IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මන්ත්‍රී සබ්‍රිගෙන් ප්‍රා.ලේට තගක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්‍වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය  ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස දොස් නැගීම හේතුවෙන් එහි  උණුසුම් තත්වයක් ද මතුවිය.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10 ක පමණ ඉඩමකට කිසිවකුටත් ඇතුළු නොවන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා තහනම් කර තිබියදී පිරිසක් එම ඉඩමට කම්බි ගසා තිබීම සොයා බැලීමට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි කියති

 මෙ අතර එම ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවෝ පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  ඉකුත්දා විරෝධතාවක් ද පැවැත්වූහ.

මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසීමකදී මසේ කිවේය.

“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි.එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි.

ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා.ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ.නමුත් එතැන යම් සිදුවිමක් වුණා..මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. එ්ක කාටවත් දෙන්න බැහැ.

 

 



අදහස් (34)

මන්ත්‍රී සබ්‍රිගෙන් ප්‍රා.ලේට තගක්

Asela Monday, 27 May 2024 06:18 AM

තව පොහොය හතරයි

:       3       99

සෙනෙවිරත්න Monday, 27 May 2024 06:47 AM

දීර්ඝකාලීන ප්‍රශ්නය විඳින්නට කටයුතු නොකිරීමෙන් තමයි මෙවැනි තත්ත්වයක් උදා වෙන්නෙ. ප්‍රා.ලේ නිවැරදිද ,ඇමති කියන කතාව නිවැරැදිද,දන්නෙ නැහැ,නමුත් ප්‍රා ලේ ඉරිදා එතනට ඒම ගැටලුවක් කියල මටනම් පේන්නෙ නැහැ. ඔයි පැත්තෙ මැති ඇමතිල නඩු කාරයන්ට හූ කියන්න වගේ ඒවට ප්‍රසිද්ධයි.

:       0       97

Hanifa Monday, 27 May 2024 06:53 AM

ප්‍රාදේශීය ලේකම්ට ඉරිදාද සදුදාද කියලා අදාල නැහැ ඔහුට රාජකාරි සදහා තමන්ගෙ බල ප්‍රදේශයේ ඕනම තැනකට යාමට කිසිම තහනමකුත් ඇත්තෙම නැහැ ප්‍රාදේශීය ලේකම් කියන්නෙ අදාල ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ බලධාරියා නිසා එතුමා ඉතාමත් නිවැරදිව කටයුතු කලා කියන්න පුළුවන් මෝඩ සබ්‍රියා සම්පූර්ණයෙන්ම වැරදියි කියන්න පුළුවන් මෙයට විරුද්ධව සියලු රජයේ නිළධාරින් හා සේවකයින් කටයුතු කරන්න ඕන

:       0       138

Mangalika Monday, 27 May 2024 07:07 AM

ෆෝන් හොරා

:       0       98

Amith Sugathapala Monday, 27 May 2024 07:14 AM

ඉස්සර ඔය තනතුර හැදින්වීම කලේ උප දිසාපති කියලා නැත්නම් සහකාර ආණ්ඩුවේ ඒජන්ත කියලා තමයි. ඒක AGA කියලත් හැදින්වූ නිසා ජනතාව තවමත් ඔවුන් අගය කරන AGA ඔෆිස් කියලා තවමත් කියන්නෙ හරිම සතුටින් තමා.මම කියන්න ගියේ ඒක නොවෙයි. ඔය සබ්‍රියා වගේ නිදහස් ලංකාවෙ මුලින්ම ඔය ආකාරයට උප දිසාපතිට තග දමා වැරදි පූර්වාදර්ශයක් දුන්නා කියන්නෙ 1976 වර්ෂයේ දෙතුන් දෙනෙකුගේ පුද්ගලික වාසිතකා දේව මල්ලි සෙවීමට වසා දැමූ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක උප දිසාපති කාර්‍යාලයක් විවෘත කිරීමට පැමිණි තවමත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී කෙනෙක් කියලා කියන්න පුළුවන් .එවැනි පූර්වාදර්ශයක් තියෙන නිසා තමයි පසුකාලීනව පැමිණි එවුනුත් ඒවා අනුගමනය කරන්නෙ කියලා හිතෙනවා

