සියඹලාණ්ඩුව මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපාරැණි දැගැබේ කැණීම් කැරගෙන යද්දී තාරා දෙවඟනගේ බවට විශ්වාස කැරෙන කිරිගරුඬ පිළිමයක් සොයාගත් බවත් සෙන්ටිමීටර් දහයක් උසැති එම පිළිමය අනුරාධපුරයුගයේ 7/8 සියවස්වලට අයිති බව පෙනෙන බවත් මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. මුලින්ම ප්‍රකාශ වුයේ මෛත්‍රි බෝසතුන්ගේ වැනි පිළිමයක් සොයාගත් බවයි.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මනාභරණ සෑයෙන් තාරා දෙවඟනගේ ප්‍රතිමාවක්
නිහාල් චමින්ද Tuesday, 03 July 2012 12:03 PM
මොනවා කියන්නද මන්ද ..මටත් පිස්සු වගෙයි ...
නිරන් Tuesday, 03 July 2012 12:43 PM
මේ ආචාර්ය තුමා හොදයි කුඹුරු හාන්න
ජයවික්‍රම Tuesday, 03 July 2012 12:46 PM
මම සුජත් හේවගේ මහතාට ස්තුතිය පුදකරමි.. පාඨකයන්ට වැදගත් දෙයක් දීමට උත්සාහ කිරීම ගැන...
ගොවියා Tuesday, 03 July 2012 12:27 PM
මටත් නගුලට බදින්න හරකෙක් නැතුව හිටියෙ.... හික් හික් හික්
හෙළයා Tuesday, 03 July 2012 01:18 PM
ලංකාදීප පත්තරෙන් කරන පොඩි ඉල්ලීමක්. නිදන් සොරුන්ට සහ කෞතුකවස්තු සොරුන්ට ඒවා තියන තැන් පෙන්වාදීම නතර කරන මෙන් ඉල්ලාසිටිමි..අචාරිතුමාට දේශනයක් දෙන්න කව්රුත් නැතිනිසාද කොහෙද පත්තරේ කොමෙන්ට් දාන්නේ
මහාචාර්ය ලබුකරටිය මැතිතුමා Tuesday, 03 July 2012 01:29 PM
මටත් පිස්සු වගේ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 02 July 2012 08:26 PM
අපි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශේෂ ශාස්ත්‍රවේදී ගෞරව (ප්‍රථම පංති) උපාධියට බෞද්ධ කලා ශිල්ප හා පුරා වස්තු යන විෂය හදාරනකොට අපිට දේශන කළ කථිකාචාර්යවරිය මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ශිෂ්‍යාවක්.අපිට මතකයි ඇය නිරතුරුව ඇගේ විශ්වවිද්‍යාල ආචාර්යතුමා වූ මහාචාර්ය රාජ් සෝමදේව ගුරුතුමා පිළිබඳව ඉමහත් බැතිමත් සිතින් අපට කියාදෙනවා.මේ තාරා දෙවඟන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ ශක්ති ප්‍රතිමාවයි.අවලෝකිතේශ්වර යනු දිශාවන් අවලෝකනය කරන්නා යනුයි.එයින් අදහස් වන්නේ මේ බෝසතුන්ට සියළු දිශාවන් එක්වර දැකගත හැකි බවයි.වෙනත් විදිහකින් කිවහොත් සෑම කල්හිම සෑම තැනකම එක හා සමාන අයුරින් දර්ශනයවීමට හැකියි. එවිට බෝසතුන්ගේ පුරුෂ ස්වරූපයෙන් මහා ප්‍රඥාව නිරූපණය වන අතර තරා දේවියගෙන් නිරූපණය වන්නේ බෝධිසත්වයෙකුතුළ තිබිය යුතු මහා කරුණාවයි.මෙහිදී සැබෑම කාන්තාවක් වෙනුවට මෙහි සංකේතාත්මකව භාවාර්ථවත්ව කලාත්මකව චිත්ත සංකල්පයක් ඉදිරිපත් කෙරෙන බව කාරුණිකව සලකන්න.මේ ගැන ගැඹුරු පුරා විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ හැකි වුවද මෙහි දැක්විය යුත්තේ සරළ කමෙන්ට්ස් එකක් නිසා මෙතැනින් නතර වෙමි.තෙරුවන් සරණයි !!!
