මාදනී මල්වත්ත යන මේ රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් යමක් කිවයුතු නැත. ඇය කවුද යන වග රංගනයෙන් ඇය අපූරැවට පෙන්නුම් කර තිබේ. ඒ විවිධ චරිත දෙස විමසා බලද්දී පසුගිය කාලයේ දී රංගන ක්ෂේත්‍රයට දායාද කළ දක්ෂතම ශිල්පිනියක ලෙස අතිශයෝක්තියකින් තොරව ඇගේ නාමය සඳහන් කළ හැකිය. විටෙක පෙම්වතියක / විටෙක මවක/ විටෙක බිරිඳක ආදී වශයෙන් විවිධ චරිත හැඩ කරන මාදනී යනු රංගනය අතින් පරිපූර්ණ නිළියක ලෙස හැඳින්වීම වටී. වත්මනෙහි "රන්ගිර" හැඩකරන අතරේ සැමියා සහ පුතු සමග එක්ව ඩෙංගු මර්දන දැන්වීමකට ද ඇය පෙනී සිටී. ඒ සියල්ලට සාපේක්ෂව අපි ඇය සමග පිළිසඳරකට එක්වෙමු. මාදනී ඔබගේ වෘත්තිය ? සම්පූර්ණයෙන්ම වගේ කැපකරන්නේ රංගනයට ඔබට ස්ථිර වෘත්තියක් කරන්න උවමනා නැතිද ? මේ කාලයේ හැටියට නම් සුදුසුකම් අනුව රුකියාවක් අත්‍යවශ්‍ය බව හැඟෙනවා. නමුත් සම්පූර්ණ වශයෙන් කාලය කැප වෙන්නේ රංගනයට නිසා වැඩිපුර අවශ්‍යතාව තිබෙන්නේ රංගනයටයි. ඔබේ නමෙහි තේරැම ? මනා දැනුමක්, ලොකු දැනුමක් ඇතිව තමයි කියවෙන්නේ මහා දැනුමක් තිබෙනවා කියල හිතනව ද ? සාමාන්‍ය පෙළ/ උසස් පෙළ සහ ඊළඟට සෞන්දර්ය සරසවි අධ්‍යාපනයත් ලැබුවා. ඒ සියල්ලට අමතරව දිනෙන් දින ලබන අත්දැකීම් මත දැනුවත් වන බව හැඟෙනවා. කෙසේ වෙතත් ඔබ වැඩිපුර හදාරලා තියෙන්නේ සංගීත අංශයෙන්. ඒත් ඔබ නියැළන්නේ රංගන ක්ෂේත්‍රයේ ? ඇයි එහෙම වෙන්නේ ? සංගීතය කියන දේ කුඩා කාලයේ ඇඟේ තිබුණු දෙයක්. ඒ දවස්වල පේරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූ ප්‍රසංග නරඹන්න තාත්තා මාව එක්කරගෙන ගියා. බොහෝ විට නැරඹුවේ නාට්‍යයයි. සංගීතයට හිත තිබුණටල උසස් පෙළ දක්වා සංගීතය කළාට රංගනය කියන අංශයට පුදුම ආසාවක් තිබුණේ. පසු කාලයක මහරගම තරැණා සේවා සභාවට ඇවිත් පාඨමාලාවක් හැදෑරීමත් සමග වේදිකාවට ඇවිත් රඟපෑමේ ඉඩකඩ ලැබෙනවා. ප්‍රසිද්ධ වේදිකාවට එන්න ලැබුණේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගේ "කනේරූ මල්" සමගයි. ඒ විදිහට ඔබගේ මුල්ම රංගනය පෙන්නුවාම ඔබට ඇතිවුණේ මොන වගේ හැඟීමක්ද ? ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑමට ලැබීමේ වාසනාවත් එක්ක ජයලත් මනෝරත්න නැමති ප්‍රවීණ කලාකරුවා මගේ හැකියාව හඳුනාගැනීම ඇත්තටම මා ලද භාග්‍යයක්. මගේ ජීවිතයට ලබා දුන් ඒ ලොකු අවස්ථාව නිසා එතුමාගේ නාමය සිහිපත් කළ යුතුමයි. දැන් සංගීතය විෂයයෙන් ඈත් වෙලා ද ? ඇත්තටම ඈත්වෙලා වගේ දැනෙනවා. මූලිකව සංගීතය හැදෑරුවට මගේ හැකියාව වැඩිපුර තිබෙන්නේ රංගනයට කියලා ඔප්පු කරන්න මට පුළුවන් වුණා. යොවුන් නාට්‍ය උළෙලවල සිට රාජ්‍ය නාට්‍ය උළෙල මෙන්ම ටෙලි සම්මාන උළෙලවලදී සම්මාන ලැබීමත් ඊට හොඳම උදාහරණය යි. ඇත්තටම මේ අවුරැද්ද මට