IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිරිසුවිල් නඩුවේ විත්තියේ දේශන ඇරැඹේ

2000 දෙසැම්බර 20 වැනි දා යාපනයේ මිරිසුවිල්හි දී බාල වයස්කරුවන් තිදෙනකු ඇතුළු සරණාගතයන් අට දෙනකු හිංසාවට ලක් කර මරා දැමුවේ යැයි ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විශේෂ නඩු විභාගයේ විත්තියේ දේශන අද (07) ආරම්භ විය.

නීතීඥ ධනරාජ් සමරසිංහ  මහතා  මහාධිකරණ විනිසුරුවරුන් වන පී සූරසේන (සභාපති), ලලිත් ජයසූරිය යන විනිසුරුවරුන් ඉදිරියේ විත්තියේ දේශන පැවැත්වීය.

ගුණපාලන් රවි වීරන් ,සෙල්ලමුත්තු තිවකුලසිංහම්, විල්වරාසා ප්‍රදීපන් (13) නදීරන් ජයචන්ද්‍රන් , සින්නයියා විල්වරාසා (40) කදිරගාමර් චන්ද්‍ර (35),ඥානචන්ද්‍රන් ශාන්ත (15) හා විල්වරාසා ප්‍රසාද් (05)  2000.12.19 වැනිදා මරා දැමීයැයි   චෝදනා 19 ක් යටතේ ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායත,ලුතිනන් සේනක මුණසිංහ,ලාන්ස් කොප්‍රල් පී එම්  ජයරත්න , පුෂ්ප සමන් කුමාර් හා කෝප්‍රල් ජෙමිණි මුණසිංහ ට එරෙහි නඩු පවරා ඇත.

 පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටි අතර  නොවැම්බර 13 දක්වා  විත්තියේ දේශන කල් තැබිණි.

 

 

 



අදහස් (0)

මිරිසුවිල් නඩුවේ විත්තියේ දේශන ඇරැඹේ

හේමන්ත Friday, 08 August 2014 07:05 AM

මොනවා වුණත් වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

කුමාර් Thursday, 07 August 2014 06:36 PM

එතකොට අර අමු අමුවේ දෙමල සිංහල මුස්ලිම් ජනතාව මරා දමල, අද බටහිර රටවල හව්හරණ යටතේ වැජබෙන අයට නඩු මොකවත් නැද්ද ? (නදී)

:       0       0

එරංග Friday, 08 August 2014 07:33 AM

වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (නි)

:       0       0

රණේපුර Friday, 08 August 2014 07:49 AM

සමහරු හිතන්නෙ පහේ පන්තියෙ ළමයින් වගේ හරිම බොළඳ විදියටයි (නි)

:       0       0

උපාලි Thursday, 07 August 2014 09:14 PM

නඩුව ගැන නම් මට තේරෙන්නේ නැහැ. නමුත් 'යුක්තිය ප්‍රමාදවීම යනු යුක්තිය ඉටු නොවීම' නොවේද කියලා නම් මට හිතෙනවා. (නි)

:       0       0

හසන්ත Friday, 08 August 2014 12:41 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ටෙනිසන් Friday, 08 August 2014 12:56 AM

ම‍ට නම් මේ ගැන ගැඹුරින් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

කසුන් Friday, 08 August 2014 01:42 AM

හමුදාවෙන් මැරුවා නම් නිකම්ම මරන්නෙත් නැහැනේ ත්‍රස්තවාදීන් වෙන්න ඇති (නදී)

:       0       0

මලික් Friday, 08 August 2014 04:21 AM

අපි අද බය නැතුව කොලඹ එන්නේ හමුදාවට පින් සිද්ද වෙන්න.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site