IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්  සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දක්වමින් ඇමෙරිකාව ප‍්‍රමුඛත්වයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කළ යෝජනාවට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇතැයි තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් හා එහි හිටපු ඇමැති එම්.කරුණනිධි ප‍්‍රකාශ කර ඇති බව ඉන්දීය පි.ටී.අයි පුවත්සේවය වාර්තා කරයි.

 ජාත්‍යන්තරයේ සහයෝගයෙන් හෝ වේවා මොන යම් පරීක්ෂණ පැවැත්වුවත් දෙමළ ජනතාවට සිදුවුණ අවමානයන් හි අඩුවක් නැතැයිද,සම්මත කළ යෝජනාව වත්මන් ශ්‍රී ලංකා රජයේ උවමනාව මත සම්මත කළ එකක් මිස එරටේ දෙමළ ජනතාවගේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවු එකක් බවද තමිල්නාඩුවේ මහ ඇමතිනිය සහ හිටපු මහ ඇමැතිවරයා පෙන්වා දේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි යන්න බල කරමින් ලංකාවේ දෙමළ වැසියන් බහුතරයක් ජීවත් වන උතුරු පළාත් සභාව විසින් හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජය ඉකුත්දා සම්මත කර ගනු ලැබු යෝජනාවන් බැහැර කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත කර ගත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙන් හිරිහැර විඳි දෙමළ ජනයාට යුක්තිය ඉටුවී නැතැයි ද ඔවුන් පෙන්වා දේ.

 



අදහස් (0)

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

කල්ප Tuesday, 06 October 2015 07:15 AM

ජයලලිතාට නම් අපේ දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නම බැහැ වගෙයි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 October 2015 08:39 AM

මේ මිනිස්සුන්ගේ ආකල්ප කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කොහොම කළත් (බ)

:       0       0

වසන්ජය Tuesday, 06 October 2015 02:39 AM

ලලිතා අපිව රිදවනවා (නි)

:       0       0

මැගී Tuesday, 06 October 2015 03:07 AM

දැන් ලංකාවත් කන්නද කොහෙද හදන්නේ (නි)

:       0       0

සමන් Tuesday, 06 October 2015 04:13 AM

ජයලලිතාට විතරක්ය අපේ කට්ටියකටත් රිදිල තින්නේ.කරන්නම දෙයක් නැතුව බෝඩ් අල්ලන් කෑගහනවා නේද ? (ස)

:       0       0

නිශේන් Tuesday, 06 October 2015 04:48 AM

අනේ මෙයාට කටවහගෙන ඉන්නම බැරි හැටි (නි)

:       0       0

ධම්ම Tuesday, 06 October 2015 04:53 AM

ජයලලිතාත් අපේ ඇමති මණ්ඩලයට ඇතුලත් කරගත්තා නම් ඇයත් නිහඬ කරන්න තිබුනා. (ස)

:       0       0

චානක Tuesday, 06 October 2015 05:20 AM

කොහෙටද දන්නේ නැහැ රිදිලා තියෙන්නේ (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 10:43 AM

ජයලලිතා නෝනගේ සමහර ක්‍රියා නිසා දෙමල ජනතාවට කෙතරම් ආර්ථික පාඩු සිදුවුණාද. ඒ බව අමතක වෙලා වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site