:       0       41

GDS Bandara Monday, 27 May 2024 07:19 AM

මේ වගේ හොර තක්කඩි පාදඩ දේශපාලනඥයින් වශයෙන් හඳුන්වා ගන්නා ජාවාරම් කාරයින් බලයට ගෙන ඵන්නේ මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සහය ලබාගැනීමේ අරමුණෙනි. මෙම ක්‍රමය වෙනස් නොකලොත් රටට අනාගතයක් නොමැත

:       0       80

ධනා Monday, 27 May 2024 07:28 AM

ප්‍රාදේශීය ලේකම්ලා කියන්නේ ගම් මට්ටමේ දේශපාලන අතකොලු. ඒක නිසා මේවා ගණං ගන්න දේවල් නෙවේ

:       74       9

Bamunuarachchi Tuesday, 28 May 2024 09:03 AM

ධනා සබ්රිගේ හෙන්චියෙක් වගේ. ඔහොම හාල්පාරුවෝ ඉන්නවා.

:       0       0

ගාමිණි Monday, 27 May 2024 08:14 AM

මෙයා දැන් රත්‍රන් ජාවාරම අතඇරලා ඉඩම් ජාවාරමට බැහැලද? ජනතාවාදී පාලනයක් ගේනකල් මෙහෙම තමා. කටුනායක අප්‍රසන්න විදියට හැසිරුණු කෙනාවත් තාම ගත්තේ නෑ නේද?

:       1       75

සක්‍රයා Monday, 27 May 2024 08:26 AM

මේ රත්තරං හොරෙන් පන්නපු මෙයාට බය වෙන්න ඕනේද ප්‍රදේශිය ලේකම්ලා කණට එකක් දෙන්නයි තිබුනේ

:       0       73

Lalla Monday, 27 May 2024 08:26 AM

පුත්තලමේ අපේ මිනිස්සු.... මේ අර රත්රන් ජාවාරම්කාරයා නේද? අපරාධකරුවන් මන්ත්‍රීල වෙලා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට තම සේවය කරන හැටි උගන්වන්න එනවා. සිංගප්පූරුව වැනි රටක නම් මොහු අද කොහෙද ඉන්නේ!!!. ලංකාව බංකොළොත්බව ලැබුව එක ප්‍රධාන හේතුවක්...... විනය නැති මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ ලැබීම....

:       0       82

salman Monday, 27 May 2024 08:29 AM

මෙයා දන්නේ නැහැ ප්‍රාදේශීය ලේකම් කෙනෙකුගේ රාජකාරි වපසරිය . අනික මේ ෆොටෝ එකෙන්ම ඔප්පු වෙනවා මේක ප්‍රා ලේ ට තර්ජනය කරනවද නැතිද කියල . තමන්ගේ රාජකාරියට බාධාකලා කියලා උසාවි කෙස් එකක් ෆයිල් කළා නම් මේ බුරුව බලු කරන්න තිබුන .

:       0       76

Rasi Monday, 27 May 2024 08:36 AM

මේ රට හදාගන්න නම්, වහාම මේ පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුයි. රාජ්‍ය නිලධාරියෙක් වැඩ කළ යුත්තේ, සතියේ දවස්වල විතරයි කියල නීතියක් නැහැ.

:       0       70

sachith Monday, 27 May 2024 08:41 AM

මෙන්න මේක තමයි ශ්‍රී ලංකන් මන්ත්‍රීලාගේ හැකියාව.. ඒ හැකියාවට ජනතාව දීලා තියන රැකියාව.. තග දාලා පුළුවන් තරම් දේවල් කඩා වඩාගන්න ගන්න...

:       0       67

Faisal Monday, 27 May 2024 08:42 AM

බලාගෙන පරිස්සමට වාඩිවෙයන් මොකද උඹේ මොලේ තැලෙන්න පුළුවනි . ප්‍රාදේශීය ලේකම් තහනම් කළ ඉඩමක් නිරීක්ෂණය කරන්න එයාට යන්න බැරි ඔහේගේ මවුතුමිය හඳුන්වාදුන් නීතියෙන්ද ? මේවගේ අය නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව රාජකාරි කරන්න නිලධාරීන් එන්න විශාල මැලි කමක් දක්වනවා

