IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී වාහන බලපත් විකිණුයේ‘යැයි ගොණුකළ පෙත්සම ඉවතට

(තිලිණි ද සිල්වා

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (15) තීන්දු කළේය.
 
පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.
 
වාහන බලපත් විකිණීම ගැන  පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ විරෝධතාව පිළිගනිමින් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
 
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා කැඳැවිණි.



අදහස් (13)

මන්ත්‍රී වාහන බලපත් විකිණුයේ‘යැයි ගොණුකළ පෙත්සම ඉවතට

නුවන් Thursday, 15 June 2017 12:16 PM

වාහන පර්මිට් වික්ක මැති ඇමති 100 දෙනෙකුගේ ලැයිස්තුවක් අන්තර්ජාලයේ තිබෙනවා ශ්‍රීලංකා මිරර් පත්‍රය බලන්න

:       14       1

dik Thursday, 15 June 2017 12:49 PM

කියන්න ගොඩක් දේ හිතට ආවත් අධිකරණයට අපහාස කිරීමට අකමැති නිසා කිසිවක් නොකියමි.

:       0       5

anura Thursday, 15 June 2017 01:03 PM

කොමිසමට විරුද්දව නඩු දන්නා තිබුනේ.

:       0       0

aravinda Thursday, 15 June 2017 01:06 PM

රටේ නීති බොහොමයක් හදල තියෙන්නේ පාලකයන්ගේ වාසියට.

:       0       4

Lapaya Thursday, 15 June 2017 02:11 PM

දැන් අතට අහුවෙන, ඇසට පේන, හැම දෙයක්ම සමග රටම විකුණන් කන එකේ වහාන පර්මිට් එක විකුණන් කාපු හම මොකද වෙන්නේ.

:       3       1

hewawitharana Thursday, 15 June 2017 07:55 PM

මේවා තේරුන් ගන්න එවුන්ට වැහි නැති ඒවා පාත්වෙයි

:       0       0

chaminda Friday, 16 June 2017 01:08 AM

මන්ත්‍රී පර්මිට් විකුනපු අයට දැඩි දඩුවම් පමුනවන්න. කිසිම සමාවක් දෙන්න එපා. සමහරු අවරුදු 5 ක් විතර ගිහින් මාර්කට් එකේ මිලට වාහනය විකුණලා අධික ලාබයක් ගන්නවා. ඒ මොහොතේදී ඔවුන්ගේ යුතුකමක් තියෙනවා බදු රහිත බව නිසා ඔවුන් උපයාගත් අමතර මුදලෙන් රජයේ බද්ද හැකි පමණින් ගෙවීමට. මේ ගෙනත් හොයා බලන්න. එසේ නොකරන අයට දැඩි දඩුවම් පමුනවන්න.

:       0       849

Sriya Friday, 16 June 2017 03:43 AM

අපි සල්ලි ටිකක් මහන්සියෙන් හම්බ කලොත් එකට PAYEE TAX ගෙවන්න ඕන. ආණ්ඩුවේ මන්ත්‍රීලා මිලියන ගණන් හොරට සල්ලි ගහනවා කිසිම ප්‍රශ්නයක් නැතිව. මේවට කවුද මොනවද කරන්නේ? දෙයියොම බලාගන්න ඕනේ.

:       0       6

Lal Friday, 16 June 2017 03:46 AM

ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනයකරමින් මේ කරන දහාජරා දේසපාලු ක්‍රමය වෙනස් නොකරනතුරු මෙවැනි දේවල් රටවැසියා බලාපොරොත්තු වියයුතුයි.පේනවා නේද නිතීයත් ක්‍රියාත්මකවෙන හැටි.

:       0       11

Chanak Los angeles Friday, 16 June 2017 05:43 AM

දේසපාලකයන් හෙර පොළොවේ පයගසා සිටින සියලුම මනුස්සයන් අරගන්න පඩිපත හා වරප්‍රසාද වල ඉහල වටිනාකමක් ඇත .

:       0       1

Lalith Perera Friday, 16 June 2017 08:21 AM

මේ ආකාරයට දේවල් වෙනවා නම් හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රමයක් ඉල්ලන එක හරි....

:       0       0

kasun Friday, 16 June 2017 09:01 AM

හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට යාමක් හා සමානයි !!

:       0       3

kumar (galf) Friday, 16 June 2017 03:56 PM

මොවුන්ට ඉතින් ඕනෑම දෙයක් කරලා බේරෙන්න පුළුවන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site