IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මීරිගමදී පාසල් සිසුවෙක් දුම්රියට බිලි

මීරිගම හා විජය රජදහන දුම්රිය ස්ථාන අතර කිරිමැටිඋල්ල ප‍්‍රදේශයේදී  පාසල් සිසුවකු දුම්රිය පාර හරහා ගමන් කරද්දී මහනුවර සිට මාතර බලා ගමන් කළ ශීඝ‍්‍රගාමී දුම්රියේ හැපීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ මීරිගම බණ්ඩාරනායක මහ විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මොහොමඩ් අයාෂ් 11 නැමති පාසල් සිසුවාය.

අධිකරණ නියෝග මත පානදුර ළමා නිවාසයක රඳවා සිටි මෙම දරුවා වසර හතරකට පමණ ඉහතදී මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසයට යොමු කිරීමෙන් පසු මෙහි සිටිමින් අධ්‍යාපන කටයුතුවල යෙදී ඇතැයි පොලිසිය පවසයි. 

SAM_8699 SAM_8701 SAM_8702 SAM_8704



අදහස් (0)

මීරිගමදී පාසල් සිසුවෙක් දුම්රියට බිලි

අසංග Monday, 15 June 2015 08:48 AM

පුතේ ඔබට නිවන් සුව. (ම)

:       0       0

කිෂාද් Monday, 15 June 2015 08:51 AM

දෙමවුපියන්ගේ ආරවුල් නිසා අනාථ වූ අසරණ දරුවෙක් වෙන්ට ඕන. වැඩිහිටියන්ගේ වැරදි නිසා අහිංසා දරුවෝ කීදෙනෙක් අද අතරමං වෙලාද. මේවා සහ ගහන අපරාධ. ඒ පොඩි දරුවාගේ පුංචි සිතට මොනතරම් දුකකුත් තියෙන්ට ඇතිද ? අනිත් දරුවෝ තම දෙමවුපියන් සමග එනවා දකින කොට. දරුවා මෙවැනි අනාථ වූ තත්වයකට පත්වෙන්ට හේතු වුණා වැඩිහිටි උදවියට හොඳක් නම් සිද්ද වෙන්නේ නැහැ. (ම)

:       0       0

චමල් Monday, 15 June 2015 09:13 AM

අනේ පවු අහිංසකය. කාත් කවුරුත් නැති අසරණය.(ම)

:       0       0

පුමුදු Monday, 15 June 2015 10:28 AM

දුම්රිය රියදුරුවරුනි. සෑම විනාඩි 2 කට සැරයක් නලාව නාදකරන්න (ම)

:       0       0

ක්‍රිෂාන් Monday, 15 June 2015 10:54 AM

අනේ පව් අහිංසක දරුවා මෙයා මොකක් හරි කල්පනාවක යන්නැති (ම)

:       0       0

අසාද් Monday, 15 June 2015 12:01 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවේ (නි)

:       0       0

ටොම් Monday, 15 June 2015 12:33 PM

දුම්රිය හා මිනිස්සු ගමන් කරන ස්ථාන වල ගේට්ටු සවිකළා නම් ඔහොම වෙන්නේ නැහැ. මොනවාහරි වුණොත් අහක ඉන්න දෙවියොයි ග්‍රහයොයි තමා පළි අන්තිමට (නි)

:       0       0

රත්නපාල Monday, 15 June 2015 07:42 AM

අනේ පවු. මේ දරුවා කෝච්චිය එනකොට ලිස්සල වත් වැටහුනා ද ? (ම)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 07:45 AM

අහෝ අහන්න ලැබෙන දේවල්. (ම)

:       0       0

ශාන්ත පත්මබන්දු Monday, 15 June 2015 07:57 AM

පව්! මට කතා කරගන්න අමාරුයි (ම)

:       0       0

බණ්ඩාර Monday, 15 June 2015 07:56 AM

මොනවර කරන්නද දැන් පුතාට නිවන් සුව !! අද උදෙත් අපි පෙ.ව.6.10 ඔතනින් අවේ. දෙමාපියන් මීට වැඩ සැලකිලිමත් වෙන්න ඕනේ පාසල් යන දරුවෝ කී දෙනෙක් නම් පාපුවරුවේ යනවා අපි දකිනවද ? මොකවත් කියන්නත් බැහැ වයසට වැඩි ඉලන්දරිකම .. මේවාට නීති හේ ගෙන එන්න ඕනේ (ම)

:       0       0

කැළුම් Monday, 15 June 2015 08:11 AM

දෙමව්පියෝ නෑනේ , ඒ ළමයා ළමා නිවසෙක හැදිලා තියෙන්නේ, ළමා නිවසේ පාලකයෝගේ වරද .අහිංසක ළමය (බ)

:       0       0

දිපාල් Monday, 15 June 2015 08:39 AM

පු පුතේ ඔයාට නිවන් සුව (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site