IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘මන්ත්‍රීවරුන් 225 වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම අනිවාර්ය කළ යුතුයි‘

(නිමල කොඩිතුවක්කු)
වත්කම්  බැරකම් ප‍්‍රකාශ  ප‍්‍රසිද්ධ කිරීම මන්ත‍්‍රීවරුන්  225 ටම අනිවාර්ය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ  මහතා පැවැසීය.
 

ජනතාවට වගකියන  පාර්ලිමේන්තු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කිරීමේ හැකියාවක් මේ මගින් ලැබෙන බවත් මන්ත‍්‍රීවරයා  සදහන් කළේය.
 
කොළඹ අරලියගහ මන්දිරයේ   අද(11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ  මහතා මෙසේද කීය.
 
යළිත් වතාවක් ඉන්ධන මිල  අඩු කරමින් අපේ ආණ්ඩුව ජනතාවට තවත් සහන ලබා දීලා තියෙනවා. ණය කන්දක් තියාගෙන පෙට‍්‍රල් ඞීසල් මිල පමණක් නෙමෙයි ගෑස් සිලින්ඩරයක මිලත්  තවමත් අපි රාජපක්ෂ රජයට වඩා අඩුවෙන් ලබා දෙනවා.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ  වත්කම්  බැරකම් ප‍්‍රකාශ පිළිබ`දව මේ දිනවල සාකච්ඡාවට ගැනෙනනවා.  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 ම  ජූනි 30 වනවිට පාර්ලිමේන්තු  මහලේකම්වරයාට වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදිය යුතුව තිබෙනවා.
 
මාර්තු 12 ව්‍යාපාරය හැටියටත් ස්වාධීන  මන්ත‍්‍රීවරුන් හැටියටත් වත්කම් බැරකම් ප‍්‍රකාශ  මහජනතාවට ලබාදිමට මම තීරණය කළා.  මේ වනවිට මන්ත‍්‍රීවරුන් 10ක් වත්කම් බැරකම් ප‍්‍රසිද්ධියට පත්කරලා තියෙනවා.  ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍ය එක් පියවරක් විදියට වත්කම්  බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ කිරීම අපි විශ්වාස කරනවා.
 
වත්කම්  බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ කිරීම මන්ත‍්‍රීවරුන්  225 ටම අනිවාර්ය කළ යුතුයි. එහෙම වුනොත්  තමයි මන්ත‍්‍රීවරුන්ගේ විනිවිදභාවය තව තවත් වැඩි වෙන්නේ. ජනතාවට වගකියන  පාර්ලිමේන්තු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිර්මාණය කිරීමේ හැකියාවක් මේ මගින් ලැබෙනවා යැයිද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය.

 

(වීඩියෝ හා ඡායාරූප -ඉෂාන් සංජීව ) 



අදහස් (5)

‘මන්ත්‍රීවරුන් 225 වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම අනිවාර්ය කළ යුතුයි‘

lakmal Wednesday, 11 September 2019 10:30 AM

ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. දේපොළ නෝනටයි, ළමයින්ටයි, මල්ලිටයි, නංගිටයි, මාමාටයි, ආච්ච්ටයි ලියලා තිබ්බම ඉවරයිනේ...

:       0       131

Samathasena Aluthgamage.. { University Of Sri Jayawardanapura. } Wednesday, 11 September 2019 11:34 AM

සත්‍ය වශයෙන්ම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාගත යුතුයි. කවුරුන් හෝ එසේ දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් සතු වත්කම් නීතිවිරෝධී ඒවා බවට වෙනත් සාක්ෂි අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් එසේ නොකරන්නන්ට රටේ පවතින නීතිය යටතේ දඬුවම් කොට වැඩිපුර ඇති වත්කම් රාජ සන්තක කළයුතුයි...

:       0       35

Chathuri Wednesday, 11 September 2019 11:40 AM

ඕවා පෙන්නුවයි කියල වැඩක් තියෙනවද? නීතිය ක්‍රියාත්මක වෙයිද? මහින්ද, නාමල්, යෝෂිත, බැසිල්, ගෝඨා, උදයංග, විමල් තව කොයිතරම් නම් ඉන්නවද? මන්ත්‍රීට එකපාරක් බොරුවට පෙනී සිටින්න කියනවා... ඊටපසු අවුරුදු 4කට නැවත ඡන්දෙ ළංවෙනකොට කැඳවනවා. හැම නඩුවම ඔයවගේ. 225 හේ නමුත් සාමාන්‍ය වැසියාගේ අකුරට මේ නඩේ... මෙතරම් දූෂිත වැඩ කරන්නේ. කට්ටියගේ පදේට නටන නිසා, මහින්දගේ නඩු අහන්නේ උසවියෙන්ද? නැහැ.. දේවාලේ කපු මහත්තයා..

:       17       11

parakumWednesday, 11 September 2019 04:27 PM

චතුරි මහත්මිය, ඔබගේ එඩිතර ප්‍රකාශය ගැන පසසමි. නමුත් තණකොළ බුදින එක සතෙකුටවත් එක්කෝ කරුණු කාරණා තේරෙන්නේ නැහැ. නැතිනම් උන් උගුරට හොරා බෙහෙත් කන බවකුයි ප්‍රකාශවන ඩිස්ලයික්වලින් පෙන්නුම් කරන්නේ...

:       0       0

sharm warn Wednesday, 11 September 2019 12:29 PM

අනේ ඒ අහිංසකයින්ට මොන දේපළද? ඒ ඈයෝ මේ සැදී පැහැදී මහජන සේවයට දිවා, රාත්‍රී නොබලා කැප වෙච්චි උදවිය කොට.. කඳ බඩ ආරලා ආවට හරියට කෑමක්, බීමක්වත් ගන්න උදවියද මං අහන්නේ..? ඒ උදවියගේ කැපවීම නිසානේ මේ රට මෙච්චර සුඛිත, මුදිත වෙලා තියෙන්නේ... පව් දෙයියනේ අසරණයන් ටික...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 54 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 24 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site