IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

 

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල්  ලක්ෂ 10ක්  දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ගෘහ  කාරක සභාවේදී මෙම  ප්‍රශ්නය සාකච්ඡා කෙරුණු  අවස්ථාවේදී  කතානායකවරයා මේ බව දැනුම්දී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.

පවතින ආර්ථිකය  තත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළගොස් ඇති හෙයින්  එම රක්ෂණ  මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු  රැසක් කතානායකවරයාට පෙන්වා දුන්හ.

මේ අතර සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවෙ දී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ඒ මහතාගේ පවුලේ උදවිය සඳහා රුපියල් කෝටියක වන්දි මුදලක් පිරිනැමීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගියදා තීරණය කෙරිණ.

අතුකෝරල මහතා වෙනුවෙන් සැළකියුතු වන්දි මුදලක් ලබා දෙන ලෙස මැති ඇමැතිවරු ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.



අදහස් (8)

මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

sujeewa Saturday, 29 October 2022 10:43 AM

සත 05ක් දෙන්න එපා. රටේ ජනතාව ගැන කිසිම හැඟීමක් නෑ...

:       0       19

අරගලයට ජය Saturday, 29 October 2022 11:05 AM

පොහොට්ටුවන් ටික හිතන්නේ මේ රටේ මිනිස්සු කියලා ඉන්නේ ඔවුන් ටිකයි, ඔවුන්ගේ පවුල්වල අයයි විතරයි කියලා, ඔවුන් ටික එකතුවෙලා ඇඟ බේරාගන්න ඇටවූ ජනාධිපති ලව්වා භාණ්ඩාගාරයට විදපු සල්ලි ටික මිනිස්සුන්ගේ සාක්කුවෙන් ගන්න බදු ගහනකොට රටේ මෙහෙම ආර්ථික තත්වයක් , 100% පැනපු අධි උද්ධමනයක් තියෙනවා. මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ කියන දේ අදාලම නැහැ.

:       0       16

Deepal Nirosh Saturday, 29 October 2022 12:07 PM

අපි වෙනුවෙන් අපි...නැතුව ඉතින් වෙන කවුද?

:       0       12

Gunarstne Saturday, 29 October 2022 12:30 PM

අනේ හොඳයි. එ අය හොඳට බලාගන්න.

:       3       6

ගමේ එකාලා Saturday, 29 October 2022 02:44 PM

එක්ව නැගිටින්න හදන වයසක උන්දැලාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතාගෙන ගත්තු තීරණයක් වෙන්ඩැති...

:       0       7

Rexi Saturday, 29 October 2022 03:22 PM

මේවට කියන්න වචන එනවා. ඒත් ඒවා ශිෂ්ඨ නැති හින්දා ලියන්නේ නැහැ.

:       0       12

Chathuri Saturday, 29 October 2022 05:13 PM

මේ ටික වටවෙලා. කැලෑ නීති රජාගෙන් ඉල්ලන්නේ ඔවුන්ගේ දෙවල් අඩුවක් නැතිව කරගන්න මේ රටේ ජනතාවගේ මුදල්. නඩේ කෙනෙක් මැරුණා නම්... කෝටි පහක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. රටේ මුදල් නොදී ඒ බර පටවන්නේත් ජනතාවට අලුතෙන් පත්වුණු රජ වාසලේ කවට අන්දරේ. රට වැසියාට කන්න නැහැ. මේ කවුරුවත් ඒ ගැන කතා කරනවාද? මන්ත්‍රිගේ රක්ෂණය මදි නම් බිරිඳව රට අරින්න ගෙවල්වල වැඩ කරන්න... මේ එන මැතිවරණයෙන්. මේ නාකි හිවල්ලු යවන්නම ඕනෑ. රටෙ ජනතාව සියලුම දෙනා එක්වෙන්න. නුගත් කට්ටිය සමහරක් හිතන්නේ... ඉන්න මයිනා හොඳයි... කියලා. මේක හොඳ නඩේට මිසක් ජනතාවට නෙමෙයි කියන එක පහදලා දෙන්න ඕනෑ. පැරදිලා ගෙදර යන්න බැහැ. මොවුන් ත්‍රස්තවාදී පනත යටතේ හිර අඩස්සියේ තියන්න ඕනෑ. මැරෙනකන්...

:       0       0

විපරමා Saturday, 29 October 2022 05:31 PM

හරි නම් කරන්න තියෙන්නේ රටම කාබාසිනියා කරපු දේශපාලුවන්ගේ සියලුම දීමනා, වරප්‍රසාද මේ වෙලාවේ කප්පාදු කරන එකයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site