:       0       74

Senarath Monday, 27 May 2024 09:11 AM

මේ අර රත්තරන් හොරා නේද? මේකා වටින දුරකථන 99 ක් සහ රත්තරන් කිලෝ 9 ක් ගෙන්නලා රේගුවට අසුවෙලා දේපාලුවෙක්ගේ බලපෑමට ලක්ෂ 75 ක් දඩයක් ගහලා එළියට දැම්මා .. මෙයා හිරේ ඉන්න ඕනෑ.. ඒ මදිවට රජයේ ඉඩම් ටිකත් කොල්ල කනවා

:       0       77

Shashika519 Monday, 27 May 2024 09:21 AM

ලේකම් වැරදියි. සබ්‍රි කියන්නේ රනිල්ගේ දකුණු අත වගේ.. වහාම ලේකම්ට පේදුරුතුඩුවට මාරුවක් දෙන්න.

:       13       35

රංබොඩ Monday, 27 May 2024 09:23 AM

මොවුන්ගේ ඇඟේම තියෙන්නේ රටේ දේවල් අනීතිකව අත්පත් කරගැනීම. ඒවට උඩගෙඩි දෙන නිවට පාලනයක් තියෙනකොට ඔවුන් තවත් දඟළනවා

:       1       54

Ruvan Monday, 27 May 2024 09:33 AM

මේ සඳහා ඊළඟ මැතිවරණයේ දී ඔය පැත්තේ ජනතාව මොහුට තම ඡන්දයෙන් තග දමා ගෙදර ඇරිය යුතුයි. නමුත් ඒවා නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් රාජ්‍ය නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීම නිසා මොහුට විරුද්ධව පියවර ගත යුතුයි.

:       0       51

බණ්ඩා Monday, 27 May 2024 09:37 AM

අලී සබ්‍රි, තමන් තමුන්ගේ තරමට ඉදිමෙනවා නම් තමයි හොඳ. තමුසේ හොරෙක් නේ ඕයී, රත්තරන් හොරෙන් ගෙනාපූ එකා, ඉඩම් කොල්ල නොකා ඉඳියි ද? ප්‍රාදේශිය ලේකම් බය නැතුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් මිනිස්සු ඇව්ත් සබ්‍රීගේ ප්‍රස්නෙට උත්තරේ දෙයි.

:       0       58

චතුර Monday, 27 May 2024 09:44 AM

ප්‍රාදේශීය ලේකම්ට ඉඩමට එන්න සබ්‍රිගෙන් අවසර ගන්න වෙලාද දැන්?

:       0       47

Amara Monday, 27 May 2024 11:18 AM

ෆෝන් හොරු නේ ...! වෙන කවර කතාද?

:       0       31

සෙනරත් Monday, 27 May 2024 11:41 AM

හෙට වෙද්දි ප්‍රා ලේ මාරු කරලා තියෙයි ද දන්නෙ නෑ. සමහරු හිතන්නෙ නිළධාරී තමයි වැරදි දේශපාලකයෝ හරි කියලනේ. එහෙම් අයට ටොක්කක් ඇනලා මේක පෙන්නන්න

:       0       21

LallaMonday, 27 May 2024 04:32 PM

දන්නේ නැහැ නොවෙයි දැනටමත් ලිපියේ අත්සන යොදා ඇති අද රාත්‍රියේ අදාල අයට ලැබේවි... එහෙම නැත්නම් බස්නාහිර පැත්තෙන් ඉර පායනවා සත්තයි.

:       0       5

sorisena Monday, 27 May 2024 11:46 AM

මෙවැනි අය පාර්ලිමේන්තුවට පත්කර එවීම ගැන පුත්තලම් බූරුවන්ට මාගේ හදපිරි මෙව්වා එක. මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසීමකදී මසේ කිවේය. “මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි. එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. එයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවීම පමණයි."

:       0       22

ජයනාත් Monday, 27 May 2024 12:00 PM

අරගලයේදී පොලොන්නරුවේ වැරැදි ‍කෙනෙක් තෝරාගෙන තියෙන්නේ... මේ වගේ අය ඉන්දැද්දී. මෙන්න මේකව නිට්ටඹුවේදී අහුවෙන්න තිබුණේ...

