(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් වසමේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන සැරයන්වරයකු සහ ඔහු සමග රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබූ එම ගිනි අවිය ද ජීව උණ්ඩ විසි නමයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයාට ජීව උණ්ඩ තිහක් නිකුත් කර තිබූ අතර එයින් එක් උණ්ඩයක් අස්ථානගත වී ඇති බවත් එයට සිදුවූයේ කුමක්ද යන්න ගැන හොයා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේ රැඳී සිට නැතියි පොලීසිය සඳහන් කරයි
එම ස්ථානයේ රැඳී නොසිටි කොස්තාපල්වරයා රාජකාරි කිරීමට යොදවා තිබූ ස්ථානයට පැමිණි අවස්ථාවේ පොලිස් සැරයන්වරයා ඒ ගැන කොස්තාපල් ගෙන් කරුණු විමසා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි
මෙසේ කරුණු විමසීම ගැන කුපිත වූ බව කියන සැකකාර කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයා සමග බහින්බස් වීමක් සිදු කරගෙන සැරයන්වරයාට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
පොලිස් සැරයන්වරයා මේ බව මිරිහාන මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ පවත්වා සැකකාර කොස්තාපල්වරයා ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිරිහාන ජේස්වෙල් හන්දියේදී පී.සි - සාජන්ට වෙඩි තියන්න හදලා
කපුරාළ Sunday, 08 January 2023 08:23 AM
සාපය පැතිරෙමින් පවතී....
fairoos Sunday, 08 January 2023 02:07 PM
වැරැදිලාවත් නන්දෙට වෙඩි වැදුණොත් ඉවරයි...
JagathSSunday, 08 January 2023 07:56 PM
ලංකාවේ අපි ඒ තරම් වාසනාවන්ත නෑ...