IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘මූන් එක්ක සාකච්ඡා ලක් සබඳතා ශක්තිමත් කළා‘

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන අතරතුර බැන් කී මූන් හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවූ බව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

මෙරට පානීය ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු අතර පානීය ජල ගැටළු වලදී ප‍්‍රධාන වශයෙන් දුප්පත් ජනතාවට මුල්තැන ලබාදී කටයුතු කරන බවත් ජනපති සඳහන් කළේය.

පානීය ජලය, කෘෂී කාර්මික, සෞඛ්‍ය ඇතුළු විවිධ අංශ සඳහා අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් නිලධාරීන් විසින් ජනපති දැනුම්වත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.

webpresident_201510601



අදහස් (0)

‘මූන් එක්ක සාකච්ඡා ලක් සබඳතා ශක්තිමත් කළා‘

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 October 2015 03:45 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ධනවත් රටවල ආධාරයෙන් බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ සහ ගැබිණි මවුවරුන්ගේ පෝෂණය සෞඛ්‍ය තත්වයන් හොඳින් තබා ගැනීම, බෝවෙන සහ බෝනොවෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම, එන්නත් දීම වැනි වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී. (ස)

:       0       0

බමුණු Tuesday, 06 October 2015 11:23 PM

මුන් එක්ක මොන සාකච්ඡාද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site