කියන දේවල් ගණන් ගන්න එපා කොල්ලනේ. උඹලට ජය. තව අලුත් දේවල් කරන්න.(නදී)

:       0       0

දනුක සංජීව Friday, 21 March 2014 03:02 AM

මමත් රට ඉන්න කෙනෙක්. හැබැයි මම හොදට දන්නවා ඔය රැඩිකල් වදන් දෙන අය ගැන.(නදී)

:       0       0

රොකී Friday, 21 March 2014 07:35 AM

ඇයි ඇමරිකාවේ විතරක්? වෙනත් රටවල හිටියේ නැද්ද. ? පොල්පොට් , ඉඩි අමීන්, බොකාසා වගේ අය ගැන දන්නේ නැද්ද?  චින්තකලා වගේ මිනිස්සු බොර දියේ මාළු බා ගන්න හදනවා. (නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 20 March 2014 04:16 PM

විසෙන් විස නැසිය යුතුවේ. නකුට ගසාගෙන අපිට බැහැ කියා හිතන සමහර යට මේක හොඳ පාඩමක් වේවි. අපේ කොල්ලන්ට ජය වේවා. (ත)

:       0       0

කාල් Thursday, 20 March 2014 04:54 PM

ඇමරිකාවේ හිටපු සහ ඉන්න හැම ජනාධිපතිවරයේකම ලෝකෙ අවි වලින් සිදු වන මරණ 100%ටම වගකියන්න ඕනා. (ත)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 21 March 2014 11:13 AM

මෙහි දක්වා ඇති අදහස් බහුතරයක් මෙහි හරය ගැන නියම අවබෝදයකින් තොරව අදහස් දක්වා ඇති බව පෙනෙනවා .අදාල විෂය පිලිබදව උසස් අධයාපනයක් නිපුනත්වයක් හා පළපුරුද්දක් ඇති හර්ෂණ කාරියවසම් වැනි අයෙක් කරන මේ අලුත් වැඩේ සාර්ථක වේවි .අපි සුබ පතමු.(නදී)

:       0       0

මැක්ස් Thursday, 20 March 2014 06:07 PM

අනේ කොල්ලනේ පරිස්සම් වෙයල්ලා.(නදී)

:       0       0

සරණ Thursday, 20 March 2014 06:23 PM

අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන හොයනවා නම් තමයි හොඳ, මේක නිකන් උන්ට හොඳ නම් අපි කලාට මොකද වගේ වැඩක්. (නදී)

:       0       0

ඔසී Thursday, 20 March 2014 07:29 PM

අන්න හොද වැඩක්. ජය වේවා. අත අරින්න එපා. (ත)

:       0       0

චන්ද්‍රා Thursday, 20 March 2014 08:55 PM

දැනට නිකුත් කර ඇති වීඩියෝ දෙකම ඉතාම හොදයි. දිගටම ලොව පුරාම ගොස් මෙවන් දෑ පෙන්වීමට ඔබ සැමට වාසනාව ලැබේවා. (ත)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 20 March 2014 09:46 PM

පිටරට වල ඉන්න බුද්ධිමත් ලාංකිකයන් කළ යුත්තේ තම රටේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව තම රට දැනුම්වත් කිරීමට කටයුතු කිරීම මිසක් ලෝකයේ මහා බලවතා වන ඇමරිකාවට උපදෙස් දීම නොවේ. ඉ(ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 20 March 2014 10:23 PM

මීට වඩා පහසුයිනේ රුසියාවේ පුටින් ගැන චීනයේ මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කරුණු හෙළිදරව් කරන එක. විවිධ බුද්ධි මට්ටම් වල සිටින පුද්ගලයින් තමාට හරියි කියල කරන දේ හැමෝම පිළිගන්නේ නැහැ.(දී)

:       0       0

චින්තක මිලානෝ Thursday, 20 March 2014 11:28 PM

නසීර් වගේ අය ලංකාව වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා.24 වෙනිදා මුස්ලිම් කට්ටියත් අරගෙන ජිනිවා යනවා.මේ වගේ වැදගත් මුස්ලිම්වරුන් අපි අගය කරන්න ඕනේ,නමුත් අර සංගමයේ කට්ටියගෙන් නිතරම නසිර්ට කැපිල්ල කියලත් අපි දන්නවා. (අ)

:       0       0

නඩරාජා Friday, 21 March 2014 12:25 AM

ලෝකෙටම ලොක්කා ඇමෙරිකාව. මිනිසා සමුල ඝාතනය කරන්න යුද ආයුද සැදීම මිනිසාගේ මානව හිමිකම් කඩකිරීමේ මුලික ඝාතකයා නොවන්නේද. ලෝකේ ආයුද හදන්නේ නැත්නම් යුද්ද කරන්න යන්නේ නැහැනේ . එහෙනම් කව්රුත් සමගියෙන්.(නදී)

:       0       0

ලලා Friday, 21 March 2014 01:56 AM

මෙයාලගේ ඉතිහාසය ගැන බලන්න කලින් මෙයාලා කොහොමද කියා බලන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 853 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 528 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site