IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මොරටු පුරපතිට අදත් ඇප නෑ

මොරටුව මහ නගර සභාවේ  උප නගරාධිපති  සුජිත් පුෂ්පකුමාර මහතාට  ඇප ලබා දීම සලකා බැලීම සඳහා  පානදුර මහධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය විසින්  සැප්තැම්බර් 9 වැනි දින දක්වා කල් තැබිණි.

එදිනට උප නගරාධිපතිගේ ජංගම දුරකතන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ  විනිසුරුවරිය විසින්  කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ට නියෝග කළාය.

උප නගරාධිපති වෙනුවෙන් පෙනී සිටි  නීතීඥවරුන්  පසුගිය අප්‍රේල් 23 පානදුර මහාධිකරණයට ගොනු කළ ඇප අයදුම් පත්‍රය සම්බන්ධයෙන් සලකා බැලීම සිව් වන වරටත්  මහාධිකරණය හමුවේ  කැඳැවිණි.

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරයේ විහාධිපති  මැටියගහතැන්නේ  විමලවංශ හිමියන්ගේ  ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස උපනගරාධිපති පසුගිය පෙබරවාරී 06 දින සිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වේ.



අදහස් (0)

මොරටු පුරපතිට අදත් ඇප නෑ

සංජීව Monday, 26 August 2013 05:24 PM

මේ හැම දේම වෙන්නේ අපේ මිනිස්සුන්ගේ වරදින්, අපි නියම සුදුස්සාට මනාප දීල හරි තැනට යවනවා නම් මේවගේ ගැටළු ඇති වෙන්නේ නැහැ. කසිප්පු මුදලාලිලා, තැබෑරුම් කාරයන්, හොරක් හොරු, කුඩු මුදලාලිලා, ස්තිදුෂකයෝ, චන්ඩි වගේ යට ඡන්දෙ දුන්නහම් මිට වැඩි දෙයක් බලා පොරෝත්තුවෙන්න බැහැ. ඒක නිසා මේවට වග කියන්න ඕනේ අපි අපිම තමයි.(නදී)

:       0       0

මාප Monday, 26 August 2013 05:45 PM

තව අවුරුදු 20 කට මහ ගෙදර යවන්න ඕනෑ කියලා මම කියනවා (නි)

:       0       0

සත්‍යපාල Monday, 26 August 2013 06:31 PM

කොහොමද අපි හොද අයව තෝරලා යවන්නේ ? ඉල්ලන්නේම හොරු,ස්ත්‍රී දුෂකයෝයි,අපරාධකාරයෝයි තමයි.ඉතින් මෙයාලා අතරින් කාව යැව්වත් කරන්නේ ඔයටික තමයි .සාමාන්‍ය මනුස්සයකුට අද ඡන්දය ඉල්ලන්න බැහැ. එහෙම ඉල්ලලා දිනන්න පුළුවන්කමක් නැහැ (නි)

:       0       0

අමිල Monday, 26 August 2013 06:35 PM

ඔහොම ගිහිල්ලා මෙයාටත් කවදාහරි ඇප දෙයි. ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවේ මේ දැනට තියන නීති වෙනස් කරන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රියා Tuesday, 27 August 2013 10:00 AM

ඡන්දෙ දෙන කොට ඒ මිනිහගේ චරිතේ බලලා දෙන්න, රටේ ප්‍රසිද්ධ චරිත වලට ඡන්දේ දෙන්න එපා, නුගත් අයටත් දෙන්න එපා, බලයේ ඉන්න කොට බලුකම් කරනවා දැන් බලු වෙලා, කල කල දේ පල දේ කියන්නේ ඕකට තමයි. (ස)

:       0       0

පිටිගල Monday, 26 August 2013 07:30 PM

අදත් ඇප නැහැ කියන්නේ මේ මිනී මරුවාට ඇප දෙන්නද යන්නේ? නගරාධිපති උනාට දැන් එයා මිනී මැරුමක සැක කරුවෙක්. ඇප නොදිය යුතුයි මයේ හිතේ? (අ)

:       0       0

රාජා Tuesday, 27 August 2013 03:04 PM

මෙයාලට ඇප දෙන්න හිතන්නවත් එපා (දී)

:       0       0

වරුණ Monday, 26 August 2013 04:40 PM

මෙවැනි අද බාලයන් මහජන ඡන්දෙන් ඉහල තැන්වලට යවන්න ඉස්සෙල්ලා මහජනයා දෙවරක් සිතා බැලිය යුතුය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site