IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මයිලෝ කුසලාන අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය හෙට සිට

අන්තර් පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරගමාලාව හෙට (26) දිවයිනේ මධ්‍යස්ථාන 16කදී ආරම්භ වේ. ඒ සඳහා පාසල් 350කින් කණ්ඩායම් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය පවසයි. මේ වසරේ පටන් තරගමාලාවේ වෙනසක් ඇති කරමින් සහභාගි වන පාසල් කාණ්ඩ දෙකකට වර්ග කර තිබේ. සිසුන් දහසකට වැඩි පාසල් ”ඒ” කාණ්ඩයෙන් ද, සිසුන් දහසකට අඩු පාසල් ”බී” කාණ්ඩයෙන් ද මෙවර තරග වදිති. තරග මාලාවේ මූලික වටය කොළඹ, කළුතර, ගම්පහ, හෝමාගම, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, අම්පාර, ත‍්‍රිකුණාමලය, යාපනය, රත්නපුර හා බදුල්ල යන මධ්‍යස්ථාන 16කදී පැවැත්වීමට නියමිතය. වයස 12න් පහළ, 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ යන කාණ්ඩ හතරකින් තරග මාලාව පැවැත්වේ. හෙට ආරම්භ වන තරග මාලාවේ මූලික වටය ජූනි 24 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහ තරග ලබන ජූලි 28, 29, 30 යන දිනවල පොලොන්නරුවේදී පැවැත්වේ. උතුරු හා නැගෙනහිර පළාතෙන් මෙවර පාසල් 15කින් කණ්ඩායම් ඉදිරිපත්ව සිටින බව සංවිධායකයෝ පවසති. වයස 12න් පහළ කණ්ඩයෙන් පාසල් 246ක් ද, 14න් පහළ කාණ්ඩයෙන් පාසල් 311ක් ද, වයස 16න් පහළ කාණ්ඩයෙන් පාසල් 219ක් හා 18න්පහළ කාණ්ඩයෙන් පාසල් 118කින් ද පරිදි මෙවර තරගාවලියට කණ්ඩායම් තරග වදිති. පසුගිය වසරේ මාතරදී පැවැති තරග මාලාවේදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල සුවිශේෂී දස්කම් දක්වමින් කාණ්ඩ හතරේම අවසන් මහ තරග සඳහා පිවිසෙමින් ශූරතා තුනක් දිනා ගැනීමට ද සමත් විය. තරග මාලාවේ ”බී” කාණ්ඩයේදී එප්පාවල සිද්ධාර්ථ විදුහල ශූරතා දෙකක් දිනා ගත්තේය. 21 වැනි වසරටත් අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියට අනුග‍්‍රාහය දක්වන නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් එහි සහකාර උප සභාපති නෝමන් කන්නංගර මහතා ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනි සෝමා මුණසිංහ මහත්මිය වෙත මෙවර තරගමාලාවේ අනුග‍්‍රහය නිල වශයෙන් ප‍්‍රදානය කළ අයුරු. නෙස්ලේ ලංකා සමාගමේ සහකාර උප සභාපති බන්දුල එගොඩගේ, කළමනාකරු (ක‍්‍රියාකාරකම් හා අනුග‍්‍රාහක) සජීව වික‍්‍රමසිංහ, පාසල් දැල්පන්දු සංගමයේ ලේකම් සුදර්මා ජයවර්ධන, තරග ලේකම් චම්පා රංජනී මහත්ම මහත්මීහු ද මෙහි වෙති.



අදහස් (0)

මයිලෝ කුසලාන අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය හෙට සිට

HFC Saturday, 26 May 2012 07:38 AM

අපි දන්නවා අපි තමයි දක්ෂයෝ ඒක අද ඊයේ නෙමෙයි 1995 ඉදන් වෙන දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 260 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site