සම්මානනීය වසරක් වුණා. මේ සම්මාන සමග අද ඔබ ගැන විශේෂයෙන් කතා වෙන්නේ"රන්ගිර" නාට්‍යයේ කරන චරිතය නිසයි. එහි ගොඩමුනේ මැඩම්ගේ චරිතය ගැන ඔබ හිතන්නේ කොහොම ද ? සෝමා ජයකොඩි මහත්මියගේ නවකතාවකට අනුව ඒ චරිතය පාඨකයා අතර මෙන්න මේ වගේ කියන අදහස තියෙන්න ඇති. ඒ නිසා තිලකා ගොඩමුනේ කියන්නෙ මේ වගේ චරිතයක් කියල මට පිටපත වෙතින් මැවුණා. ෂර්ලී. පී දෙලංකාවල අයියාගේ අධ්‍යක්ෂණයත්ල සහෝදර ශිල්පීන්ගේ සහයත් ආදී සියල්ල වගේම මේ චරිතය මවාගෙන ගෙදරදී කළයුතු හැදෑරීම් ද කළ බව කියන්න පුළුවනි. මෙවැනි චරිත සමහරු භාරගන්නේ බොහෝ දුරට හිතලා. චරිත රංගයෙන් පසුව සමාජය ඒ දිහා බලන විදිහ ගැන චකිතයක් ඇතිවුණේ නැද්ද ? ඇත්තටම නැහැ. මොකද නුසුදුසු දේ මේ චරිතයේ නැහැ. නමුත් දුෂ්ඨ ගතිවලට ප්‍රේක්ෂකයන් ටිකක් අකමැතියි. මම හිතන්නේ ඒ අකමැතිකම තමයි මම චරිතයට කළ සාධාරණය වෙන්නෙත්. මාදනී ඔබ කවුද ? ජීවිතේ හැලහැප්පිම් සමග ශක්තිමත්ව ජීවත්වෙන කෙනෙක්. මට අනාගතය ගැන බියක් නැහැ. මගේ අනාගතය පැහැදිලියි. හොඳ අනාගතයක් ඇති වග මට දැනෙනවා. ඒ අතින් මම වාසනාවන්ත කෙනෙක් කියලා හිතෙනවා. සැමියා කීර්ති කලා ක්ෂේත්‍රයෙහි ජනප්‍රිය චරිතයක්. කොහොමද ඔහුගේ හමුව ඇතිවෙන්නේ ? මට වඩා කීර්ති කලාවේ දැනුමින් සහ අත්දැකීම්වලින් පොහොසත්. තරැණසේවා සභාවේ සිටිය දී එයා රාජ්‍ය සම්මාන සහ යෞවන සම්මාන දිනූ ලොකු ඉතිහාසයක් ඇති කෙනෙක්. අපේ හමුව ඇති වෙන්නේ ඒ කාලයේදීමයි. එයා මේ දිනවල දීර්ඝ නාට්‍යයක් නිර්මාණය කිරීමේ කටයුත්තකට අත ගහලාග "මීයෝ නැතුව බැහැ" කියන ඒ නාට්‍යයේ මංගල දැක්ම තියෙන්නේ පෙබරවාරි දෙවෙනිදා සහ තුන්වෙනිදායි. පුතා, ඔබ සහ සැමියා මේ දිනවල දායකවන දැන්වීම ගැන කතා කළොත් ? පුතා නම් මීට පෙර දැන්වීම් ගණනාවකටම පෙනී සටියා. මේ දැන්වීමට කලින් අපි තුන්දෙනා සෝයාමීට් දැන්වීමකට පෙනී සිටියා. මේ දැන්වීම් කළේ ආර්ථික වාසිවලට වඩා සමාජ අවශ්‍යතාවක් හැටියට සමාජය දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි. ඔබ චරිත පිපාසයෙන් හඹා යන කෙනෙක් කිව්වොත් ? සහතිකෙන්ම ඔව්. මෙතෙක් කළ එකදු චරිතයකදී වත් මම මම වෙන්න ගියේ නැහැ. ඇත්තටම මම විවිධ චරිතවලට පිපාසයෙන් සිටින කෙනෙක්. රංගන ශිල්පිනිය කියන කෙනා ඔබ දකින විදිය ? නිළිය කියන චරිතයට අද වන විට ඒ නම භාවිත කරලා කරන වැඩ නිසා වපර ඇහැකින් බලන බව ඇත්ත. එවැනි අය පිංතූර වශයෙන් පළ කිරීම ඉතා වැදගත්. නැත්නම් නිළි පරපුරට ම එය කැළලක්. නමුත් රංගන ශිල්පිනිය කියන කෙනා ඇත්තටම ගෞරවාන්විතයි.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙය මට සම්මානනීය වසරක් වුණා. "මාදනී"
ඇලෙක්ස් ෆෙනෑන්ඩු Thursday, 05 January 2012 07:33 PM
ඔබ ප්‍රතිභා පූර්ණ නිලියක්. සුබ අනාගතයක්