IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400කගේ ’’හිඟ පොල්ල’’ කෝටි 7,000ට නගී

 

(සුජිත් හේවාජුලිගේ )

මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000 ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

හිඟ මුදල් ගෙවීමට ඇති කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩි පිරිසක් මාර්ග ව්‍යාපෘති ලක්ෂයේ වැඩසටහනට දායකවූ අය බව  මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් අධිවේගී මාර්ග ඇතුළු මාර්ග ඉදිකිරීම් කටයුතු බොහොමයක් නවතා දමා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් අලුතින් මාර්ග ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇති බවයි.

කෙසේවෙතත් මාර්ග අලුත්වැඩියා කටයුතු දිගටම කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.

මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා විදේශයෙන් භාණ්ඩ ගෙන්වීමද ඩොලර්  ප්‍රශ්නය නිසා අඩාලවී ඇතැයි වාර්තා වේ.



අදහස් (3)

මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400කගේ ’’හිඟ පොල්ල’’ කෝටි 7,000ට නගී

Sunil Saturday, 26 November 2022 11:28 AM

ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය නම් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැතිවද යන්නයි... කොන්ත්‍රාත්කරුවන්ගෙන්, කෝටිගණන් වන කාර්ය සාධන බැඳුම්කරත් ලබාගන්නවා. එසේ තිබියදී මුදල් ගෙවීම සම්බන්ධව අධිකාරියේ වගකීම් පැහැර හැරීමට අධිකාරියට ඇති බලතල කවරේද? කෝටි සිය ගණන් ගෙවීමට නොහැකි වීමෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ අධිකාරිය තම යුතුකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව නොවේද? මේ සඳහා යොදන ප්‍රතිකාර මොනවාද? මෙසේ ගෙවීම් පැහැර හැරීමෙන් දුෂ්කරතාවයට පත්වන්නේ කොන්ත්‍රාත්කරුවන් පමණක් නොවේ. කොන්ත්‍රාත්කාරයින්ගේ සේවකයිනුත් ඔවුන්ගේ දරුපවුල්වල අයත් හිඟමනට වැටෙනවා. මේ පෙන්වන්නේ රජයේ දුර්දාන්ත පාලනයයි. එයට අමතරව මෙයට විරෝධය දක්වන්න ජනතාවගේ අයිතියත් මේ ජනාධිපති කප්පාදු කරලා..

:       4       10

නිමල් Saturday, 26 November 2022 03:33 PM

බැලුවහම රජය තමයි නොම්මර එකේ පොලුකාරයා

:       0       5

විපරමා Saturday, 26 November 2022 05:22 PM

මුලුමහත් ජනතාවම රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩකරපු දූෂිත නායකයින් ඉන්න රටේ තව කවර කතාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site