IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෙමරි චිප් පත මිනීමරුවන් අල්ලයි

උඩවලව පනහඩුවේ ධනවත් බස් හිමියා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනකු  නොවැම්බර් නව වැනි දා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රසාංග සංජිව ජිනදාස මහතා අද (24) සවස නියෝග  කළේය. මෙලෙස  රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කැරුණේ හමුදාවෙන් පැන ගිය සෙබළකු වන, ඇඹිලිපිටිය, ගල්වංගුව, ගුරුආර, දෙවැනි පටු මගේ පදිංචි ලියූප බණ්ඩාරලාගේ අජිත් බණ්ඩාර නොහොත් ගල්වංගුවේ අජිත්, උඩවලව කොළඹගෙ ආරේ පදිංචි අගලවත්තගේ ජගත් ඉන්දික කුමාර නොහොත් පොඩි පුතා, මුල්ඇඩියාවල, රිකිල්ල පාරේ පදිංචි කෝරලේ වාඩියගේ සමන්ත ජයසිංහ නොහොත් කණ්ඩු, සහ මිද්දෙනිය අඹගස් ආරේ, රුක්මල්ගහ පදිංචි වික‍්‍රමගේ රෝහණ වූහ. පසුගිය 13 වැනි දා  දින රාත‍්‍රීයේ උඩවලව පනහඩුවේ මද්දුම කංකානමලාගේ ලලිත්කුමාර (38) හෙවත් පුහුල්යායේ ගාමිණී, ඔහුගේ බිරිය රේන්දගේ ඉන්‍ද්‍රානි ඥානලතා (32), දරුවන් වන දිලාන් චතුරංග (14) සහ නදීකා සෙව්වන්දි (08) වෙඩිතබා ඝාතනය කිරිම සහ දේපොළ කොල්ලකෑම සම්බන්‍ධයෙන් මෙම සිවුදෙනා අත්අඩංගුවට ගත හැකිවූයේ පාරේ වැටී තුබූ ජංගම දුරකථනයක ‘මෙමරි   චිප්' පතක් නිසාය. සැකකරුවන් සන්තකයේ තිබී මෙම අපරාධයට යොදාගත් බව කියන ටී 56 ගිනි අවියක්, උණ්ඩ 15ක් , පතුරොම් කොපුවක් මියගිය ලලිත්කුමාර පැළද සිටි බව කියන පවුම් පහළොව හමාරක රන් මාලයක් සහ මියගිය නදීකාගේ රන් මාලයක් ද සොයාගෙන ඇත. තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරිමට පෙර උඩවලව ග‍්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය වසන්ත කුමාරසිරි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ. උඩවලව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාසේන පී ගමගේ මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධරයෝ සැකකරුවන් ඇඹිලිපිටිය අධිකරණය වෙත ගෙන එනු ලැබූහ. ඔවුනට නීතීඥ සහායක් නොතිබිණි.



අදහස් (0)

මෙමරි චිප් පත මිනීමරුවන් අල්ලයි

සෑම් Wednesday, 26 October 2011 09:24 AM

මුන්ට ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හොද නැද්ද

:       0       0

Ossan Salam - Doha Wednesday, 26 October 2011 10:27 AM

අපගේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලදරුවන්ට විශේෂයෙන් පුජිත සුන්දර මැතිතුමා සහ ඇහැලියගොඩ ස්ථානිධිපතිතුමාට අපි ආචාර කළ යුතුයි මෙවැනි අපරාධකාරයින් කොටු කළ පිනට

:       0       0

ඉන්දික රුශාන්ත Wednesday, 26 October 2011 11:51 AM

මුන්ට මිනිස් ජවිත ගැන වටිනාකමක් නැහැ තිරිසන්නු

:       0       0

විදුරංග විතානගේ Wednesday, 26 October 2011 11:57 AM

ආයුධ පෙන්නුවන්න අරන් යන්න අපරාදේ හිරේ දාලා කන්න දෙන එක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site