
හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්‍වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස දොස් නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ද මතුවිය.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10 ක පමණ ඉඩමකට කිසිවකුටත් ඇතුළු නොවන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා තහනම් කර තිබියදී පිරිසක් එම ඉඩමට කම්බි ගසා තිබීම සොයා බැලීමට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි කියති
මෙ අතර එම ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවෝ පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්දා විරෝධතාවක් ද පැවැත්වූහ.
මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසීමකදී මසේ කිවේය.
“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි.එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි.
ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා.ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ.නමුත් එතැන යම් සිදුවිමක් වුණා..මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. එ්ක කාටවත් දෙන්න බැහැ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොහොය හතරයි
දීර්ඝකාලීන ප්‍රශ්නය විඳින්නට කටයුතු නොකිරීමෙන් තමයි මෙවැනි තත්ත්වයක් උදා වෙන්නෙ. ප්‍රා.ලේ නිවැරදිද ,ඇමති කියන කතාව නිවැරැදිද,දන්නෙ නැහැ,නමුත් ප්‍රා ලේ ඉරිදා එතනට ඒම ගැටලුවක් කියල මටනම් පේන්නෙ නැහැ. ඔයි පැත්තෙ මැති ඇමතිල නඩු කාරයන්ට හූ කියන්න වගේ ඒවට ප්‍රසිද්ධයි.
ප්‍රාදේශීය ලේකම්ට ඉරිදාද සදුදාද කියලා අදාල නැහැ ඔහුට රාජකාරි සදහා තමන්ගෙ බල ප්‍රදේශයේ ඕනම තැනකට යාමට කිසිම තහනමකුත් ඇත්තෙම නැහැ ප්‍රාදේශීය ලේකම් කියන්නෙ අදාල ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ බලධාරියා නිසා එතුමා ඉතාමත් නිවැරදිව කටයුතු කලා කියන්න පුළුවන් මෝඩ සබ්‍රියා සම්පූර්ණයෙන්ම වැරදියි කියන්න පුළුවන් මෙයට විරුද්ධව සියලු රජයේ නිළධාරින් හා සේවකයින් කටයුතු කරන්න ඕන
ෆෝන් හොරා
ඉස්සර ඔය තනතුර හැදින්වීම කලේ උප දිසාපති කියලා නැත්නම් සහකාර ආණ්ඩුවේ ඒජන්ත කියලා තමයි. ඒක AGA කියලත් හැදින්වූ නිසා ජනතාව තවමත් ඔවුන් අගය කරන AGA ඔෆිස් කියලා තවමත් කියන්නෙ හරිම සතුටින් තමා.මම කියන්න ගියේ ඒක නොවෙයි. ඔය සබ්‍රියා වගේ නිදහස් ලංකාවෙ මුලින්ම ඔය ආකාරයට උප දිසාපතිට තග දමා වැරදි පූර්වාදර්ශයක් දුන්නා කියන්නෙ 1976 වර්ෂයේ දෙතුන් දෙනෙකුගේ පුද්ගලික වාසිතකා දේව මල්ලි සෙවීමට වසා දැමූ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක උප දිසාපති කාර්‍යාලයක් විවෘත කිරීමට පැමිණි තවමත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී කෙනෙක් කියලා කියන්න පුළුවන් .එවැනි පූර්වාදර්ශයක් තියෙන නිසා තමයි පසුකාලීනව පැමිණි එවුනුත් ඒවා අනුගමනය කරන්නෙ කියලා හිතෙනවා
මේ වගේ හොර තක්කඩි පාදඩ දේශපාලනඥයින් වශයෙන් හඳුන්වා ගන්නා ජාවාරම් කාරයින් බලයට ගෙන ඵන්නේ මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සහය ලබාගැනීමේ අරමුණෙනි. මෙම ක්‍රමය වෙනස් නොකලොත් රටට අනාගතයක් නොමැත
ප්‍රාදේශීය ලේකම්ලා කියන්නේ ගම් මට්ටමේ දේශපාලන අතකොලු. ඒක නිසා මේවා ගණං ගන්න දේවල් නෙවේ
මෙයා දැන් රත්‍රන් ජාවාරම අතඇරලා ඉඩම් ජාවාරමට බැහැලද? ජනතාවාදී පාලනයක් ගේනකල් මෙහෙම තමා. කටුනායක අප්‍රසන්න විදියට හැසිරුණු කෙනාවත් තාම ගත්තේ නෑ නේද?
