IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මනෝ වෛද්‍යවරයාට පහරදුන් අයිය- මලෝ අත්අඩංගුවට

 

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ පහර කෑමට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කල්‍යාණ තිස්ස නමැති වෛද්‍ය වරයකු වනඅතර ඔහු මුහුණේ තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (26) රාත්‍රියේ රාජකාරි නිමවා රෝහල් පරිශ්‍රයේ විලියම් ගොපල්ලව මාවතේ පිටවීමේ දොරටුව අසලදී එසේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

වෛද්‍යවරයා එම ස්ථානයෙන් ගමන් කරන විට රෝහල් ආරක්ෂක අංශ සමග ත්‍රී රෝද රථ රියදුරෙකු කිසියම් ආරවුලක් ඇති කරගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (3)

මනෝ වෛද්‍යවරයාට පහරදුන් අයිය- මලෝ අත්අඩංගුවට

බකල ජයා Monday, 27 January 2025 12:26 PM

ගතහැකි පාඩම: බීමතුන්ට මනෝ උපදේශන දීම විවේකීව සිටීමට මගකි.

:       0       9

Nbc රෝහිත Monday, 27 January 2025 01:55 PM

මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න එන්නේ මානසික අසනීප අය. ඒ අය එක්ක ගණුදෙනු කරනකොට පරෙස්සමින් කටයුතු කරන්න වෙයි. ඒ මිනිස්සු මොනවා කෙරුවත් නීතියෙන් යම් සහනයක් තියෙනවා අසනීපය නිසා.

:       7       2

බකල ජයාMonday, 27 January 2025 03:30 PM

මනෝ වෛද්‍ය උපදෙස් අරගෙන තියෙන්නේ ඉස්පිරිතාලේ ගේට්ටුව ළඟදී. තවත් පරිස්සම් වෙන්න වෙනවා, නැද්ද රෝහිත?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site