IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මාරවිල මුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දමයි

 (පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළෙඳ සැල් අද (28) දහවල් සිට වසා දැමීමට කටයුතු කළ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේ මුහුදු බඩ මුහුදුකටුව මාර්ගයේ මාළු වෙළදාමේ නිරත වු අයකු ජෛව පටල සාම්පල පරීක්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාධිතයකු බවට සනාථ වීමත් සමග මුහුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දැමිමට කටයුතු කල බවයි.

අදාල ආසාධිතයා සමග 50 දෙනෙකු දින දෙකකට පෙර හදිසි ජෛව පටල සාම්පල පරික්ෂාවකට ලක්කර ඇති අතර අදාල වාර්තා 28 දින ලැබී තිබු බවත් එහිදි මෙම මත්ස්‍ය අලේවි සැල් වල වෙළඳාම් කල අදාල තැනැත්තා ආසාධිතයකු බවට සනාථ වී ඇති බව කියයි.

 මේ අනුව මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළෙඳාමේ නිරත ස්ථාන 100 ක් පමණ සම්පූර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි .

ඒ සමගම ආසාධිතයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගිලන් රථ මගින් රැගෙන යාමට කටයුතු කල බව සෞඛ්‍ය අංශ පවසයි.

නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපුල් ජයතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේ පවතින තත්වය අනුව 29 දින 100 ක පිරිසකගේ ජෛව පටල සාම්පල ලබා ගැනිමට කටයුතු කරන බවත් මේ වන විට ජනතාව දැනුවත් කිරිම් කල බවයි.



අදහස් (1)

මාරවිල මුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දමයි

lakshman Sunday, 29 November 2020 12:53 AM

මාලු ගන්න ගිය අයට මොකද වෙන්නේ ..? අපිත් ගියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site