IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනු‍වන්ගොඩ කෙ‍ාරෝනා පොකුරේ තවත් අසාදිතයන් 14 ක් හඳුනා‍ගැනේ

 

(හර්ෂණ තුෂාර සිල්වා)


නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,089 ක් දක්වා ඉහළ ගියේය.

අද (9) පස්වරුවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට සහ ආශ්‍රිත පුද්ගලයන් 13 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මුල්වරට හඳුනාගත්තේ ඉකුත් (4) වැනිදා ය.

මේ වනවිට සොයාගෙන ඇති නව පොකුරට අයත් වයිරස ආසාදිත රෝගීන් අයි.ඩී.එච්, ඉරණවිල, මිනුවන්ගොඩ, ගම්පහ, මුල්ලේරියාව, තෙල්දෙණිය, හම්බන්තොට යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

මෙරටින් අද (9) පස්වරු 10 වනවිට හමු වූ මුළු වයිරස ආසාදිතයන්ගේ ගණන 4,523ක් දක්වා ඉක්ම ගොස් තිබූ අතර අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සහ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,214ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

වයිරසය ආසාදනය වී සුවය ලබා ඇති පිරිසගේ සංඛ්‍යාව 3,296 කි.

 



අදහස් (3)

මිනු‍වන්ගොඩ කෙ‍ාරෝනා පොකුරේ තවත් අසාදිතයන් 14 ක් හඳුනා‍ගැනේ

De Saturday, 10 October 2020 06:48 AM

දැන්වත් අප පරිස්සම් වීමයි කළ යුත්ත. අප ආරක්ෂා කළ හැක්කේ අපට පමණි.

:       0       2

හිරාන් Saturday, 10 October 2020 12:02 PM

තුනෙන් දෙකක් දුන්න බහුතරයකට පින් සිද්ද වෙන්න 'සර්' තාම සුවවිරු කොරෝනා මර්දන වන්නම නටන්න පටන් අරන් නෑ. ඡන්දයක් පේන පළාතක නැති නිසා මිනිස්සුන්ට හෙන ගැහුණත් කමක් නෑ කියලා දැන් කියන්නේ රටේ ආර්ථිකය අඩපණ වෙන නිසා රට ලොක් ඩවුන් කිරීමකට යන්න බෑ කියලා. ශවේන්ද්‍ර සිල්වා කියනවා තාමත් බ්‍රැන්ඩික්ස් පොකුර විතරයි තියෙන්නේ කියලා. හැබැයි රට වටේම මේ වෙද්දී ආසාධිත පුද්ගලයින් හමුවෙනවා. ගියපාර මීඩියා වල රඟපාන්න උන්නු සෞඛ්‍ය අංශයේ ලොකු ලොක්කන් ටික මේ වෙනකොට අයින් කරලා අලුත් මූණවල් ටිකක් දාගෙන. කමක් නෑ. 'සර්' පරිස්සමෙන් ඉන්න. අපි මැරෙන්නම්...

:       1       7

NM Saturday, 10 October 2020 05:14 PM

ලංකාවේ තිබෙන සියලුම ඇඟලුම් කර්මාන්ත ශාලාවල සිටින සියලුම සේවක සේවිකාවන් PCR පරීක්ෂණයක් වෙත යොමු කරන්න. ඔවුන් නැවතී සිටින්නාවූ නවාතැන්වල සහ ඔවුන් සමග සම්බන්ධකම් සේවා ස්ථානයේදී පමණක් නොව පොකට් මනි සොයා ගිය (සීමාවන් ඉක්මවා) පවත්වන ලද පිරිස් බොහෝ සිටින්නට පුළුවන. මේ පිළිබඳව සත්‍ය වසන් කරන පිරිස් නිසා වෛරසය නැවත නැවතත් මතුවීමේ අවදානමක් ඇත. සෑම සේවකයකුගේම දුරකථන දත්ත ලබාගෙන (පසුගිය සති 3ක කාලය තුළ) හැකි ඉක්මණින් අනෙක් පුද්ගලයන් (සැඟවී සිටින්නන්) කවුරුන්ද කියා සොයාගැනීමට පහසුවෙන්ම හැකියාව තිබේ. මෙම සමාගම්වල පහළම සේවකගේට ඉහළම නිලධාරියා දක්වා ඔවුන්ගේ දුරකථන දත්ත සොයාබැලීමෙන් සියලු ඇමතුම් සොයාගැනීමට හැකියාව පවතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31670 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site