IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

(බුද්ධික කුමාරසිරි සහ චමිලා අල්විස්)

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට මොරගහහේන මාලොස්ඇල හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක්  වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරචිගේ නයනානන්ද සහ පිළියන්දල ප්‍රදේශයේ වසන්ත පෙරේරා යන පුද්ගලයින් බව පොලිසිය කියයි.

මෙම වෙඩි වැදිමෙන් බරපත තුවාල ලබා සිටි දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගල‍ෙන් දෙදෙනා මංකොල්ලකෑම් කිහිපයකට අදාළ පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබද වැඩිදුර විමර්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

---------------------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බුද්ධික කුමාරසිරි)

මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත්  දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි ත්‍රිරෝද රියේ ගමන් ගත් දෙදෙනා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි

මියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව  විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 

 



අදහස් (3)

මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

Muthu Sunday, 07 April 2024 02:57 PM

ඒ පැත්තෙනුත් යුක්තිය මෙහෙයුමක් යනවා වගේ. හැබැයි අපේ එකට වඩා ජයටම යනවා. බොරු සෝබන නෑ. ඔවුන් ටාගට් කරන්නේ ඇත්තම අය. අපේ තියෙන්නේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් විතරයි. නටපු නැටුමකුත් නෑ බෙරේ පලු දෙකමත් නෑ.

:       7       26

Siri Sunday, 07 April 2024 04:23 PM

"යුක්තිය මෙහෙයුම" හබක් නේද? අපරාදේ සල්ලි...

:       4       12

Perera Monday, 08 April 2024 08:56 AM

මේ අපරාදකාරයින්ට උන්ට තේරෙන භාෂාවෙන් කතා කරලා තියෙන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 565 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site