IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මලිත් හෑගොඩ ලන්ඩන් සිනමා උළෙලට

වසර කිහිපයකට පසු නැවත වතාවක් ලන්ඩන් චිත්‍රපට උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සිනමා කෘතියක් තෝරාගෙන ඇත.

තරුණ සිනමා කරුවකුවන මලිත් හෑගොඩගේගේ මුල්ම සිනමා නිර්මාණය වන " දැකල පුරුදු කෙනෙක්" එම චිත්‍රපටයයි.

2014 ලන්ඩන් සිනමා උළෙල පැවැත්වෙන දින 12 ඇතුළත ඔක්තෝබර් 11 සහ 13 වන දිනයන්හිදී එම චිත්‍රපටය සඳහා දර්ශනවාර දෙකක් ලබාදී තිබීම විශේෂත්වයකි.

සුප්‍රකට කිවියෙකු, ග්‍රන්ථ රචකයෙකු, ගුරුවරයෙකු සහ ප්‍රතිභා පුර්ණ ඡායාරූප ශිල්පියෙකු වන ලාල් හෑගොඩ ගේ පුතෙකු වන මලිත් මිට පෙර කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කර ඇත.

තමන්ගේ මුල් චිත්‍රපටය ලන්ඩන් සිනමා උළෙල වැනි ලෝකයේ ප්‍රධාන පෙලේ සිනමා උත්සවයක් සඳහා තෝරාගැනීම ගැන ඉතාමත් සතුටුවන බව මලිත් පවසයි.මලිත් හෑගොඩ සමඟ තිරනාටක රචක භූපති වික්‍රමගේ, සහාය අධ්‍යක්ෂක දමින්ද මඩවල, නිෂ්පාදකයින් වන රසංග දිසානායක සහ ලාල් හෑගොඩ එම දර්ශන සඳහා සහභාගිවීමට නියමිතය.

මොහමඩ් අදම් අලි සහ නදීරා අදම් අලි සෙසු නිශ්පාදකයෝය.

2 3 5 6 7 11 tissa-1

" දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි සහ ජගත් මනුවර්ණ නිරූපනය කරති.

ලන්ඩන් චිත්‍රපට උළෙල ඔක්තොබර් 8 වෙනි දින සිට 19 වන දින දක්වා ලන්ඩන් නුවර ජාතික සිනමා ආයතනය ඇතුළු සිනමා ශාලා පරිශ්‍ර 17 කදී පැවැත්වෙයි. මේවසරේ චිත්‍රපට උළෙලට ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල් බොහෝ ගණනක අලුත්ම චිත්‍රපට 248 ක් ඇතුලත් වෙයි. මෙයට අමතරව වාර්තා, කෙටි සහ කාර්ටුන් චිත්‍රපටද බොහෝ සංක්‍යාවක් මෙවර වැඩ සටහනට තෝරාගෙන ඇත. 

මෙම දින දොළහ ඇතුළත ලෝක සිනමා කර්මාන්තයේ දැවැන්තයින් සහභාගිවන සම්මන්ත්‍රණ ගණනාවක් ද පැවැත්වෙයි.

චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට මිලදීගැනීම සඳහා ප්‍රධානපෙළේ චිත්‍රපට බෙදාහරින ජාත්‍යන්තර සමාගම්වල නියෝජිතයින් බොහෝ දෙනෙකුද මෙම නිර්මාණයන් නැරඹීම සඳහාත් නිෂ්පාදක කණ්ඩායම් මුණගැසී ඒ පිළිබඳව කතා බහ කිරීමටත් නියමිතය. 

 

 

 

 



අදහස් (0)

මලිත් හෑගොඩ ලන්ඩන් සිනමා උළෙලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site