මේ රත්තරං හොරෙන් පන්නපු මෙයාට බය වෙන්න ඕනේද ප්‍රදේශිය ලේකම්ලා කණට එකක් දෙන්නයි තිබුනේ
පුත්තලමේ අපේ මිනිස්සු.... මේ අර රත්රන් ජාවාරම්කාරයා නේද? අපරාධකරුවන් මන්ත්‍රීල වෙලා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට තම සේවය කරන හැටි උගන්වන්න එනවා. සිංගප්පූරුව වැනි රටක නම් මොහු අද කොහෙද ඉන්නේ!!!. ලංකාව බංකොළොත්බව ලැබුව එක ප්‍රධාන හේතුවක්...... විනය නැති මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ ලැබීම....
මෙයා දන්නේ නැහැ ප්‍රාදේශීය ලේකම් කෙනෙකුගේ රාජකාරි වපසරිය . අනික මේ ෆොටෝ එකෙන්ම ඔප්පු වෙනවා මේක ප්‍රා ලේ ට තර්ජනය කරනවද නැතිද කියල . තමන්ගේ රාජකාරියට බාධාකලා කියලා උසාවි කෙස් එකක් ෆයිල් කළා නම් මේ බුරුව බලු කරන්න තිබුන .
මේ රට හදාගන්න නම්, වහාම මේ පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුයි. රාජ්‍ය නිලධාරියෙක් වැඩ කළ යුත්තේ, සතියේ දවස්වල විතරයි කියල නීතියක් නැහැ.
මෙන්න මේක තමයි ශ්‍රී ලංකන් මන්ත්‍රීලාගේ හැකියාව.. ඒ හැකියාවට ජනතාව දීලා තියන රැකියාව.. තග දාලා පුළුවන් තරම් දේවල් කඩා වඩාගන්න ගන්න...
බලාගෙන පරිස්සමට වාඩිවෙයන් මොකද උඹේ මොලේ තැලෙන්න පුළුවනි . ප්‍රාදේශීය ලේකම් තහනම් කළ ඉඩමක් නිරීක්ෂණය කරන්න එයාට යන්න බැරි ඔහේගේ මවුතුමිය හඳුන්වාදුන් නීතියෙන්ද ? මේවගේ අය නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව රාජකාරි කරන්න නිලධාරීන් එන්න විශාල මැලි කමක් දක්වනවා
මේ අර රත්තරන් හොරා නේද? මේකා වටින දුරකථන 99 ක් සහ රත්තරන් කිලෝ 9 ක් ගෙන්නලා රේගුවට අසුවෙලා දේපාලුවෙක්ගේ බලපෑමට ලක්ෂ 75 ක් දඩයක් ගහලා එළියට දැම්මා .. මෙයා හිරේ ඉන්න ඕනෑ.. ඒ මදිවට රජයේ ඉඩම් ටිකත් කොල්ල කනවා
ලේකම් වැරදියි. සබ්‍රි කියන්නේ රනිල්ගේ දකුණු අත වගේ.. වහාම ලේකම්ට පේදුරුතුඩුවට මාරුවක් දෙන්න.
මොවුන්ගේ ඇඟේම තියෙන්නේ රටේ දේවල් අනීතිකව අත්පත් කරගැනීම. ඒවට උඩගෙඩි දෙන නිවට පාලනයක් තියෙනකොට ඔවුන් තවත් දඟළනවා
මේ සඳහා ඊළඟ මැතිවරණයේ දී ඔය පැත්තේ ජනතාව මොහුට තම ඡන්දයෙන් තග දමා ගෙදර ඇරිය යුතුයි. නමුත් ඒවා නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් රාජ්‍ය නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීම නිසා මොහුට විරුද්ධව පියවර ගත යුතුයි.
අලී සබ්‍රි, තමන් තමුන්ගේ තරමට ඉදිමෙනවා නම් තමයි හොඳ. තමුසේ හොරෙක් නේ ඕයී, රත්තරන් හොරෙන් ගෙනාපූ එකා, ඉඩම් කොල්ල නොකා ඉඳියි ද? ප්‍රාදේශිය ලේකම් බය නැතුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් මිනිස්සු ඇව්ත් සබ්‍රීගේ ප්‍රස්නෙට උත්තරේ දෙයි.
ප්‍රාදේශීය ලේකම්ට ඉඩමට එන්න සබ්‍රිගෙන් අවසර ගන්න වෙලාද දැන්?
ෆෝන් හොරු නේ ...! වෙන කවර කතාද?
