(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් සමූහ මිනීවලේ කැණීම් කටයුතු පිළිබඳ මාධ්‍යට ආවරණය කිරීම සඳහා උදෑසන සහ සවස් කාලයේ දී පැය බාගය බැගින් වූ කාලය වෙන් කර ඇති බවට කැණීම් කටයුතු සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා කියා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
‘මෙම කැණීම් සිදු කෙරෙන ස්ථානයේ අපි විධිමත් පරික්ෂණයක් සිදු කරගෙන යනවා. එතනදී පරික්ෂණ වලට බාධා වන අයුරින් අපි මහජනතාවට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. ඒකේ බලය තියෙන්නේ පොලීසියට නමුත් පසුගිය කාලයේ දී විවිධ මාධ්‍යවල විශේෂයෙන් වගකීමක් නැති මාධ්‍යන් හි විවිධ කතා ගියා අපි මෙතනදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා වෙනස් වූ ආකාරයේ එමගින් අපේ පරික්ෂණ කටයුතු වලට බාධාවක් වුණා වැරදී අර්ථකතනයක් සමාජයට ගියා. ඒ නිසා පරික්ෂණ වලට බාධාවක් වේ යැයි යන අවදානම නිසා පොලීසියට දැනුම් දී පොලීසිය මාර්ගයෙන් අධිකරණ නියෝගයක් ගත්තේ නිසි අවසරයකින් තොරව සමූහ මිණිවලේ වාර්තාවන් මාධ්‍යට නිකුත් කිරීම තහනම් කරමින්.
කෙසේ වෙතත් අපි නැවත පසුගිය 21 වැනි දා සිට කැණීම් කටයුතු නැවත ආරම්භ කළා. එහිදී මාධ්‍යට නැවත මෙම ස්ථානයේ කැණීම් කටයුතු පිළිබඳව වාර්තා කිරීමට හැකි වන අයුරින් වේලාවක් සමඟ අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබෙනවා. මේ අනුව උදෑසන 10.30 සිට උදෑසන 11.00 දක්වා සහ සවස 3.30 සිට සවස 4.00 දක්වා කාලය තුළදී කැණීම් බාර නිලධාරීන්ට දැනුම් දී මාධ්‍ය කටයුතුවල නිරත වීමට හැකිය. යනුවෙන් ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු වගකීමක් ඇති මාධ්‍යවලට