IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මියන්මාර ගුවන් මගියකුට උඩු ගුවනේදී වෙඩි වැදිලා

මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි.

මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානය අඩි 3000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී පොළොවේ සිට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් යානය පසාරු කරමින් ගුවන් යානයේ ගමන් ගත් 27 හැවිරිදි මගියාට වැදී ඇත. එම අවස්ථාවේ යානයේ සිටි සියලු මගීන් ගණන 53 කි. වෙඩි උණ්ඩය වැදී ඇත්තේ මගියාගේ ගෙල ප්‍රදේශයට වන අතර ඔහුට බරපතල අනතුරක් සිදු නොවිණි.

මියන්මාර හමුදා ප්‍රධානීන් චෝදනා නගමින් පවසා ඇත්තේ ගුවන් යානයට වෙඩි තැබුවේ කැරලිකාරකාර කණ්ඩායම් බවය. මෙම සිද්ධිය හේතුවෙන් ලොයිකෝ වෙත ගුවන් ටිකට්පත් වෙන්කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර මියන්මාර හමුදා ගුවන් තොටුපොළ ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇතැයි මියන්මාර මාධ්‍ය පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (3)

මියන්මාර ගුවන් මගියකුට උඩු ගුවනේදී වෙඩි වැදිලා

අබිලින් Monday, 03 October 2022 05:08 PM

මියන්මාරයේ අඩි තුන්දාහක් ඉහළ අහසේ ගුවන් යානයක මගියෙකුට නොමැරෙන්න වෙඩිතැබුවා. ලංකාවේ පොලිසිය මංකොල්ලකරුට තියාගත නොහැකිව පාරේ යන බසයක ගිය තරුණියකට හිස පසාරු වෙන්න වෙඩි තැබුවා.

:       9       4

අබිලින් Tuesday, 04 October 2022 08:58 AM

ඩිස්ලයික් වලින් පේන්නෙ පොලිසිය කල වැඩේ හරි කියලා නේද

:       0       0

Bamunuarachchi Wednesday, 05 October 2022 06:38 AM

එහෙනම් බස් එකේ ගමන් කල මගියෙකුට අහක යන වෙඩිල්ලක් වැදීම පුදුමයක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site