IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මීරිගම සී.අයිට මහජන උපහාර

ශාසනික සේවය, අවංකකම හා මහජන සේවය වෙනුවෙන් මීරිගම තිදෙනෙක් උපහාර ලදහ.

මරදන්කල්ලේ සුසීම හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක හා මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා ඔවුහුය.

ශාසනික මෙහෙවර වෙනුවෙන් සුසීම හිමියෝ ද, ජනතා සේවය වෙනුවෙන් සේනානායක මහතාද මේ උපහාරයට ලක් වූහ.

ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පැවුසවේ පොලිස් ස්ථාන 34කින් යුත් තම බල ප්‍රදේශයේ හොඳම ස්ථානාධිපති එරික් පෙරේරා මහතා බවයි.

යුද බිමේදී නිර්භීතව සටන් කළ ඔහු පොලිස් රාජකාරිය අවංකවත්, අල්ලස හා දූෂණයෙන් තොරවත් ඉටු කරන බව ගුණවර්ධන මහතා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට කිසිම බලපෑමක් නොකරතියි ද ඔහු සඳහන් කළේය.

‘දැන් පොලීසියට පහර දීමේ රැල්ලක් ඇතිවේගය එනවා. කිසිමවිටක මගේ නිලධාරීන් ගුටි කන්න බැහැ. පොලීසිය පහර කීවාම අහිංසක අසරණ ජනතාවට යන්න විශ්වාසවන්ත තැනක් නැතිව යනවා. කප්පම්කරුවන්, මත් උවදුරේ යෙදෙන්නන්, මිනීමරුවන් මේ සමාජයෙන් තුරන් කළ යුතුයි. ඒ සඳහා එරික් පෙරේරා වැනි ස්ථානාධිපතිවරුන් මට අවශ්‍යයි.‘

 



අදහස් (0)

මීරිගම සී.අයිට මහජන උපහාර

චමින්ද Sunday, 05 May 2013 10:28 PM

පුදුම හිතෙන සන්තෝෂයක්. ඇත්තෙන්ම ආඩම්බරයක් ඉඳාල හිටලා මෙවෙනි පුවත් ඇහීමත්.(නදී)

:       0       0

කුමුදු Sunday, 05 May 2013 11:07 PM

මේ වගේ අවංක නිලදාරීන් දිරිගන්වන්න අවශ්‍යයි. පොලිසියේ හොඳක් අහන්න ලැබුනාම සතුටුයි. ඒත් කවුරු හරි ජරා වැඩක් කලාම මුළු පොලිසියම ලජ්ජාවට පත් වෙනවා. ඔබට දීර්ගායු වේවා!(නදී)

:       0       0

ජනක Sunday, 05 May 2013 11:15 PM

මීරිගම අපිට ආඩම්බරයි. ජයවේවා!(නදී)

:       0       0

රන්ජනී Monday, 06 May 2013 12:52 PM

අපේ ගම ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මීරිගම පොලිසියට දිගු කලක් දිගු ගමනක් යන්න ඔබතුමාට දේව ආරක්ෂව ප්‍රර්ථනා කරනවා වගේම මිරීගමට ලබපු ලොකුම සම්මානයක්,..සුබ පැතුම්!(ස)

:       0       0

උපාලි Monday, 06 May 2013 12:33 AM

මෙහෙම මහජන උපහාර ලබන කොට බය හිතෙනවා. අනික් දෙන්න ගැන නම් බයක් නැහැ. ඒත් එරික් මහත්තයට? ඒ මොකද, ඔය වගේ එඩිතර නිලධාරීන් නුරුස්සන, සාක්කුවට දාගන්න, බැරි වුනොත් විනාශ කරන්න බලාගෙන ඉන්න බලධාරීන් අවට ඉන්නවා. වසන්ත මන්ත්‍රීතුමා ඉන්න තුරු නම් ප්‍රශ්නයක් නැති වෙයි. (නදී)

:       0       0

එදිරි Monday, 06 May 2013 12:37 AM

නියමඊ එරික්, මීරිගම ඉන්නා චන්ඩි ටික මට්ටුකරන්න. අහිංසක අපේ ගමේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. දේශපාලුවන්ට යටත් වෙන්න නම් එපා. මන් දන්නවා ඔබ හොද බොක්ෂර් කෙනෙක් කියලා. නීතියෙන් සහ අතින් පයින් අවශ්‍ය තැනැට යොදවන්න. අපිට ආඩම්බරයි. මොකද මගේ ත්ත්තත් හොද පොලිස් කාරයෙක් පගා ගහන්නැති. අම්ම ජොබ් එකක් කරපු කෙනෙක් නිසා අපි ගෙයක් හදාගත්තා.(නදී)

:       0       0

විරාජ් Monday, 06 May 2013 12:39 AM

සම්මානයට පාත්‍ර විය යුතු කෙනෙකුට මේ සම්මානය ලැබුන නම් බොහොම හොදයි. අගය කල යුතු කටයුත්තක්, අපි මේ ගැන හරියටම නොදන්නා නිසයි එහෙම කිව්වේ. වාස් ගුනවර්දන මහත්තයාගේ පුත්‍ර රත්නය නම් මාලබේ කැම්පෙස් එකේ කොල්ලෙක්ට තඩි බාල හොදට හිටියා.(නදී)

