ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනකුට ලබන මස 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අභියාචනාධිකරණය අද (19)නොතීසි නිකුත් කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කළ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට පොලිස් නිලධාරින් වරදකරුවන් කරමින් එම කොමිෂන් සභාව නිර්දේශයන් හා අදාල වාර්තා බලරහිත කරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරි මූණමල්දෙණිය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අද (19) අභියාචනාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මෙම නොතිසි නිකුත් කැරිණි.
අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ දේවිකා ද ලිවේරා ද තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ මෙහි වගඋත්තරකරුවෝය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කොමිසමේ 15ක් උසාවි කැඳවයි
ධම්මි Tuesday, 19 January 2016 09:44 AM
පොලිසිය ගහනෙකාට අවම බලය යොදා බේරෙන්න අයිතියක් මහ ජනතාවට නැද්ද (බ)
සරණපාල Tuesday, 19 January 2016 10:09 AM
මේ ගොල්ලෝ වැරදි කරනවා ඊට පස්සේ සාධාරණය ඉටු කරපු ආයතන වලට විරුද්ධව උසාවි යනවා. (ම)
සේන Tuesday, 19 January 2016 10:25 AM
ඕනෑම ප්‍රශ්නයක් අවුලට පත් කොට ඉන් මඟ හැර බැහැරවීම පහසුය (ම)