IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මම පෙම්වතියක් ඒකෙන් ලැබෙන හයිය වචනෙන් කියන්න බෑ

2016-11-06-ent-79

ඇය වේදිකාවට පා තැබුවේ පාසල් අවධියේදීය. උසස් පෙළ කඩඉම පසුකරද්දීම ස්වකීය රංගන හැකියාව පෙන්වූ ඇය පළමු වේදිකා නාට්‍ය වන සින්දු කිරිල්ලි වේදිකා නාට්‍යයෙන්ම හොඳම නිළිය සම්මානයට පාත්‍රවූවාය එතැන් පටන් සිය රංගන කෞශල්‍ය වේදිකාව මත්තේ සජීවීකරණය කළාය. මේ කතාබහ මෙවර රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ තෙරුණි ආශාන්සා සමඟිනි.

 

ඉතින් තෙරුණි මොනවද මේ දවස්වල කරන්නේ?

2016-11-06-ent-78මේ දවස්වල නම් මම කැම්පස් එකේ අන්තිම අවුරුද්ද ඉන්න නිසා ඉගෙනීමේ වැඩවලට තමා මුල් තැනක් දීලා තියෙන්නේ.

 

නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මම රඟපාපු ‘වෙලාව කීයද’ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටය නියෝජනය කළා. ඊට පස්සේ මම නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වුණා. ඒකේදී තමා මට බුද්ධික දමයන්ත සින්දු කිරිල්ලි වේදිකා නාට්‍යයට කතා කළේ.

 

සින්දු කිරිල්ලි ඔබේ ජීවිතයේ හැරවුම් ස්ථානයක් වුණේ කොහොමද?

උසස් පෙළ විභාගයේ නාට්‍ය ප්‍රශ්න පත්‍රය හෙට නම් සින්දු කිරිල්ලි නාට්‍යයේ පුහුණුවීම් පටන් ගන්නේ අද. ඒත් මම ඒකට සහභාගී වුණා. ඒ 2011 අවුරුද්දේ. ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වුණේ මම. ඊට පස්සේ මට අන්ගාරා ගඟ ගලා බසී, මෙත්තාරා, රජා මං වහලා, මාරක ළිඳේ සවාරියක් කියන වේදිකා නාට්‍යවල රඟපාන්න හම්බවුණා.

 

ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණද?

ඔව්. මම එක ටෙලිනාට්‍යක රඟපෑවා. ඒක ඉදිරියේ විකාශය වෙන්න නියමිතයි.

 

වේදිකාවේ ඔබේ රඟපෑම් තරමක් ප්‍රචණ්ඩයි කියලා කිව්වොත්?

ඔව්. සමහර විට කොල්ලෙක් වගේ වේදිකාවේ මට ලැබෙන චරිත කරද්දී මට පොඩි කොලු ගතියක් තියෙනවා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒත් මගේ ගුරුවරයෙක් වන ප්‍රසන්නජිත් අබේසූරිය සර් මට කියන්නේ සර් මට කැමති වේදිකාව උඩදී විතරයි කියලා. මොකද? මම කෙල්ලෙක් වෙන්නේ වේදිකාවට නැග්ගම විතරයි කියලා.

 

ඔබට ඉතා හොඳ කටහඬක් තියෙනවා. ගායනය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?

තාම මට ඒ ගැන කිසි අදහසක් නෑ. මම මේ වෙනකොට සංගීතයත් හදාරනවා. මට ඕනේ සංගීතය වගේම නැටුම් ඉගෙන ගන්න.

 

තෙරුණි හිතන විදිහට මේ ක්ෂේත්‍රය තරුණියකට සුදුසුයිද?

මෙහෙමයි. මේ ක්ෂේත්‍රය කියලා එකක් නෑ. මේක නාට්‍යවලට විතරක් කියලා පොදු නෑ. බැංකුවක වැඩ කරන තරුණියකටත්, කඩේක වැඩ කරන තරුණියකටත් අයුතු යෝජනා එන්න පුළුවන්. ගෑනු අපි දැනගන්න ඕන කල්පනාවෙන් වැඩ කරන්න.

 

වේදිකා නාට්‍යයට උදාවෙලා තියෙන වර්තමාන තත්ත්වය ගැන අදහස මොකක්ද?

