(යොහාන් භාසුර)
මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන එම නිවාසවලට ජල සැපයුම සම්බන්ධයෙන් පැවති ජල කාන්දුවක පාඩුවක් එම නිවාසවල පංචිකරුවන්ගේ බිලට එකතු කර එයට ප්‍රමාද ගාස්තුවක් ද එකතු කිරීමෙන් මෙම තත්වය උද්ගත වූ බවත් මෙම ප්‍රමාද ගාස්තු එකතු කිරීමත් සමඟ ජල ගාස්තුව ලක්‍ෂ ගණන් වූ බවත් එහි පදිංචිකරුවෝ පවසති.
පදිංචිකරුවන්ගේ ඉල්ලීම පසුව අදාල බිල්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් අඩු කර තිබුණත් ප්‍රමාාද ගාස්තුව කපාහැර නොතිබූ බව පදිංචිකරුවෝ කීහ.
ජල ටැංකියක කාන්දවක පාඩුව පාරිභෝගිකයන්ට එකතු කිරීම සහ එයට ප්‍රමාද ගාස්තුවක් අයකිරීම දැඩි අසාධාරණයක් බව කී එහි පදිංචිකරුවෝ ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින ජනතාව මෙවැනි අසාධාරණ ආකාරයට අපහසුතාවට පත්කිරීම අනුමත නොකන බව ද සඳහන් කළහ.
මෙම ජල සැපයුම විසන්ධි කිරීම පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම නිවාසවල ජල බිල්පත්වල තිබූ ප්‍රශ්නයක් විසඳූ බවත් ජල සැපයුම විසන්ධි කළේ යැයි දැනුවත්ව නොමැති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිගාවත්තේ ගෙවල් 100ක වතුර කපලා
Amal Wednesday, 13 December 2023 03:59 PM
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත් මහතා දැනුවත්ව නොමැති නම්, දැනුවත් වෙන්න..