IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා



(සුජිත් හේවාජුලිගේ )

ජීවත්ව සිටින්නේද යන්න තහවුරු කර නොගෙන  ධීවරයන් වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න වටිනා විශ්‍රාම වැටුප් 2024 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ හේතුවෙන් මියගිය ධීවරයන් වෙනුවෙන්ද  විශ්‍රාම වැටුප් ගෙවන්නට ඇතැයි අනුමාන කෙරේ. ධීවර විශ්‍රාමිකයන්ගේ ජීව දත්ත තොරතුරු පවත්වා ගැනීම හෝ යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව එම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ ජීව දත්ත තොරතුරු පද්ධතිය නොපමාව යාවත්කාලීන කර පවත්වාගෙන යන්නැයි  විගණන කාර්යාලය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

ධීවර විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයේ ප්‍රධාන ගොනුව අනුව දායකයන් ගණන 64117ක්වූ නමුත් දත්ත පද්ධතිය අනුව දායකයන් සංඛ්‍යාව 69049ක් වූ බවත් ඒ අනුව ධීවරයන් 4932ක වෙනස පිළිබඳව නිවැරදි තොරතුරු ආයතනය සතු නොවූ බවත් එම වාර්තාවේ සඳහන්වේ.

මේ අනුව දායකයන් පිළිබඳව නිවැරදි තොරතුරු ඇතුළත්  කර එම තොරතුරු පද්ධතිය යාවත්කාලීන  කළ යුතු බවට විගණන  කාර්යාලය නිර්දේශ කර ඇත

 



අදහස් (0)

මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site