හෙට වෙද්දි ප්‍රා ලේ මාරු කරලා තියෙයි ද දන්නෙ නෑ. සමහරු හිතන්නෙ නිළධාරී තමයි වැරදි දේශපාලකයෝ හරි කියලනේ. එහෙම් අයට ටොක්කක් ඇනලා මේක පෙන්නන්න
මෙවැනි අය පාර්ලිමේන්තුවට පත්කර එවීම ගැන පුත්තලම් බූරුවන්ට මාගේ හදපිරි මෙව්වා එක. මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසීමකදී මසේ කිවේය. “මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි. එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. එයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවීම පමණයි."
අරගලයේදී පොලොන්නරුවේ වැරැදි කෙනෙක් තෝරාගෙන තියෙන්නේ... මේ වගේ අය ඉන්දැද්දී. මෙන්න මේකව නිට්ටඹුවේදී අහුවෙන්න තිබුණේ...
දැන් සබ්‍රියා කරන්නේ ලුණු බිස්නස් එකද? රත්තරන් , ෆෝන් බිස්නස් නවත්තලාද? කොහොම වුණත් මේ කොන්ද පණ නැති ප්‍රාදේශීය ලේකම්ටත් හොඳ වැඩේ... නිකන් මිනිහෙක් සමෘද්ධිය හදාගන්න ගිහින් ප්‍රශ්නයක් ඇහුවොත් ඇඟට ගොඩවෙන්න බලන් ඉන්න මේ වගේ රූකඩ නිලධාරීන් මේ වගේ තක්කඩි මන්ත්‍රීලා ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සේ ගහන් ඉන්නේ. නීතියෙන් බලයක් තියෙනවා රාජකාරියේ ඉන්න රාජ්‍ය නිලධාරීයකුගේ රාජකාරි වලට බාධා කරන අයකු අත්අඩංගුවට ගෙන නීතියෙන් දඬුවම් දෙන්න. ඒක නොදන්න මේ වගේ පිනෝකියෝලාට මේවා හොඳ වැඩ...
පුත්තලම කියන්නේ හොර ඉඩම් ගුහාවක්... රජයේ ඉඩම් අල්ලගෙන බොරු ඔප්පුවක් හදනවා. ඊට පස්සේ ඒක විකුණනවා. අවුරුදු කීපයකින් කීපදෙනෙක් අරගෙන... ඊට පස්සේ ඔප්පු පරණයි කියනවා. ආයේ කාටවත් එන්න දෙන්නේ නැහැ. පුත්තලමේ ඉන්න ලෝයර්ලා එන්න දෙන්නේ නැහැ. පුත්තලමේ ඉන්න අය තමයි ඔය හොර වැඩේට උදව් කරන්නේ..
පාර්ලිමේන්තුවේ ඉන්න මේ නූගත් අයට ඕන විදිහකට කරගන්න කියලා උගතුන්, බුද්ධිමතුන් සියලු දෙනා ලංකාවෙන් චුත විය යුතුයි.
අපි කොහොමද මේ පුද්ගලයා මූලිකව කරන දේවල් ගැන විශ්වස කරන්නේ..? මේ මන්ත්‍රි තමයි ලංකාවට, තමන්ගේ වරප්‍රසාද අවභාවිතා කරලා හොර රහසේ රුපියල් මිලියන ගණනක ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා බඩු ගෙනල්ලා ගුවන් තොටුපලේදී මාට්ටු වුනේ. ඉතිං මොවුන් හොරුනේ. ඉතිං මහජනතාව කොහොමද හොරෙක්ගේ මූලිකත්වයෙන් කියන කරන දේ විශ්වාස කරන්නේ...!
සබ්‍රියා හිතාගෙන ඉන්නේ පුත්තලමේ ඉඩම උගේ බූදලේ කියලා.මේ වගේ පුත්තලම් බූරුවන්ව දේශපාලනයෙන් තුරන් කළ යුතුයි .නීතිගරුක ශිෂ්ට සම්පන්න රටක නම් කරලා තියෙන දූෂිත වැඩවල හැටියට මෙළහකටත් හිරේට යවලා.
ආණ්ඩුවේ ඉහළ පුටුවලින් පහළ අයට සපෝර්ට් එකක් නැහැ. ඒකයි හැමතැනම අවස්ථාවාදීන්ට ඉඩ ලැබෙන්නේ...!
අඩෝ අපේ 'රත්තරන්' සබ්රිට මොකුත් කියන්න එපා