:       1       16

Ruwan Monday, 27 May 2024 12:25 PM

දැන් සබ්‍රියා කරන්නේ ලුණු බිස්නස් එකද? රත්තරන් , ෆෝන් බිස්නස් නවත්තලාද? කොහොම වුණත් මේ කොන්ද පණ නැති ප්‍රාදේශීය ලේකම්ටත් හොඳ වැඩේ... නිකන් මිනිහෙක් සමෘද්ධිය හදාගන්න ගිහින් ප්‍රශ්නයක් ඇහුවොත් ඇඟට ගොඩවෙන්න බලන් ඉන්න මේ වගේ රූකඩ නිලධාරීන් මේ වගේ තක්කඩි මන්ත්‍රීලා ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සේ ගහන් ඉන්නේ. නීතියෙන් බලයක් තියෙනවා රාජකාරියේ ඉන්න රාජ්‍ය නිලධාරීයකුගේ රාජකාරි වලට බාධා කරන අයකු අත්අඩංගුවට ගෙන නීතියෙන් දඬුවම් දෙන්න. ඒක නොදන්න මේ වගේ පිනෝකියෝලාට මේවා හොඳ වැඩ...

:       2       13

Kasun Monday, 27 May 2024 12:50 PM

පුත්තලම කියන්නේ හොර ඉඩම් ගුහාවක්... රජයේ ඉඩම් අල්ලගෙන බොරු ඔප්පුවක් හදනවා. ඊට පස්සේ ඒක විකුණනවා. අවුරුදු කීපයකින් කීපදෙනෙක් අරගෙන... ඊට පස්සේ ඔප්පු පරණයි කියනවා. ආයේ කාටවත් එන්න දෙන්නේ නැහැ. පුත්තලමේ ඉන්න ලෝයර්ලා එන්න දෙන්නේ නැහැ. පුත්තලමේ ඉන්න අය තමයි ඔය හොර වැඩේට උදව් කරන්නේ..

:       0       21

Perera Monday, 27 May 2024 12:55 PM

පාර්ලිමේන්තුවේ ඉන්න මේ නූගත් අයට ඕන විදිහකට කරගන්න කියලා උගතුන්, බුද්ධිමතුන් සියලු දෙනා ලංකාවෙන් චුත විය යුතුයි.

:       2       8

Ranjith Dissanayake Monday, 27 May 2024 01:29 PM

අපි කොහොමද මේ පුද්ගලයා මූලිකව කරන දේවල් ගැන විශ්වස කරන්නේ..? මේ මන්ත්‍රි තමයි ලංකාවට, තමන්ගේ වරප්‍රසාද අවභාවිතා කරලා හොර රහසේ රුපියල් මිලියන ගණනක ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා බඩු ගෙනල්ලා ගුවන් තොටුපලේදී මාට්ටු වුනේ. ඉතිං මොවුන් හොරුනේ. ඉතිං මහජනතාව කොහොමද හොරෙක්ගේ මූලිකත්වයෙන් කියන කරන දේ විශ්වාස කරන්නේ...!

:       0       23

ගමේ එකාලා Monday, 27 May 2024 02:31 PM

සබ්‍රියා හිතාගෙන ඉන්නේ පුත්තලමේ ඉඩම උගේ බූදලේ කියලා.මේ වගේ පුත්තලම් බූරුවන්ව දේශපාලනයෙන් තුරන් කළ යුතුයි .නීතිගරුක ශිෂ්ට සම්පන්න රටක නම් කරලා තියෙන දූෂිත වැඩවල හැටියට මෙළහකටත් හිරේට යවලා.

:       0       13

DushyanthaMonday, 27 May 2024 09:26 PM

මේ වගේ බූරුවෝ දේශපාලනයෙන් තුරන් කරන්න දෙයක් නැහැ මුන් කරන දේවල් නිසා මාලිමා එවුන්ට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න විල්ලුද මාර්ගයක් හැදෙනවා කියලා විශ්වාසයි

:       0       0

wimal Monday, 27 May 2024 02:44 PM

ආණ්ඩුවේ ඉහළ පුටුවලින් පහළ අයට සපෝර්ට් එකක් නැහැ. ඒකයි හැමතැනම අවස්ථාවාදීන්ට ඉඩ ලැබෙන්නේ...!

:       1       7

Dayasena Monday, 27 May 2024 03:24 PM

අඩෝ අපේ 'රත්තරන්' සබ්රිට මොකුත් කියන්න එපා

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 816 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 552 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2276 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2266 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 240 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2696 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site