නම?
ගම?
උපන් ගම මාතර. හැබැයි හැදුණේ කුරැණෑගල. දැන් පදිංචිය කොළඹ.
ඉගෙන ගත්තේ?
වයඹ රාජකීය විදුහල.
පවුලේ විස්තර?
අම්මා, තාත්තා, මල්ලියි, මමයි.
කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
2015 පැවති මිස් ක්වීන් ඔෆ් ඒෂියා තරගයෙන් කිරැළ දිනාගත්තාට පසුව තමයි මට ආරාධනා ලැබුණේ නාට්‍යවලට.
රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන හීනයක් තිබුණද?
අනේ නැහැ. එහෙම තිබුණේ නැහැ. මම ඉගෙන ගන්නේ ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන්. නමුත් මට මතකයි මම A/L කරන කාලේ නිකම් අම්මට කිව්වා මම නිළියක් වෙනවා කියලා.
උපේක්ෂා වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඔව්, මම රෑ රුජන කිරැළ දිනාගත්තට පස්සේ, නිල්වලා ආයතනයේ අධිපති උපුල් ජයසිංහ මහතාත්, ලලිත් වසන්ත මහතාත්, සඳුන් රාජකරැණා මහතාත් සහ සුජීව ප්‍රසන්න මහතාත් මට කතා කළා. ඔවුක් තමයි මට මේ චරිතය දුන්නේ. ඒ චරිතය මට හොඳටම ගැලපුණා.
ඒ චරිතය ලැබීම ගැන මොකද අද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. උපේක්ෂා කියන්නේ බොහොම අහිංසක ආදරය දිනාගන්න පුළුවන් චරිතයක්. ඉතින් ඒවගේ චරිතයක් ලැබීම මගේ වාසනාව.
උපේක්ෂා දුෂේනිට සමානද?
ඇත්තටම සමීපකම් තියෙනවා. මොකද උපේක්ෂාත් තාත්තට ගොඩක් ආදරෙයි. මමත් එහෙමයි ගොඩක් ආදරේ තාත්තට. නමුත් මේ දවස්වල නම් පොඩ්ඩක් වෙනස් වෙලා ආදරයකට මැදිවෙලා ඉන්නේ. හැබැයි ඒ මම නෙවෙයි උපේක්ෂා. එතැනදී නම් උෙප්ක්ෂා වෙනස්. උපේක්ෂා ගොඩක් අහිංසක හැමෝම එක්ක ආදරෙන් ඉන්න කැමති කෙනෙක්. මමත් එහෙමයි. ඉතින් සමානකම් තියෙනවා.
දැන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ දුෂේනිටද?
උපේක්ෂාටද? හ්ම්.... මේ දවස්වල නම් උපේක්ෂාට.
වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ කොයි වයස්වල අයගෙන්ද?
ගොඩාක්ම පුංචි ළමයින්ගෙන්. මොකද මාව මඟ තොටේදී දැක්කම මුලින්ම ඒ අය තමා මාව අඳුනගෙන අන්න අම්මේ උපේක්ෂා අක්කා කියලා පෙන්නන්නේ. ඒවගේම ලොකු කුඩා කට්ටිය මට ආදරෙයි.
ගෙදරින් ලැබෙන සහයෝගය?
අද මම මෙතන ඉන්නේ මගේ අම්මා තාත්තා නිසා. පුදුම සහයෝගයක් මට ලබාදෙන්නේ. මට තාමත් සියලු වියදම් කරන්නේ තාත්තා. ඒ වගේම මා එක්ක සියලු රෑපගත කිරීම්වලට මගේ අම්මා එනවා. ඉතින් එයාලා නැත්නම් අද මම මෙතන නැහැ.
කට කතා ගැන මොකද හිතන්නේ?
