තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තරග අවසන් වන විට ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩකයා ලෙස සැළකෙන ෆසිල් මරීජා මෙහෙයවන මධ්‍යම කිංග්ස් පිල සහභාගි වූ තරග හතරම ජය ලබමින් පළමු දිනයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය. මධ්‍යම කිංග්ස් පිල මෙම ජයග‍්‍රහණ හතර තුළ ලකුණු 45-26 ක් ලෙස ඌව වයිපර්ස් පිල පරාජය කිරීම කැපී පෙනුණි. මධ්‍යම කිංග්ස් පිලට නවසීලන්තයේ වෘත්තීය ක‍්‍රීඩකයෝ දෙදෙනෙක් සහ ඇෙරිකානු ක‍්‍රීඩකයෙක් ක‍්‍රීඩා කරති. හිටපු ශ‍්‍රී ලංකා නායක සංජීව ජයසිංහ නායකත්වය දරණ උතුර ග්ලැඞ්යේටර්ස්, කෝසල තිසේරා මෙහෙයවන ඌව වයිපර්ස් සහ අම්ජාඞ් බක්ස් මෙහෙයවන දකුණු ෂාක්ස් යන කණ්ඩායම් තරග තුනක් ජය ලැබීමට සමත් වූහ. දුෂාන්ත ලෙව්කේ මෙහෙයවන බස්නාහිර වොරියස් පිල සහභාගි වූ තරග හතරම පරාජයට පත්වීම ද කැපී පෙනෙන සිද්ධියකි. පළමු දිනය වූ අද (29) මූලික වටයේ තරග 20 ක් පැවැත්විණි. හෙට (30) පළමු අදියරේ අවසන් දිනයයි. තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය. තරග ප‍්‍රතිඵල
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මරීජාගේ මධ්‍යම කිංග්ස් පිල පළමු දිනයේ අපරාජිතව සිටී