ඇමරිකා මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඇතුළු නියෝජිතයන් පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවී පශ්චාත් යුද සමයෙන් පසු මෙර මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කතා බහ කළහ.
මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ කරුණු දැක්වීය.
ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා ඔවුනට දැන්වීය.
එක්සත් ජනපද මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ටොම් මලිනොවොස්කි මහතා ද අට පුද්ගල නියෝජිත පිරිසේ නායකයා විය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් පිරිස රුවන් හමුවෙයි
සුමුදු Thursday, 02 April 2015 03:22 PM
ඇමරිකාවේ කට්ටිය නම් මානව හිමිකම් අකුරටම රකිනවා ඇති නේද? (හේ)
සුමුදු හේවා Friday, 03 April 2015 06:14 PM
මානව හිමිකම් මහත්වරුනි, ඇමරිකාවේ නියමුවන් රහිත යානාවලින් හෙළන බෝම්බ නිසා මැරෙන පාකිස්තානයේ කිරි දරුවන්ට මානව අයිතිවාසිකම් නැත්තේ ඇයිදැයි කරුණාකර අපට පහදා දෙනවාද? කොටින් විසින් ලංකාවේ සිංහල ගම්පිටින් සමුලඝාතනය කරද්දීත් ප්‍රසිද්ධ ස්ථානවල බෝම්බ තබා දහස් ගණනින් ජීවිත බිලිගනිද්දීත් ඔබ හැම නිහඬව හිටියේ අපට මානව අයිතිවාසිකම් නැති නිසාදැයි ඔබ අපට පහදා දෙනවාද? (නි)
සුමුදු හේවා Friday, 03 April 2015 06:19 PM
ඇමෙරිකාවේ බලවතුන්ට වගේම අනෙකුත් කළු ජාතිකයන්ටත් ආදිවාසීන්ටත් ඉතා ඉහළින් මානව අයිතිවාසිකම් ලැබෙනවා ඇති නේද? එහෙම තියෙද්දිත් මයිකල් ජැක්සන් අපමණ වේදනාකාරී සැත්කමකින් සුදු හමක් බද්ධකර ගත්තේ මොකද දන්නේ නැහැ නේද? (නි)
අවන්ති Friday, 03 April 2015 09:54 AM
පුදුම ආදරයක් කරුණාවක්,අපේ රට ගැන.මේ අය සේරමලා එකතු වෙලා අපිට මානව හිමිකම් පෙන්වයි.බලාගෙන ඉමු.(හේ)
අපොන්සු Friday, 03 April 2015 12:50 AM
දැන් තමයි එයාලට අපේ රට ගැන මතක්වෙලා තියෙන්නේ (නි)
ශානක Friday, 03 April 2015 01:12 AM
ඒ මොකද එච්චර ආදරයක් අපේ රටට. (නි)
නාමල් Friday, 03 April 2015 02:52 AM
යුධ සමයේ හමුදාව අතින් සිදුවූ මානව හිමිකම් කඩවීම් වලට දේශීය පරීක්ෂනයකින් විසදුම් ලැබෙයි. මොකද එතැන වින්දිතයිනුත් අපේම සහෝදර දමිල ජනතාව. කොහොමත් අපි ඇමරිකාව වැනි දියුනු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමග මිතුරු විය යුතුයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපය, ඉන්දියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට උදව් කළේ. අපි සිටිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මේ රටවල් සමග විනා චීනය, රුසියාව වැනි අර්ධ ඒකාධිපති රටවල් හෝ උගන්ඩාව, ස්වාසිලන්තය වැනි දුප්පත් රටවල් සමග නොවේ. (නදී)
ප්‍රකාශ් Friday, 03 April 2015 03:58 AM
මේ රට විනාශ කරන ඔල මොට්ටල රැලක්. ඇමෙරිකාව කියන්නේ අනෙක් රටවල ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමයට අකුල් හෙලන රටක් බව දන ගත යුතුයි. (නදී)
පාලිත Friday, 03 April 2015 04:41 AM
අනේ නාමල්, ඔබ දන්නා දේශපාලනය! චීනය, රුසියාව වැනි රටවල් හිටියේ නැත්නම් අපිට වෙන දෙය බලාගන්න තිබුනා. (නි)