කට කතා හදන අයව වෙනස් කරන්න බැහැ. නමුත් මම ගත්ත්තොත් මම උගත් කෙනෙක්. ඒ නිසා මොළේ කල්පනා කරලා තමා වැඩ කරන්නේ. මොකද ජනප්‍රිය වෙද්දී මිනිස්සු බලන් ඉන්නේ කට කතා හදන්න. එතැනදි අපි හරියට හිටියත් කට කතා හදන්න පුළුවන් කෙනෙක්ට. මොකද ඉරිසියාවට සහ තරහට. ඒ නිසා මම උත්සහ කරනවා කට කතා හැදෙන්නේ නැති විදියට ජීවත් වෙන්න.
උපේක්ෂාට පස්සේ දුෂේනිව දකින්න පුළුවන් මොන චරිතයකින්ද?
මේ දවස්වල අලුත් නාට්‍යක වැඩ කරගෙන යනවා. ඒකත් නිල්වලා ආයතනයෙන් කරන්නේ. ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්.
මොකක්ද ඒකෙ දුෂේනිට ලැබුණ චරිතය?
ඒකෙ මම කරන්නේ පංචාලි කියලා ද්විත්ව චරිතයක්. සිංහල හා දෙමළ චරිතයක්. මට ටිකක් අභියෝගයක් වුණ චරිතයක් කිව්වොත් හරි. මොකද අහිංසක කෙල්ලෙක්ගේ චරිතයක් කරපු මට මේක අභියෝගයක්. හැබැයි මම ඒ අභියෝගය භාරගත්තා. කාවිංග පෙරේරා එක්ක තමා මම එහි රඟපාන්නේ.
සිනමාවට ආරාධනා නැද්ද?
නැහැ. තවම මට ආරාධනා ලැබුණේ නැහැ. මගේ තාත්තාත් කැමතියි මම සිනමාවට සම්බන්ධ වෙනවා දකින්න. ඉතින් මමත් ආසාවෙන් ඉන්නවා හොඳ නිර්මාණයකට දායක වෙන්න.
චරිත තෝරාගන්නේ කොහොමද?
මම කැමති ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් චරිත කරන්න. මොකද මම ප්‍රේක්ෂක ආදරයට ගොඩක් ආදරෙයි. ඉතින් එහෙම හොඳ චර?ිත ලැබුණොත් මම භාරගන්නවා.
ආදරය ගැන මොකද හිතෙන්නේ?
මම තාම විඳින්නේ අම්මගේ තාත්තගේ ආදරේ. වැඩිපුරම තාත්තගේ ආදරේ. ඉදිරියේදී මම හිතනවා මට ගැළපෙන ආදරයක් ලැබෙයි කියලා.
ක්ෂේත්‍රයේම කෙනෙක්ටද කැමති?
ඒක ඉතින් කියන්න බැහැ. ක්ෂේත්‍රයේම වුණත් නොවුණත් මට ගැටලුවක් නැහැ. නමුත් මම බලපොරොත්තු වෙන දේ තියෙනවානම්.
මොනවාද මුලිකවම බලපොරොත්තු වෙන්නේ?
විශ්වාසය සහ මාව තේරැම් ගැනීම.
දුෂේනිගේ අනාගත බලපොරොත්තු?
මම මිස් ක්වීන් ඔෆ් ඒෂියා තරගයෙන් කිරැළ දිනාගත් කෙනෙක්. ඉතින් මම කැමතියි ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබාදෙන්න. ඒ සඳහාත් මගේ අරමුණක් තියෙනවා. ඒ වගේම හොඳ කලා නිර්මාණ වලින් ඉදිරියට යන්න තමා බලපොරොත්තු වෙන්නේ.
ඒ කියන්නේ දිගටම කලා නිර්මාණවලින් දකින්න පුළුවන්.
ඔව් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මාව දකින්න ලැබෙයි. මොකද මම මේ ක්ෂේත්‍රයට පුදුම ආදරයක් තියෙන්නේ.
අවසාන වශයෙන් මොනාද කියන්න තියෙන්නේ?
උපේක්ෂට ගොඩක් අය ආදරෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ මමත් උපේක්ෂට ආදරය කරන හැමෝටම ආදරෙයි කියලා.
අනූෂා රණසිංහ
සේයාරූ - සුමුදු හේවාපතිරණ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මම උත්සහ කරනවා කට කතා නොහැදෙන්න ජීවත් වෙන්න