IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මරුටියෙන් හිරේට පාර කපා ගනී

ජංගම දුරකතන සමාගමකින් සුසුකි මරුටි කාරයක් ඇඳුනු බව කියමින් එම සමාගමේ සේවකයකු ලෙස පෙනී සිට තැපැල් දෙපාර්තමේන්තු සේවිකාවකගෙන් ලියැවිලි ගාස්තු ලෙස රුපියල් 31300 ක් වංචාකළ කිරිඳිවැල අජිත් සංජීවට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අත්හිටුවූ සිරදඬුවම් හා දඩ නියම කළේය. ඔහු වරද පිළිගත්තේය. වංචා කළ මුදල ගෙවන ලෙසද ඔහුට නියම විය. ඔහුට මාස හයක සිරදඬුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 1500 ක දඩයක්ද නියමවිය.

 



අදහස් (0)

මරුටියෙන් හිරේට පාර කපා ගනී

පාලිත Tuesday, 14 May 2013 10:25 PM

මෙච්චර වංචාවක් කරලා දඩුවම මදි නේද? අවුරුදු 5 ක් වත් හිරේට නියම කළොත් තමයි නීතිය හරියට ක්‍රියාත්මක වූ බව වැටහෙන්නේ.(නදී)

:       0       0

ගයාන් Tuesday, 14 May 2013 04:34 PM

දඬුවම අත් හිටවනවා කියන්නේ දඬුවමක් දීලා නැහැ වගෙයි නේද? ඔය සුදන්ගේ කාලේ නීති දැන් වෙනස් කරන්න කාලේ ඇවිල්ලා. (නි)

:       0       0

තිලක් Tuesday, 14 May 2013 04:42 PM

කඩුවෙල, ගම්පහ, කිරින්දිවෙල වගේ පැතිවල වාහන ව්‍යාපාර කරන ගොඩක් අය කරන්නෙම හොර වැඩමයි.(ස)

:       0       0

යොහාන් Tuesday, 14 May 2013 04:44 PM

රස් 1500 ක් අනේ මන් දැන්නේ නෑ. මෙපමණ දෙයක් කරලා රු. 1500 ද? (ස)

:       0       0

අමිල Tuesday, 14 May 2013 04:46 PM

දඬුවම ප්‍රමාණවත් තව මේ වගේ ක්‍රියා වැඩි වෙන්න. (ස)

:       0       0

ආනන්ද ආර් Tuesday, 14 May 2013 04:56 PM

මේ වංචාවට අහුවෙන්නේ කාන්තාවන්මයි. තණ්හාවයි මෝඩකමයි නිසා කපටින් ප්‍රයෝජන ගන්නවා.(ස)

:       0       0

සුසන්ත Tuesday, 14 May 2013 04:59 PM

ඒත් ලයිෂන් එකක් නැතිව ගියොත් 5000 දඩ...? (නි)

:       0       0

බර්නාඩ් Tuesday, 14 May 2013 05:16 PM

ගයාන්, නොදන්නා දේ ගැන නොලියා ඉන්න. ගෙදරට මෝඩයෙක් වුණාට රටට මෝඩයෙක් වෙන්න එපා (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 05:43 PM

තණ්හාය ජායතී සෝකෝ.... (නි)

:       0       0

මනෝජ් Wednesday, 15 May 2013 10:23 PM

දැන් ඔය දඩුවම් නියම කරන්නේ නඩුකාරයට හිතෙන හිතෙන විදිහටද ? මම දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 14 May 2013 06:09 PM

ගයාන්, මේ අවස්ථාවේ අත් හිටවූ සිර දඬුවම කියන්නේ මාස 6ක සිර දඬුවම අවුරුදු 5කට අත් හිටවලා, ඒ අවුරුදු 5 ඇතුලත මොනම වරදක් කරලා අහුවුනොත් අර මාස 6යේ දඬුවමට අමතරව අලුත් වරදේ දඬුවමත් එකතු කරලා ගෙවන්න වෙනවා. (නි)

:       0       0

චතුල වෙරෝන Tuesday, 14 May 2013 06:19 PM

මෙවැනි කාන්තාවන් වැඩි වැඩියෙන් මෝඩ වැඩ කිරීමෙන් නඩුත් වැඩි වෙනවා, නීති මහත්තුරුන්ගෙ බඩත් ලොකු වෙනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 14 May 2013 06:56 PM

දඩුවම් දෙන්න ඕනෑ මේ වගේ බොලද බොරුවලට අහුවෙන මෝඩ මිනිස්සුන්ට (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 May 2013 06:57 PM

මරුටිය ඉතින් හුගක් හුරුබුහුටි එකක්නේ. ඒක වෙන්න ඇති (නි)

:       0       0

මායා Wednesday, 15 May 2013 09:39 AM

කුණු ටිකක් පාරට දැම්මොත් දඩය රුපියල් 2500/= ක්ලු නේද..? (නි)

:       0       0

ලලිත් Wednesday, 15 May 2013 10:29 AM

අපේ රටේ තියන නීතිය හොරුන්ට සල්ලාලයන්ට හරියට උදව් කරනවනේ. (නි)

:       0       0

විරාජ් Tuesday, 14 May 2013 09:23 PM

මෝඩකමට අහු වෙන දේවල් ඕවා. දඩුවම් දෙන්න ඕනෑ අහුවෙන අයට (නි)

:       0       0

උපාලි Wednesday, 15 May 2013 10:34 AM

ඒ කාන්තාව පහසුවෙන් රැවටීමට හැකිවීමෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට හෝ දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අවශ්‍ය මුලික සුදුසුකම් තමා සතු බව මෙයා පෙන්නුම් කරලා තියෙනවා. (නි)

:       0       0

සූරිය Wednesday, 15 May 2013 10:40 AM

දඬුවම ප්‍රමාණවත් නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site