මොරටුව රාවතාවත්තේ මැයි ගහකට නැඟ සිටි 50 හැවිරිදි පුද්ගලයකු පැය හතරකට පසුව දොඹකරයක ආදාරයෙන් බිමට බැස්ස වු බව පොලීසිය කියයි.
2004 සුනාමියේදී තමාට ලැබුණු ආධාර වංචා කළැයි ඔහු කියයි. ඔහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි ගහට ගිය මිනිහා දොඹකරෙන් බිමට
යෙනුක Tuesday, 29 October 2013 09:48 PM
එක මහා මෝඩ අදහසක් (ස)
රුවන් Tuesday, 29 October 2013 10:52 AM
මම හැමදාම බස් එකට නගින්නෙ මෙතනින්, ඒත් අද ඔහොම දෙයක් දැක්නෙ නැහැනෙ. දැන් 10.50යි. පැය 4ක් කියන්නෙ උදේ 6 විතර ඉදන් කියමුකෝ... මම 8ට බස් එකට නැග්ගෙ. (ස)
සුජීව Tuesday, 29 October 2013 11:03 AM
මල විකාර. ඔය වගේ අය තවත් ගහ උඩටම නග්ගවන්න ඕන. (ස)
ජයා Tuesday, 29 October 2013 04:24 PM
මමත් හිතා ගෙන ඉන්නේ අල්ලපු වත්තේ කොස් ගහට නැගල වරකාවක් තියෙනවා කඩා ගන්න. අහු උනොත් කියනවා වර්ජනයකට ගහට නැග්ග කියලා. (ස)
උපාලි Tuesday, 29 October 2013 11:06 AM
මොරටුවට ලී අත්‍යවශ්‍යයි නේ. පාර අයිනේ තිබෙන ගහ කප්පව ගන්න හිතුවද දන්නේ නැහැ. නැත්නම් අවුරුදු 9 කට පස්සේ සුනාමි ආධාර මතක් වුනේ මොකද? අනික, සුනාමි ආධාර වංචාවලට ගොදුරු වුණ ඔක්කොම ගත්තොත් ඒ සියලු දෙනාටම නගින්න නම් රටේ ගස් ටික මදිවෙයි. (ස)
කටුවල Tuesday, 29 October 2013 11:09 AM
රුවන්, ඔයා මීට පස්සේ බස් එකට නගින්න ඉස්සර වටේම ගස් උඩ බලන්න. (ස)
ශාන්ති Tuesday, 29 October 2013 11:43 AM
අපරාදේ ගහෙන් බිමට බස්සන්නේ නැතව ඉන්ඩ තිබුනේ. (ස)
මොහාන් Tuesday, 29 October 2013 11:52 AM
උඩ බලාගෙන ඉන්න කට්ටිය ගේ මූණු දැක්කම, මේ මිනිහ කරන චෝදනාව ඇත්තද කියලත් හිතෙනවා. (ස)
කුමාර් Tuesday, 29 October 2013 12:22 PM
සුනාමි ආධාර කෝටි ගණනින් වංචාකල, කිතුනු හා බෞද්ධ සම් පොරවාගත් ආගමික නායකයෝ කී දාහක් ලංකාවේ ඉන්නවද? (ස)
ගයාන් Tuesday, 29 October 2013 12:35 PM
අනේ පව් අහිංසක මිනිස්සු. දැන් කොතනද වංචාව නැත්තෙ. (ස)
කිත්සිරි Tuesday, 29 October 2013 12:41 PM
රුවන්, හරියට වට පිට බලලා නැහැ වගේ, උදේ 7 ටත් මොහු ගස උඩ හිටියා. (ස)
දොන්සේතං Tuesday, 29 October 2013 01:00 PM
ඔය රැවන් කොහේද උඩ බලන්නේ. හැමදාම මිනිහා බිම බලාගෙනම තමයි යනනේ. (ස)
මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 29 October 2013 01:12 PM
දොඹකරය සඳහා ගිය මුදල් සම්පුර්ණයෙන්ම මේ පුද්ගලයාගෙන් අය කරගන්න. (නි)
අචිනි Tuesday, 29 October 2013 02:00 PM
සුනාමි මුදල් වංචා කලේ කවුද කියලා අපි නම් දන්නවා. ඒත් කියන්න බයයි. (ස)
ජනක Tuesday, 29 October 2013 02:32 PM
මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා. (ස)
සුරංග Tuesday, 29 October 2013 03:42 PM
මැයි මාසේ උන දෙයක්ද මන්දා ? (ස)