(අමදෝරු අමරජීව)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරුම් රථ පෙලපාලියට ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු චීනවරාය හා ත්‍රිකුණාමල පොලිසි විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය වු ස්ථානයේ ලබාගත් ඡායාරූප හා විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කරණු තිබේ.
පහර කෑමෙන් පසුව රථපෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පති වරයාට දුරකතයෙන්පැමිණිලි කළේය.
පසුව ත්‍රිකුණාමලය පොලිස් කණ්ඩායමක් තඹලගමුවට පැමිණ මත්ත්‍රිවරයාගේ පැමිණිල්ල සටහන් කරගැනිමෙන් පසුව අදාල පරික්ෂණ කටයුතු චිනවරාය පොලිසියට භාර දෙනු ලැබිය.
මේ අනුව චිනවරාය පොලිසිය අත් අඩංගුවට ගත් සිවු දෙනාගෙන් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකර පුර පදිංචිකරුවන් වන අතර අනෙක් තැනැත්තා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දෙදෙනා මනයාවෙලි හා සුමේධංකරපුර පදිංචිකරුවන්වේ.
COMMENTS
අත්අඩංගුවට පත් අයවලුන් විසින් සිදුකර ඇති දේ නීතියට අනුව වරදකි. නමුත් යුක්ති ධර්මයේ හැටියට නිවැරදි දෙයක්.
රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොන්ද කෙලින් තියාගෙන තහනම් සන්විදනයක සාමාජිකයන් සමරන එක නතර කලානම් ජනතාව මේවට මැදිහත් වෙන්න ඕනේ නැ, උන්ට කොන්දක් නැති නිසි ජනතාවට ඒවා නවත්වන්න වෙලා තියෙන්නේ.