අනාචාර්ය හෙළයා Tuesday, 03 July 2012 02:03 PM
මටනං නිකං පිස්සු වගේ අනේ
පිලිපිනෝ Tuesday, 03 July 2012 02:24 PM
අනේ කවුරැහරි මට වතුර ටිකක් දෙනවාද? මට කලන්තෙ වගේ..!!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 July 2012 10:30 PM
ප්‍රසන්න ඔබ දක්වා ඇති පරිදි තාරා දේවඟන ප්‍රතිමාවෙන් මහා ප්‍රඥාව හා අවලෝකිතේශ්වර බෝසතුන්ගෙන් මහා කරුණාව නිරූපනය වන බව දක්වා ඇති සඳහන නිවැරදිය.ඒ අනුව මා ඉහත දක්වා ඇති සටහනේ ඒ කරුණ එපරිදි විය යුතුය. වරද නිවැරදි කිරීම පිළිබඳව ස්තූති වන්ත වෙමි. මෙහි අනෙක් සටහන් යොදා ඇති භවත්හු අතර පුරා විද්‍යා විෂය පිළිබඳව උනන්දුවක් දන්වන අයද සිටින බව වැටහේ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 02 July 2012 09:39 PM
මේ තාරා දේවියගේ ප්‍රතිමාවල මුද්‍රව ලෙස විතර්ක හා වර මුද්‍රව දැක්වේ. සංකේතය නම් උත්පලයයි.එසේම මෙම ප්‍රතිමා සුදු හා පළාවන් පැහැයෙන් දක්වා ඇත.මේ ප්‍රතිමාවල තාන්ත්‍රික වර්ණය නම් කළු,කහ සහ රතු වර්ණයි.මේ තාරා දේවියගේ ස්වාමියා වශයෙන් අවලෝකිතේශ්වර බෝසතුන් දැක්වේ. තාරා දේවියට පර්යාය වශයෙන් ජාඞ්ගුලී, ඒකජටා, භාකුටී, කුරුකුල්ලක වන නම් භාවිතා වේ. මැයට තාරා යන නම භාවිතා වන්නේ සංසාරයෙන් එතෙර වන්නී යන අදහස ඇතිවය. (@ තා ණිව් අච් ටාප්-තාරා) තාරාගේ සම්භවය පිළිබඳ විවිධ කතා ඇත. අමිතාභ බුදුන්ගේ ඇසින් නිකුත් වූ නීළවර්ණ රශ්මිකින් උපන්බව කියති. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ඇසින් වැටුණු කඳුළකින් පොකුණක් මැවුණු බවද මැය එහි හටගත් පද්මයකින් උපන්බවද කියති.සෑම ටිබෙට් ජාතිකයෙකුම උදේ හවස “ඕං මණි පද්මේ හුම්“ යන මන්ත්‍රය මතුරා තාරා දේවිය වන්දනා කරති.සියලුම යහපත් කාන්තාවන් මවන්නේ මැය බව ටිබෙට් ජාතිකයින්ගේ විශ්වාසයයි.සකල ලෝකයාගේම මව මැය බව මොන්ගාලියානු ඇදහීමයි.ආරම්භයේදී එකම තාරා බිසව කල්යාමේදී තාන්ත්‍රික දහමේ බලපෑම නිසා 1.සිත තාරා 2.හරිත තාරා 3.රක්ත තාරා 4.නීල තාරා වශයෙන් ප්‍රභේදවී ගොස් තිබේ.මින් බෝධිසතුන් හා සමඟ සිටිනුයේ සිත තාරා හා හරිත තාරා පමණි.සාධනයක විස්තර වන පරිදි සිත තාරා බිසවගේ දකුණු පස මාරීචි දෙවඟනද, වම්පස මහා මයුරී දෙවඟනද සිටිති. හරිත තාරා බිසව අන්සියල්ලටම වඩා ආදීතම යැයි කියති.ඈ එක් පයක් මඳක් නමා විවිධ ආභරණ සහ ඔටුන්නක් පැළඳ පද්මාසනගතව සිටින්නීය.ඇගේ කිරීටයෙහි අමෝඝ සිද්ධි බෝසතුන්ගේ ප්‍රතිමාවක්ද, නළලෙහි උර්ණ රෝමයක්ද ඇත.
ඉන්දි Monday, 02 July 2012 09:58 PM
මට නම් පිස්සු වගේ
දනා Tuesday, 03 July 2012 02:35 PM
ඉතා උසස් විස්තර කිරීමක් හේවගේ මහත්තයෝ.. ඔහොම යං...
සිල්වා Tuesday, 03 July 2012 03:31 PM
මමත් නිධානයක් සොයාගන්න උදව් කාරයෙක් නැතිව හිටියේ හේවගේ හවුල් කරගත්තනම් මමත් ගොඩ
ආර්එම්එස්කේ. Tuesday, 03 July 2012 02:54 PM
හේවගේ ලියල තියෙන දේවල්වලට ඔලුවත් කැරකෙනවා වගේ....
