IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මානව හිමිකම් ප්‍රශ්නය බෙල්ල වටේ එතුණු හේතුව කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය බෙල්ල වටේ හිර වී ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දුවක් නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

යුද්ධය අවසන් කාලයේ සිදු වූ මානව හිමිකම් ගැන හොයන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැන්කි මුන්ට මහනුවර දී පොරොන්දු වූ  බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය රට පාවාදුන් උඩරට ගිවිසුම වගේ එකක් යැයි පැවසීය.

ඒ අවස්ථාවේ ප්‍රශ්නයෙන් බේරෙන්න මහින්ද රාජපක්ෂ මහතා කල් ගන්න හැදු බවත් ඒ ගිවිසුම අද දක්වා වගවීම් කියා බෙල්ල වටේ එතී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ගිය අවුරුද්දට වඩා මේ වසරේ දී ජාත්‍යන්තරයෙන්  රට අන්ත පරාජයක් ලබා ගෙන තිබෙන අතර එක මුස්ලිම් රටක් වත් ලංකාවට ඡන්දය ලබා දී නැතැයි කී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජිනීවා ප්‍රශ්නය ගැන  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

මානව හිමිකම් ප්‍රශ්නය බෙල්ල වටේ එතුණු හේතුව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site