IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රීවරුන්ගේ ’’නොමිලේ ගෙවල්’’ ජුලිවලින් ඉවරයි.

(සුජිත් හේවාජුලිගේ )

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම්දී ඇත.

ඊට පසුව එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කෙරෙනු ඇත. ඒ නිවෙසක මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වේ.

එසේම මන්ත්‍රීවරුන්ට එම නිවාස මිලදී ගැනීමටද බලධාරීන් අවස්ථාව සලසාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කරගෙන ඇතැයි පවසන ආරංචි මාර්ග මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වේ යැයි සඳහන් කරයි.

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් දේපළ අහිමි වූ ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82කි. මින් සැලකිය යුතු පිරිසක් බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගෙන සිටිති.

 



අදහස් (7)

මන්ත්‍රීවරුන්ගේ ’’නොමිලේ ගෙවල්’’ ජුලිවලින් ඉවරයි.

jagath Saturday, 07 January 2023 11:03 AM

මේක තවත් මගඩියක් වගේ...

:       1       23

Buddika Saturday, 07 January 2023 01:44 PM

මේ නිවාස යොජනා ක්‍රමයේ නම අනුව නම් මන්ත්‍රීවරු මෙහි ගැලපෙන්නේ නැහැ. හේතුව මෙය ' වියත් පුර " ඒ කියන්නේ වියතුන් සිටින පුරය. මේ සමාන්‍ය පෙළවත් පාස් නැති මන්ත්‍රීවරු කොහොම ද මෙතන ඉන්නේ.

:       1       20

achini Saturday, 07 January 2023 04:27 PM

හරි නම් මේ සියලු වියදම් මහින්ද රාජපක්ෂගෙන් අයකරගත යුතුයි. මිනිස්සුන්ව කුලප්පු කරවලා රටම ගිනිතිබ්බේ ඔහුයි.

:       2       20

බස්ස Saturday, 07 January 2023 04:31 PM

හොරුන්ට ලොකු දඬුවමක් වගෙයි මේක. මොන බොරුද මේ කතා..? ඔය අයට සුදු හුණු ගාලා සුදු කරන්න බෑ..

:       0       9

Kapila Saturday, 07 January 2023 09:05 PM

මේ නිවාස සංකීර්ණයේ නම 'ගොන් පුර' කියල වෙනස් කරමු.

:       0       8

Bamunuarachchi Sunday, 08 January 2023 08:17 AM

ලයිට් බිල් වතුර බිල් ගෙවලාද ? ලක්ෂගනන්වලින් පොලු තියලාද කියා සොයා බලා ප්‍රසිද්ද කරන්න.

:       0       1

fairoos Sunday, 08 January 2023 02:03 PM

ඔය එන්නේ එළියට... මේ කාලකණ්ණින්ට නම් මොනදේ වුණත් සැප තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site