IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාර්ග අධිකාරියේ 1000 කට ස්ථාන මාරු

(සුජිත් හේවාජුලිගේ )

මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා සියලු කාර්යාලවල වසර දහයකට වැඩි කාල සීමාවක් තිස්සේ එක දිගට සේවය කරන දහසකට ආසන්න සේවක පිරිසකට ලබන ජනවාරි මාසයේ මාරුවීම් ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

මේ පිරිස අතර එකම ස්ථානයේ අවුරුදු විස්ස තිහ රාජකාරි කළ සේවකයන් හය සියයකට වැඩි පිරිසක්ද වෙතියි ඔහු සඳහන් කළේය.

එකම ස්ථානයේ වැඩි කාලයක් සේවය ගෙවීමේදී වංචා දූෂණ සහ අක්‍රමිකතාවලට පෙළඹීමට වැඩි ඉඩකඩක් පැවතීම සහ කාර්යක්ෂමතාව හීනවීම යනාදී හේතු සැලකිල්ලට ගෙන මෙලෙස මාරුවීම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටලූ හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක මාරුවීම් වසර තුනකින් ක්‍රියාත්මක කර නැති අතර අවසන් වරට සේවක මාරුවීම් කර ඇත්තේ 2019 වර්ෂයේදීය.

 

 



අදහස් (2)

මාර්ග අධිකාරියේ 1000 කට ස්ථාන මාරු

Sunil Sunday, 20 November 2022 03:09 PM

ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. මාර්ග සංවර්ධන අධිකාරියත් වංචාවටයි, දූෂණයටයි නම් දැරූ තැනක්. සේවකයන් මාරු කරත්, නැතත් ඔය මගඩි දිගින් දිගටම සිදුවෙයි...

:       0       7

prema Sunday, 20 November 2022 04:00 PM

ආයතනයේ ඉහළ තනතුරක් දරමින්..., තවත් සැලසුම් කොම්පැණියක් කිරීම සුදුසුද​? කොන්ත්‍රාත්කරුවන්ට බලපැම් කර උප කොන්ත්‍රාත් වැඩ ලබා ගැනීම සුදුසු ද​? ආයතනය විනාශ නොකරන්න​​.​.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site