IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාර්ග අනතුරු අවම කරන්න විශේෂ තේරීම් කාරක සභාවක්

(යොහාන් භාසුර)

මාර්ග අනතුරු හේතුවෙන් වටිනා මිනිස් ජීවිතවලට සහ ආර්ථිකයට වන හානිය ඇතුළු විශාල හානීන් පිළිබඳව අවදානය යොමුකර ‘මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව’ක් පත්කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එම විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් ඇතුළත් වියයුතු බව ද එම ලිපියේ සඳහන් වේ.

මාර්ග අනතුරුවලට බලපා ඇති හේතු හදුනාගැනීම, මාර්ග අනතුරු අවම කිරීම සඳහා වන නීති රාමුවල පවතින අඩුපාඩු හදුනාගෙන ඒවා යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුනාගැනීම සහ මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යෑම සඳහා බලපා තිබෙන අනුෂාංගික කරුණු හදුනාගැනීම, මාර්ග අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඇතුළු ප්‍රායෝගිකව කළ යුතු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම එම විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉටුකළ යුතු බව ද අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා සදඟන් කර තිබේ. 



අදහස් (1)

මාර්ග අනතුරු අවම කරන්න විශේෂ තේරීම් කාරක සභාවක්

මාතලී Friday, 01 March 2024 05:24 PM

යතුරු පැදි අනතුරුවලට කුඩා දරුවෝ යතුරුපැදි පැදවීම ප්‍රධාන හේතුවක් වන අතර කාන්තාවන් බොහෝවිට වමෙන් ඉස්සර කිරීම තවත් හේතුවක් වෙනවා. සමහරක් පිරිස් සිග්සැග් ක්‍රමයට යතුරු පැදි ධාවනය තවත් හේතුවක් කියන්න පුළුවන්... දකුණට සිග්නල් දමා අවම වේගයෙන් ධාවනය කිරීම ත්‍රීවීලර් කාරයෝ කරන වරදක් වෙනවා. කමිටුවක් පත්කරනවා නම් ජනතා අදහස් ලිඛිතව ගන්න ක්‍රමයක් හදන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site