මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ තිරුකේතිස්වරම් කොටසේ පරීක්ෂණ දුම්රිය ගමන් ඇරඹූ බව ඉදිකිරීම් භාර ඉර්කොන් සමාගම කියයි.
දැනට එම මාර්ගයේ දුම්රිය ගමන් කරනුයේ මඩු දක්වා පමණි. එතැන් සිට කිලෝමීටර් 26 ක් දුර තිරුකේතිස්වරම් දක්වා ඉදිකිරීම් අවසන් කර ඇත. ඒ අතර පිහිටි මුරුක්කන් දුම්රිය ස්ථානයේ වැඩද නිමකර තිබේ.
තිරුකේතීස්වරමේ සිට මන්නාරමට ඇත්තේ තවත් කිලෝ මීටර් 8 ක දුරකි. එම කොටසේ ඉදිකිරීම්ද අවසන් වෙමින් පවතින බව ඉර්කොන් සමාගම මන්නාරම දිසාපති මහින්ද දේශප්‍රිය මහතාට කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මන්නාරම් දුම්රිය මගෙත් වැඩ ඉවරයි
ඉසුරන්දි Thursday, 06 November 2014 08:34 AM
මට ආසාවක් තියෙනවා නිකමට කොළඹ ඉඳලා යාපනයටත්, මන්නාරමටත් ගිහින් එන්න දුම්රියෙන් කවදාවත් උතුරුකරයට ගිහින් නැති නිසා. (ර)
ගීත් Thursday, 06 November 2014 05:11 PM
ණයවෙලා හරි මේවා කළොත් තමයි අපේ ළමයි හරි මේ දුම්රිය වල යන්නේ. (නි)
මංගලී ෆොන්සේකා Thursday, 06 November 2014 09:48 AM
මේ සේරම ආසියානු බැංකුවෙන් කරන දේවල් .ලංකාවට ආධාර පිණිස කාගෙවත් බුදලය නෙමේ හොදේ .අනික නයට අරගෙන කරන්නේ .ගෙවන්නේ අපේ දරුවො තමයි (බ)
ඉමල්ෂා Thursday, 06 November 2014 07:05 PM
මොනතරම් සතුටුදායක ආරංචියක්ද? (නි)
අධිකාරී Thursday, 06 November 2014 08:27 PM
දකිනකොටත් හරිම ආසයි. දැන්මම යන්න හිතෙනවා (නි)
අජන්ත Thursday, 06 November 2014 08:32 PM
මම අන්තිමට මන්නාරම් ගියේ 1988දී විතර. දකිද්දී යන්න ආශා හිතෙනවා (නි)
රුමේෂ් Friday, 07 November 2014 11:05 AM
අපිට අඩු වියදමින් උතුරටම යන්න පුළුවන්.(හේ)
ජී. නන්දන Thursday, 06 November 2014 11:54 AM
ඉසුරන්දි එක්ක මාත් එනවා යන්න. මාත් ගිහිල්ලා නැහැ (නි)
වසන්ත Friday, 07 November 2014 12:05 AM
මන්නාරම් ගිනිවැල්ලේ කොණ්ඩය කඩාගෙන ඉන්න කුණ්ඩුමනීලා බලන්න යන්න පුලුවන් වෙයි නේද දැන් අපිට? (නි)
අශාන් Thursday, 06 November 2014 06:54 AM
බොහොම හොඳයි. සුබ පැතුම්! (නි)
සිල්වා Thursday, 06 November 2014 07:14 AM
ශ්‍රී ලංකාව දියුණුවෙන් දියුණුවට පත්වේවා!! පොදු දේපල රැකගැනීම අපි කාගේත් වගකීමක් (නි)
විජිත් Thursday, 06 November 2014 07:33 AM
රටේ වන සංවර්ධනය දැක සතුටුවිය හැක. 30 වසරක අවාසනාවන්ත යුගයකට පසු දැන් සතුටුවිය හැක .පසුගිය කාලය අමතක කරන්න එපා.ශ්‍රී ලංකාව තව තවත් දියුණු වේවා! (නි)
ශාන්ත Thursday, 06 November 2014 07:43 AM
මේ කරන දේවල් ඒ අයට මතක තිබුණොත් හොඳයි (නි)