:       0       0

පැටී Monday, 06 May 2013 07:23 PM

පොලිසියේ ඔය වගේ අවංකව සේවය කරන අයව අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. නැත්නම් ඔය වගේ දක්ෂ නිලදාරීන් අපිට ,අපේ රටට නැතිවෙනවා. ඔබට සුබ අනාගතයක්. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 06 May 2013 03:04 AM

මිහිරි ගම මිහිරි ජීවිතයක් ගතකලාට කමක් නෑ. නහය පරිස්සමට දේශපාලකයන්ගෙන්.(නදී)

:       0       0

රංජනී Monday, 06 May 2013 01:32 PM

ඔය වගේ හැමෝම අවංකව වැඩ කලා නම් ලංකාවත් මෙහෙ (එංගලන්ත) පොලිසි වගේ.මගේ ගම ගැන පුදුම සතුටක් දැනෙනවා. (නි)

:       0       0

අරුණ Monday, 06 May 2013 07:56 AM

අපට ඔබ ආඩම්බරයක්. (නි)

:       0       0

හේමන්ත Monday, 06 May 2013 08:07 AM

හොද උත්සවයක්. අපේ ප්‍රණාමය.(නදී)

:       0       0

සෙනෙවී Monday, 06 May 2013 09:21 AM

පොලිසිය සියලු දෙන 100% අවංක විය යුතු බව මගේ විස්වාසය. එය එසේම විය යුතුයි අනිවාර්යයෙන්ම . එක අයකුට ඇයි සම්මාන ? අනෙක් අය එසේ නොකරනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවේම ලොකු අඩුවක්. ඉතින් කාට කියන්නද මේවා . අනික් සම්මාන අනුමත කරන අතර පොලිසියට දීපු එක අනුමත නොකරමි. බුදු සරණයි.(නදී)

:       0       0

චමිල Monday, 06 May 2013 09:30 AM

පොලිස් ස්ථාන හතරකටම එක්කෙනෙක් වීම ආඩම්බරයි. මීරිගම අපෙන් ඔබ‍ට සුබ පැතුම්.. !(ස)

:       0       0

ක්‍රිෂ් Monday, 06 May 2013 09:43 AM

ඔබගේ සේවයට අපගේ උපහාරය !(ස)

:       0       0

පෙරේරා Monday, 06 May 2013 09:56 AM

ඉතාම හොද වෙඩක් ... මම ලංකාවේ නැති උනත් ඔබ තුමාගේ හොද වැඩ ගැන හොදින් අහල තියෙනවා .... මගේ සුබ පැතුම් ... දිගු කාලයක් මීරිගම සහ ලංකාවේ ජනතාවට සේවය කරන්න ලැබෙන්න ඕනේ ඔබ තුමාට ....(ස)

:       0       0

හර්ෂණ Monday, 06 May 2013 10:05 AM

පිදිය යුත්තන්ට පිදිය යුතුයි.(නදී)

:       0       0

අන්දරේ Monday, 06 May 2013 02:55 PM

පොලිස් ස්තානාදිපතිතුමව කැලණියට මාරු කරන්න. එතුමා හොඳ එහෙට. (ස)

:       0       0

පද්මිනී Monday, 06 May 2013 10:49 AM

අවංක මහජන සේවකයෝ සොයන එක කළුනික සොයනවා වගේ වැඩක් බව මේ සිද්දියෙන් පේනවා.එහෙම එක සිදුවිමක හරි අහන්ට ලැබීමත් සතුටක්.(ස)

:       0       0

දයා අළහකෝන් Sunday, 05 May 2013 06:29 PM

උතුම් කාර්යයක්. බොහොම හොදයි. (නි)

:       0       0

දෙලායි Monday, 06 May 2013 03:50 PM

සිරිලක් වැසියනට බොහොම සන්තෝසයි. පොලීසියට ජය! (ස)

:       0       0

දිල්ෂාන් Sunday, 05 May 2013 06:33 PM

මේ වගේ අවංක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. කොන්ද කෙලින් තියාගන වැඩකරන නිලධාරියෙක්. ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

ලහිරු Monday, 06 May 2013 11:05 AM

''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි''(ස)

:       0       0

අනුර Sunday, 05 May 2013 06:58 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සිසිර Sunday, 05 May 2013 08:45 PM

පුදුම හිතෙන කතාවක්.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 05 May 2013 09:14 PM

දැන් මීරිගම වැඩ දාපු කට්ටිය අසරණ වෙලාද? (ත)

:       0       0

කුරුවිට Sunday, 05 May 2013 10:03 PM

පොලිස් ස්ථාන හකරටම අවංක නිලධාරීන් එක්කෙනයිද? ඔබකුමාට ජාතියේ උපහාර.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site