IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්දපෝෂණය ගැන උත්තර දෙන්න ඇමැති නෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ අද පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය.

රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දින දෙකක් පුරා  සහ  පැවැත්විණ.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසිනි.

රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේ පිළිතුරු කතා පැවැත්වීමට වගකිවයුතු ඇමතිවරයකු නොසිටීම කණගාටුදායක කරුණක් බව රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විවාදය අවසානයේදී පැවැසුවාය.

මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පනහකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වෙනි තැන පසුවන බව යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. යුනිසෙෆ් සංවිධානය අනාවරණය කළ එම කරුණු පදනම් කරගෙන සමගි ජන බලවේගය පක්ෂය මෙම විවාදය ඉල්ලා තිබිණ.

 



අදහස් (7)

මන්දපෝෂණය ගැන උත්තර දෙන්න ඇමැති නෑ

Bamunuarachchi Wednesday, 07 September 2022 07:15 PM

මන්ද පෝෂණයට උත්තර දීලා වැඩක් නැහැ... කන්න දුන්නොත් වැඩ තියේවි..!

:       0       0

pakeer Wednesday, 07 September 2022 08:28 PM

ඕවා බාහිර බලවේග... අපේ රටේ ඕනෑතරම් කන්න තියෙනවා. ඕනෑනම් ඇවිත් ජනාධිපතිගෙන් අහන්න.

:       7       4

sweneThursday, 08 September 2022 06:07 AM

කතා කරන්නේ කුමකටද ? 2048දී අපි ණය නැති ජාතියක් බවටත් වෙනවා .

:       0       0

Perera Thursday, 08 September 2022 12:00 AM

ඇමතිලට මොලේ මන්දපෝෂණය තදින්ම බලපාලා.

:       0       8

LGPJ Thursday, 08 September 2022 05:59 AM

He is might be suffering from mal nutrition at this time.

:       0       4

chandima Thursday, 08 September 2022 06:07 AM

බුරියානි කාලා රටේ ම,මන්ධපෝෂණය ගැන විවාද කරනවා බලන්න ආසාවේ බැහැ

:       0       0

fairoos Thursday, 08 September 2022 11:59 AM

නන්දසේන එලෙව්වා වගේ පොහොට්ටුවේ සෙට් එකම යවන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site