මම මේ ක්ෂේත්‍රයට ආවේ 2008 දී. මම ඉතින් මහා ලොකු දෙයක් දන්නේ නෑ. හොඳ තැනක තිබිලා අගාධයට වැටුණා කියලා කියන්න බෑ. මට දැනෙන විදිහට නාට්‍ය කලාව ලොකු තැනක නෑ. ප්‍රශස්ත මට්ටමක් නෑ. විනිවිදභාවයෙන් තොරයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා ලොකු හේතු සාධක නෑ. මේකට විධිමත් ක්‍රමයක් හැදෙන්න ඕන. දැන් අපේ පරම්පරාව වේදිකාව අතාරින්න සූදානම් නෑ. රජා මං වහලා නාට්‍ය ලබන අවුරුද්දේ පෙබරවාරිවල දිල්ලි ෆෙස්ටිවල් නියෝජනය කරන්න ලංකාවෙන් යනවා. ඒක අපිට ලොකු අවස්ථාවක්. නමුත් අපිට එහෙට යන්න අනුග්‍රහයක් නෑ තාම. අපි එහෙට ගියාට පස්සේ එහෙන් අපේ හැම වියදමක්ම දරනවා. ඉතින් මේ වගේ දේකට රජයේ මැදිහත් වීම් තියෙනවා නම් හොඳයි.

 

ආදරේ ගැන මොකද හිතෙන්නේ?

මම පෙම්වතියක්. ඒකෙන් ලැබෙන හයිය වචනෙන් කියන්න බෑ. එයා මාත් එක්ක කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක්.

 

ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?

හෙට ෂෝ එකක් තියෙනවා නම් අම්මා අද රෑ නිදිමරාගෙන ඇඳුම් හදලා දෙනවා. තාත්තත් එහෙමයි. වෙලාවක් බලන්නේ නෑ. මම පාන්දර 2ට 3ට මෙතනින් බහිනවා කිව්වත් තාත්තා ඇවිත් මාව ගන්නවා. මල්ලිත් නාට්‍ය ගැන මාත් එක්ක කතා කරනවා, එයාගේ දැනුම මට්ටමින්. තාත්තා පුහුණුවීම් බලන්න කොහොමත් එනවා. නාට්‍යයේ පළවැනි ෂෝ එක ගෙදර තුන්දෙනාම බලනවා. ළඟ පාතක ෂෝ තිබුණොත් ඒත් එනවා. තාත්තා නම් නෑදෑයින්ටයි, අහළ පහළ අයටයි ඔක්කොටම එන්න කියනවා.

 

අද මේ ඉන්න තත්ත්වයට එන්න ගොඩක් උදවු කළේ කවුද?

ගෙදරින් තමයි. ඒගොල්ලෝ නැත්නම් තෙරුණි කෙනෙක් නෑ. ඒ වගේම මට හම්බවෙච්ච ගුරුවරු. ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව කරද්දී මාත් එක්කම පිස්සු නටපු ගුරුවරු ටිකක් හිටියා. ඒගොල්ලෝ තමා මාව නාට්‍ය පැත්තට හැරෙව්වේ .ඒ වගේම ප්‍රසන්නජිත් අබේසූරිය, රන්ජිත් ධර්මකීර්ති, සෞම්‍ය ලියනගේ, කේ.බී. හේරත්, පියල් කාරියවසම් මේ ගුරුවරුන්ගෙන් අදටත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

පෞද්ගලිකව මම නිළිය කියන වචනෙට කැමති නෑ. රඟපෑම මම මගේ වෘත්තිය කරගන්න කැමති නෑ කොහොමත්. මම ඉස්සරහට ජොබ් එකක් කරනවා. අවුරුදු 24ක් අම්මවයි තාත්තවයි හූරගෙන කෑවා ඇති හිතෙනවා.

 

වේදිකාවේ ගෙවුණු කාලයේ අමතක කරන්න බැරිම සිදුවීම මොකද්ද?

සින්දු කිරිල්ලි නාට්‍යයේ මට හොඳම නිළිය සම්මානය හිමිවෙද්දී ඒක ගත්තේ මගේ තාත්තා. මම කැම්පස් එකේ නායකත්ව පුහුණු කඳවුරේ හිටියේ. මම වෙනුවෙන් සම්මානය ගත්තේ මගේ තාත්තා. තාත්තා මාලනී ෆොන්සේකා අතින් තමා සම්මානය ගත්තේ. තාත්තාට එදා ගොඩාක් සතුටුයි. කොහොම හරි මම නායකත්ව පුහුණු කඳවුර ඉවරවෙලා ගෙදර එද්දී තාත්තා ග්‍රාම සේවක මහත්තයව ගෙන්නලා, සාම විනිසුරු ඇවිත් මුළු ගමම පිරිලා. ලොකු උත්සවයක් තියලා තමා මාව ගෙදර එක්කගෙන ගියේ. අම්මා මට මල් බොකේ එකකුත් දුන්නා. ඒගොල්ලන් මම නිසා ගොඩාක් සතුටු වුණා එදා. මට නම් ගොඩක් ලජ්ජා හිතුණා.

 

තනූ

 

2016-11-06-ent-80



අදහස් (0)

මම පෙම්වතියක් ඒකෙන් ලැබෙන හයිය වචනෙන් කියන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site