බදුල්ල මැතිවරණ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාගේ රාජකාරියට බාධා කර මරණීය තර්ජනය එල්ල කළැයි සැකපිට අද උසාවියට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු ඌව හිටපු පළාත් ඇමැති අනුර විදානගමගේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහියංගනයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී පී රඹකැන්පුර මහතා නියෝග කළේය.
ඔවුන් සමඟ උසාවියට භාර වූ ව්‍යපාරික කසුන් සිල්වා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මන්ත්‍රී තේනුකට අයියාට ඇප : ව්‍යාපාරිකයා රිමාන්ඩ්
හේවා විතාරණ Saturday, 09 August 2014 06:39 PM
මුනිච්චාවට ව්‍යාපාරිකයා රිමාන්ඩ් , (දී)
ෂෙහාර් ඩේව්ඩ් Friday, 08 August 2014 02:15 PM
මේවාට හිනාවෙන්න නෙමෙයි, අපි ඉන්නේ කොතැනකද කියා සිතාබලන්න (නි)
මයුර Friday, 08 August 2014 02:18 PM
මාත් එකපාරක් මෙයාට ඡන්දෙ දුන්නා. මීටපස්සෙ නම් මෙයාලට ඡන්දෙ දෙන්නෙ නැහැ. (නි)
නිහාල් Friday, 08 August 2014 02:19 PM
ගරු ඡන්දදායකයිනි, ලබනවර මොවුන්ට ඔබගේ වටිනා ඡන්දය දීමෙන් වළකින්න. එය රටටත්,බාල පරපුරටත් ඔබ කරනා මහඟු පින්කමකි. (නි)
ලකී දොඩන්ගොඩ Saturday, 09 August 2014 08:29 PM
දේශපාලකයෙක් වීමේ බලගතුකම මෙයින්ම පෙනෙනවා (නි)
ෂෙහාන් Friday, 08 August 2014 03:58 PM
එතකොට මේ අයගේ අපේක්ෂකත්වය අහෝසි කරන්නේ නැත්ද?(අ)
චානක. Friday, 08 August 2014 04:39 PM
පිටරටවල නම් උසාවියකින් මේ වගේ නියෝගයක් කිසිවෙකුට හෝ දුන්නොත් කිසිතැනක (විශේෂයෙන් රජයේ) සේවයක් කිරීමට කවදාවත් නොහැකි වෙනවා..(අ)
ගමරාල Saturday, 09 August 2014 11:16 AM
මෙහෙම අයට තමයි අපි චන්දෙ දෙන්නේ (දී)
උදුම්බරා Friday, 08 August 2014 08:15 PM
දැන් ඉතින් නහයට උඩින් වතුර ගිහිල්ලා තියෙන එකේ මේ පාරත් එයාලටම දීලා දාමු (නි)
බමුණු ආරච්චි Saturday, 09 August 2014 12:07 AM
නීතිය හරියට ක්‍රියාත්මක විය යුතු වගේම නීතිය හරියට ක්‍රියාත්මක වූ බවත් අපිට පෙන්විය යුතුයි. (නි)
බමුණු ආරච්චි Saturday, 09 August 2014 12:12 AM
අපි නැතිවුණාට මේගොල්ලන්ට කතිරය ගහන්න ඕනෑ තරම් අය ඉන්නවා. ඒ මිනිසුන්ට ඡන්දය කියන්නේ කොලයේ කතිරයක් ගැසීම පමණයි (නි)
අමල් Saturday, 09 August 2014 12:14 AM
මදැයි ව්‍යාපාරිකයාට සිදුවුණ දේ? (නි)
බමුණු ආරච්චි Saturday, 09 August 2014 12:16 AM
අපි ඉන්නේ කොතැනකද කියා වගේම අපි ඉන්නේ කව්රුන් සමඟද කියාත් සිතාබලන්න (නි)
නන්ද Saturday, 09 August 2014 12:37 AM
දේශපාලකයන්ට හැමදා ලැබෙයි ඇප... මුදලාලිලට හිර ගෙදරත් ලැබෙයි සැප... කන්නේ අපියි හැමදාමත් උන්ගේ හප.... (නි)
සත්‍යයා Saturday, 09 August 2014 01:59 AM
හැම වැරදි කරන මිනිහටම ආණ්ඩුව සමාව දෙන්නේ නැති බව මේකෙන් ඔප්පු වෙනවා. ඇපට කැප වෙන්න තක්කඩි නිරන්තරයෙන්ම සුදානම් නමුත් ගෝලයින්ගේත් ගෝලයන්ට නොවෙයි. (නදී)
චනිල් Friday, 08 August 2014 11:09 AM
අපි එකටයි ඉල්ලන්නේ ..අපි එකටයි ගුටි දෙන්නේ ..එකටයි එලියට එන්නේ ...අයියා මල්ලි වාගේ// (නදී)
පිටබැද්දර ජයා Friday, 08 August 2014 11:33 AM
මදැයි ලොකු ලොක්කන්ට උදවු කරන්න ගිහින් ව්‍යාපාරිකයාට වුණ දේ? (නි)
උපුල් Saturday, 09 August 2014 02:54 AM
අහිංසක මනුස්සයෙක් මෙයාල කරපු වැරැද්ද කලා නම් ටිකක් කල්පනා කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඡන්දයෙන් තැනට යවන්න සුදුසුම කෙනා තෝරලා යවන්න ලාංකික මිනිසුනේ. (නදී)
සදුනි Friday, 08 August 2014 11:51 AM
දේශපාලන අදහස් කුමක් වුවත් නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි. (නි)
ෆෙඩ්රික් Friday, 08 August 2014 12:02 PM
පිළියන්දල පොලිසීයට වැඩේ බාර දුන්නා නම් උසාවියට ඉදිරිපත් නොකර ඉන්නවා (නදී)
ශාන්ත Friday, 08 August 2014 12:07 PM
හිනා යනවා මේවට (නදී)
කීර්ති Saturday, 09 August 2014 03:50 AM
ජනතාවනි දැන්වත් ඔබේ ඡන්දය හරියාකාරව මොලේ ඇතිව පාවිච්චිකරන්න,දැන් එ්කට සුදුසුම කාලයයි මේ...කැපුවත් කොළ,කැපුවත් නිල කියන අදහස්වලින් ඈත් වෙන්න .(අ)
රන්ජිත් Friday, 08 August 2014 12:18 PM
මෙයාලගේ උණට බෙහෙත් දෙන්න කවුරුත් නැත්නම් අපි සූදානම් ඒකට ඉන්ජෙක්ෂන් දෙන්න. (නි)
නුවන් Saturday, 09 August 2014 03:52 AM
මොලේ පාවිච්චි කරන්න. ව්‍යාපාරිකයා මන්ත්‍රී වෙනුවෙන් වරද බාර ගන්න යනවද දන්නේ නෑ. අහිංසක කාටවත් වරදක් නැති මන්ත්‍රී තුමා සහ අයිය නිදහස් වෙයි. ව්‍යාපාරිකයා හිරේ යයි. ඡන්දෙන් පත් වුණාම ව්යපාරිකයවත් හොඳට බලා ගන්න ඕනේ මන්ත්‍රී තුමෝ. ජය වේවා !!!(අ)
ප්‍රනාන්දු Friday, 08 August 2014 12:38 PM
හොඳ වැඩේ කියලා කියන්න තමයි තියෙන්නේ. හැබැයි මට පොඩි අපැහැදිලිකමකුත් තිබෙනවා. (නි)