IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මන්ත්‍රීවරු 13 ක් උතුරු මැද මාසික රැස්විම වර්ජනය කරති

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් සභාව සදහා නව අමාත්‍යවරුන් පත් කිරිමෙන්  පසුව අද (23) දින පැවැති මුල්ම මාසික රැස්විම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් 13 දෙනෙකු විසින්ම වර්ජනය කර තිබුණි.

එහෙත් උතුරු මැද පළාත් සභාවේ හයවැනි සැසි වාරයේ නවවැනි රුස්වීම  අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ පිහිටි රැස්වීම් ශාලාවේදි සභාපති ටි.එම්.ආර්.සිරිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන් වන කේ.එච්.නන්දසේන එච්.බී.සේමසිංහ ආර්.එම්.පි.බි.රත්නායක යන මහත්වරු ඉවත් කරන ලද අතර එස්.එම්.රංජිත් සමරකෝන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් පසුගිය දිනයේදි ඉල්ලා අස්වී තිබිණි.

එම පුරප්පාඩුවු අමාත්‍යධුර සදහා එම්.හේරත් බණ්ඩා සරත් ඉලංගසිංහ සුසිල් ගුණරත්න සහ සම්පත් ශ‍්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි යන මහත්වරුන්  පත් කරන ලදි. 



අදහස් (5)

මන්ත්‍රීවරු 13 ක් උතුරු මැද මාසික රැස්විම වර්ජනය කරති

Nandalal DE SILVA - France Tuesday, 23 May 2017 11:06 AM

හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ, දැන් හැම මගුලකටම වර්ජනේ ! දෙයියනේ කොහොමද අපේ රට සංවර්ධනය වෙන්නේ ? ඉදිරියට යන්නේ ? ඉස්සර කාලේ වර්ජන කලේ සාමාන්‍යයෙන් වැඩි වැටුප්, වැඩි පහසුකම් ඉල්ලන කම්කරුවන් වගේ අයයි. දැන් කාලේ වර්ජනය කරන්නේ මහජන නියෝජිතයෝ, අවුරුදු ගණනාවක් බදු ගෙවන්නන් දෙන මුදලින් ඉගෙනගෙන ජොස්තර උපාධිය ලබාගෙන ලෙඩ්ඩු මැරෙන්න ඇරලා පාරට බහින, ඒවගේම බදු මුදලින් ඉගෙන ගෙන තමන්ටත්, රටටත් සේවය කිරීමට ඇප කැපවී සරසවි ගොස් සිටින සිසුන්ගෙන් සුළුතර මී හරක් රංචුවක් නොවේද ? වසර දෙකකට පමණ වර්ජන, උද්ඝෝෂණ ආදිය තහනම් කර, රට සංවර්ධනය කිරීමට පුළුවන් වන නීති රීති ගෙන ඒමට දැන් කාලය එළඹී තිබෙනවා !!!!

:       6       2

dias Tuesday, 23 May 2017 11:38 AM

තව මාස 3 ඉන් පස්පසු ගෙදරම හිටිය හැකයි.

:       0       8

dias Tuesday, 23 May 2017 12:50 PM

ඔකෙන් තව 3 දෙනෙක්වත් පයිනවා.

:       0       0

saman Wednesday, 24 May 2017 01:36 AM

තිස්ගානක් ඉන්න සභාවක 5 දෙනෙක්ගේ කණ්ඩායමක් පාලන බලය ගෙනියන ලෝකයේ එකම ආයතනය

:       0       1

mahee Wednesday, 24 May 2017 04:59 AM

ඒ කට්ටියටත් ඇමතිකම් දෙන්න විදිහක් තිබුන නම් මේ ප්‍රශ්නය ඇති නොවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site