චතුල වෙරෝනා Tuesday, 03 July 2012 03:01 PM
මටත් පිස්සු වගේ
අමිලා Tuesday, 03 July 2012 03:52 PM
සමහර මිනිසුන් ඉගෙනගෙන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න බැරි උනාම මෙහෙම වෙනවා..මොකද මහන්සියෙන් ඉගෙන ගෙන ඉගෙන ගෙන කාට මේව එලි දක්කවන්නද?
ලලිත් Wednesday, 04 July 2012 05:11 AM
යමෙකු තම වරද පිළිගෙන එය නිවැරදි කිරීමත් අන් මත ඉවසීමට පුරුදුවීමත් ඉතා අගය කලයුතු වන අතර තමා සියල්ල දත් යයි සිතන්නා මෝඩයකු බවත් අප අසා ඇත. " මා හරි උගතා මා හරි ජගතා සිතන මිනිසා මෝඩයෙකි"
නාමල් Tuesday, 03 July 2012 03:49 PM
මහායාන සංකල්පය වතාවෙන් වතාව එනවා ලංකාවට.. ඒක ඇත්තටම නරක දෙයක්. ඒක බුද්ධ ධර්මයට මහා තර්ජනයක්. හාස්‍යයට ලක් කළ යුතු දෙයක් නෙවෙයි.. මිනිසුනේ මෙයට යමක් කල යුතුයි..
පොල් රාජ් Tuesday, 03 July 2012 07:00 AM
ස්තුතියි හේවගේ මහත්තයෝ. මේක හොද වැඩක් කරගෙන යන්න..
ලබුකරටිය Tuesday, 03 July 2012 04:07 PM
මනාභරණ පුරාණ රජමහා විහාරයේ ... ඉතිහාසය කියාදෙන්න ආචාර්යතුමො?
නගුල Tuesday, 03 July 2012 04:56 PM
මනාභරණ ගැන ගැඹුරු පුරා විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ හැකිද ??
රාධි Wednesday, 04 July 2012 09:09 PM
සමාජයට තමන් දන්නා දෙයක් කියා දීම පිලීබද සුජිත් මහතාට ස්තූතියි
ප්‍රසන්න Tuesday, 03 July 2012 09:13 AM
ගුරැන්ටත් අකුරැ වරදී කිවලු.. මහාචාර්යටනම් වරදිනවා අඩුයි.. නමුත් හේවගේට අද වැරදිලා.. අවලෝකිතේෂ්වර ප්‍රතිමාවෙන් නිරෑපනය වන්නේ කරැණාවයි.. ප්‍රඥාව නිරෑපනය වන්නේ තාරා දේවි ප්‍රතිමාවයි.. අපි නම් ඉගෙන ගෙන ඇත්තෙ එහෙමයි...
A.H.B.A.ලංකාධීර අතපත්තු Tuesday, 03 July 2012 05:24 PM
බොහොම හරවත් පැහැදිලි කිරීමක්,ඔබට බොහොම ස්තූතියි සුජිත් නිශාන්ත මහත්තයෝ.
පිටිගල Saturday, 11 June 2016 12:21 AM
රාධි සමඟ මමත් එකඟ වෙනවා (නි)
ගිරිගෝරිස් අප්පුහාමි Tuesday, 03 July 2012 09:57 AM
බොහොම ස්තුතියි සුජිත් මහත්තයෝ.. දැන් අපි මොකද කරන්න ඕන..??
පුලස්ති Tuesday, 03 July 2012 09:28 AM
ඉංග්‍රීසි සිංදු අහන, බටහිර තාලෙට කන බොන ලංකාවට වඩා පිටරටට ආවඩන අයට ඉතිං මේවා පිස්සු වගේ තමයි..
දයා සෞදි Tuesday, 03 July 2012 11:05 AM
මේවා සත්‍ය වශයෙන්ම මේ ලෝ තලයේ සිදුවූ දේවල්ද? නැත්නම් කල්පිත දේවල්ද? එසේත් නැතිනම් අතිශෝක්තියෙන් වර්ණනාකිරීමක්ද?
සංජීව බණ්ඩාර Tuesday, 03 July 2012 11:28 AM
මටනං මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ..
පුන්ච Tuesday, 03 July 2012 11:39 AM
මෙය ගොඩක් දේවල් දන්නවා ......අනේ මන්ද මෙයාගේ මොකක් හරි අවුලක් තියෙනවා ,,ඕන එකක්
මංඡුල බිරුට් Tuesday, 03 July 2012 12:02 PM
මටත් පිස්සු වෙෙග්
ලංකනාථ Wednesday, 04 July 2012 08:55 AM
ගිරිගෝරිස් වෙත, ඔබතුමාගෙ අදහස තමා හොඳම එක. කරන්න ඕනේ ඉතින් විරේඛය වෙන්න ඇති. ඔය කියන්නේ විරේඛ මුද්‍රාවද මොකක්ද කියලා.