අයි. පී. එල්. තරගාවලියේ 53 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (7 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා ලකුණු 65 ක පහසු ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.
මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 93 සම්බන්ධතාවයක් ගොඩනැගීමට තරගයේ වීරයා බවට පත්වූ සචින් ටෙන්ඩුල්කාර් (48) සහ ඞ්වේන් ස්මිත් (47) සමත්වූහ.
පන්දු 28 කින් වාර්තා වූ ටෙන්ඩුල්කාර්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුලත්විය.
සිව් වැනියා ලෙසින් පන්දුයැවීම ඇරඹූ ලසිත් මාලිග ඕවර 3.2 ක් යවා ලකුණු 15 ක් දෙමින් එක් කඩුල්ලක් දවාගත්තේය.
පෙර තරගයේදී කොල්කටා පිල නියෝජනය කළ සචිත‍්‍ර සේනානායක හට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබිණ.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 170
(ඞ්වේන් ස්මිත් 47, සචින් ටෙන්ඩුල්කාර් 48, දිනේෂ් කාර්තික් නොදැවී 34, රෝහිත් ශර්මා 16, මිචෙල් ජොන්සන් නොදැවී 10, රයන් මැක්ලරන් 60/2*
කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 105
(මන්වින්දර් බිස්ලා 17, ජැක් කාලිස් 24, යූසෆ් පතන් 13, දේබ‍්‍රට දාස් 23, හර්බජන් සිං 27/3, මිචෙල් ජොන්සන් 13/2, ප‍්‍රගයන් ඕජා 23/2*
(*)
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුම්බායි පිලට ලකුණු 65 ක පහසු ජයක්