ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
නිල නිවසේ සිවිලිම අස්සේ ගංජා පාර්සල් තොගයක් සඟවාගෙන තබාගෙන සිටියේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතාගේ එම නිල නිවස තවදුරටත් සෝදිසි කර විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් තිස්හතක් සහ විවිධ පොලිස් ස්ථාන වලින් තෑගි ලෙස ලබාදී තිබූ බව කියන පෙට්ටි (හැම්පර්) දහ අටක් සොයාගත් බව මොණරාගල මූලස්ථාන පොලීසිය පවසයි.
පොලිස් බාරයට ගත් මෙම තෑගි පෙට්ටි මෙම නව වසර උදාවීම නිමිතිකරගෙන ජනවාරි මස පළමුවෙනිදාජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පරිත්‍යාග කළ ඒවා බව පෙනී යන්නේ යැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිළ නිවස පිහිටි භූමියේ තිබී දැව කඳන් 5 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේවා සියල්ල නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොනරාගල එස්.එස්.පී නිවසින් තවත් භාණ්ඩ පොලිස් බාරයට
Perera Monday, 16 January 2023 06:14 AM
ඕක තමයි රාජපක්ෂ සංස්කෘතිය, ඔයාලා ඕන දෙයක් කරන්න අපි ඒවා හොයන්නේ නැහැ හැබැයි අපේ දේවල් ඔයාලා හොයන්නත් එපා.
C.K.Lankaputhra Monday, 16 January 2023 06:32 AM
මේ යකා නං තියන්ඩ වටින පොලිස් කාරයෙක් නෙවෙයි. පොලිස් කාරයෙක් නෙවෙයි පොලොස් කාරයෙක්.
Lalla Monday, 16 January 2023 07:22 AM
පොලිස් අධිකාරී වුනත් ජරාව පිලිවෙලට කන්න දන්නේ නැති කෙනෙක්.. අනික රටේ ඉහල රාජ්‍ය සේවකයන් අතර ඔය කියන භාණ්ඩ තොගය බොහොම සුළු දෙයක්. විදේශීය මත්පැන් බෝතලය කාකාසලත් දැන් ඉල්ලනවා කහ කොලේකුත් එක්කම ෆයිල් එකක් කාර්යාලය තුල ගෙනයන්න හෝ සොයාදෙන්න.